මෝටර් ඉන්ෂුවරන්ස් එකක් තෝරගන්න කලින් අනි

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෝටර් ඉන්ෂුවරන්ස් එකක් තෝරගන්න කලින් අනි



    ලංකාවෙ පාරක වාහනය ධාවනය කරන්න ඕනෙ නම් අපි අවම වශයෙන් තෙවැනි පාර්ශවය ආවරණය වෙන විදිහේ (Third Party) රක්ෂණයක්වත් ලබා ගත යුතුයි. අපේ රටේ බහුතරයක් දෙනා වාහනයක් මිලදී ගනිද්දි ගොඩක් දේවල් හොයල බැලුවට, තමන්ගෙ වාහනේට රක්ෂණයක් ගනිද්දි නම් වැඩිදුර හිතල බලන්නෙ නෑ. එක්කෝ තමන්ගෙ හිතවත්තු සහ යාලුවො රක්ෂණය වුණ ආයතනයකම තමන්ගෙ වාහනේත් රක්ෂණේ දානවා. එහෙමත් නැත්නම් ගාණ අඩුම එක හොයල බලල ඒ ආයතනය යටතේ වාහනය රක්ෂණය කරනවා. එච්චරයි!

    හැබැයි අපි කියන්නේ එහෙම කරන්න එපා කියලයි. තමන්ගෙ වාහනේට ගැලපෙන රක්ෂණ ආවරණයක් තෝරා ගැනීමේදී ඊට වඩා හොයා බැලිය යුතු දේවල් තියනවා. ඒ වගේම ඒ දේවල් නිවැරදිව හොයා බැලීම සඳහා උදවුවන අලුත් පහසුකමුත් මේ වෙද්දි තියනවා.


    හරි, අපි බලමු මෝටර් රථය රක්ෂණය කරන්න කලින් අපි හොයල බැලිය යුතු දේවල් මොනවද කියලා. :love::love::love:



    1. තර්ඩ් පාටි ද ෆුල් ඉන්ෂුවරන්ස් ද? :D:D:D:D


    Insureme-Motor-Insurance-Sponsored-aniwa-01a.jpg




    Source – PNGall
    මේක ඔයාගෙ අවශ්‍යතාවය, මුදල් වියදම් කිරීමේ හැකියාව සහ වාහන එළවීමේ ඉතිහාසය ගැන හිතල ගන්න ඕනෙ තීරණයක්. තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එකකට ගෙවන්න වෙන වාර්ෂික මුදල අනිත්වාට සාපේක්ෂව අඩුයි. ඒත් තර්ඩ් පාටි එකකදී රක්ෂණ ආයතනය විසින් ගෙවන්නේ ඔයාගෙ වාහනය නිසා වෙනත් කෙනෙකුට හෝ ඔහුට අයත් දේපලකට වන හානි වලට විතරයි. ඒකටත් යම්කිසි සීමාවන් තියනවා. ඔයාගෙ වාහනයට හෝ ජීවිතයට වෙන අලාභයකට, අනතුරකට මේ මගින් මුදල් ලබාගන්න හැකියාවක් නැහැ. හදිසියේ වාහනයට සිදුවෙන අලාභයකට වියදම් කරන්න වුණොත් ඔයාගෙ ආර්ථිකේ හිර වෙනවනම් ෆුල් ඉන්ෂුවරන්ස් (Comprehensive) එකකට යන එක වඩාත් ආරක්ෂාකාරී වේවි. ඔයාගෙ ආර්ථික තත්ත්වය, වාහන ධාවනය කිරීමේ ඉතිහාසය, වාහනයේ තත්ත්වය (අලුත්/පරණ) වගේ දේවල් සලකලා බලලා මේ තෝරාගැනීම කරන්න.



    2. ගෙදර පාවිච්චියටද? හයර් දුවන්නද? රෙන්ට් කරන්නද? :oo::oo::oo::oo:

    Insureme-Motor-Insurance-Sponsored-aniwa-02.jpg




    Source – geico.com
    මේක ගැනත් බලන්න ඕනෙ. දැන් සමහරු වාහන ගන්නේ තමන්ගේ පුද්ගලික පාවිච්චියට. තවත් සමහරු හයර් දුවන්න හෝ රෙන්ට් කරන්න හිතාගෙනයි වාහනයක් ගන්නේ. හයර් කරද්දි හෝ රෙන්ට් කරද්දි වෙන පුද්ගලයෙක් අපේ වාහනේ එළවලා අනතුරකට ලක්කර ගත්තොත් රක්ෂණ ආයතනය හරහා අපේ අලාභයට සරිලන වන්දිය නොලැබී යාමේ ඉඩක් තියනවා. ඒ නිසා හැමවෙලේම තමන් වාහනය භාවිතා කරන්නේ කුමක් සඳහාද කියන එක තේරුම් අරගෙන, ඒකට ගැලපෙන රක්ෂණාවරණයක් තෝරාගන්න මතක තියාගන්න.



    3. ගණන් මිනුම් සහ සේවාවන් සසඳලා බලන්න :frown::frown::frown:



    Insureme-Motor-Insurance-Sponsored-aniwa-03.jpg


    Source – nathansgibson.org
    වාහනයේ වටිනාකමට අනුව ඔයාට ගෙවන්න වෙන රක්ෂණ මුදල ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුලුවන්. මේ මිල ගණන් සසඳලා බලන්න. මිල අඩුවුණ පළියටම යම්කිසි රක්ෂණයක් තෝරගන්න යන්න එපා. ඒ මිල ගණන් යටතේ නොමිලේ ලැබෙන රක්ෂණ ආවරණ සහ සේවාවන් ප්‍රමාණය ගැන හොයල බලන්න. ෆුල් ඉන්ෂුවරන්ස් එකකට වුණත් ආයතනයෙන් ආයතනයට හිමි වෙන සේවාවන් සහ ආවරණයන් ප්‍රමාණ වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා තමන් ගෙවන මුදලට වැඩිම සේවාවක් සහ ගැලපෙන ආවරණ ප්‍රමාණයක් ලබාදෙන ආයතනයක් තෝරා ගන්න බලන්න. ආයතනයෙන් ආයතනයට ගිහින් රස්තියාදු වෙන්නේ නැතිව මේ තෝරාගැනීම කරන්න පුලුවන් ක්‍රමයකුත් දැන් ඇවිත් තියනවා. ඒ තමයි InsureMe.lk කියන වෙබ් අඩවිය. මේ අඩවියට ගොඩ වැදිලා, ඔයාගෙ වාහනය ගැන තොරතුරු ලබාදීල, ඔයාට පුලුවන් ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් වලින් ලැබෙන රක්ෂණ ආවරණ වල මිල ගණන් සහ සේවාවන් සසඳලා බලන්න. නොමිලේම ලැබෙන මේ පහසුකම හරහා හොඳ තෝරාගැනීමක් කරන්නට වගේම, අවශ්‍ය නම් මේ වෙබ් අඩවිය හරහා රක්ෂණ ආවරණයක් මිලදී ගන්නටත් පුලුවන්.



    4. ලැබෙන වාසි සහ මිලදී ගත යුතු අමතර ආවරණ ගැනත් බලන්න :yes::yes::yes::yes:


    Insureme-Motor-Insurance-Sponsored-aniwa-04.jpg




    Source – news.yahoo.com
    අපි කලිනුත් කිවුවනෙ ආයතනයෙන් ආයතනයට සපයන සේවාවන් ප්‍රමාණ වෙනස් වෙනවා කියලා. සමහරු වාහනයක් හැප්පුන අවස්ථාවකදී වාහනේ හදාගන්නකම් දුවන්න වෙනත් වාහනයක් අපිට දෙනව. තවත් සමහරු ඒ සඳහා යම්කිසි මුදලක් අපිට ලබා දෙනවා. සමහර ආයතන අනතුරකදී එයාර් බෑග් සහ ඇදගෙන යාමේ වියදමුත් ආවරණය කරනවා. සමහර ආයතන වලින් මේ සේවාවන් ලබාගන්න නම් ඒකට අමතර මුදලක් ගෙවන්නට සිද්ධ වෙනවා. මේ හින්දා තමන් වාහනය භාවිතා කරන ආකාරය සහ වාහනයට අනතුරක් වෙන්න බලපාන වෙනත් සාධක ගැන හිතලා බලලා අමතර ආවරණ මිලදී ගැනීම ගැනත් හිත යොමු කරන්න. උදාහරණෙකට හිතමු ඔයා ඉන්නෙ නිතර ස්වභාවික විපත් වලට ලක්වෙන ප්‍රදේශයකය කියලා. එහෙම වෙලාවක ස්වභාවික විපත් සඳහා වන ආවරණය නොමිලේම ලැබෙන්නෙ නැතිනම් ඒක අමතර ආවරණයක් හැටියට මිලදී ගන්න එක ඔයාගෙ ආරක්ෂාවට වඩා යහපත් වේවි.




    5. අනතුරකදී ක්‍රියාත්මක වෙන ආකාරය විමසන්න :angry::angry::angry::angry:


    Insureme-Motor-Insurance-Sponsored-aniwa-05.jpg



    Source – brooklyn-accidentlaw.com
    අනතුරක් සිද්ධ වුණ වෙලාවකදී අපි රක්ෂණය ලබාගත් ආයතනය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන හොයල බලන එක අනිවා කරන්න ඕනෙ. මේ අය අපිට සහය සපයන ආකාරය, වන්දි ලබාදෙන හැටි, වන්දි ලබාගැනීමේ ක්‍රියාවලියේ ඇති පහසුව සහ ගතවෙන කාලය වගේ දේවල් ගැන විමසලා බලන්න. අපි අරක දෙනව මේක දෙනවා කියලා කොච්චර අඬබෙර ගැහුවත් සමහර ආයතන වල හැටි තේරෙන්න ගන්නෙ අපි අනතුරකට ලක්වුණාම තමයි. අන්න ඒ නිසා ඒ ඒ ආයතන වලින් කියන දේවල් වලට අමතරව වටින් ගොඩිනුත් ඒ අය ගැන තොරතුරු විමසලා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ. ඒ කිවුවෙ ඔන්ලයින් රිසර්ච් පාරක් දාල බලන්න, ඒ ඒ ආයතන යටතේ රක්ෂණය වෙලා තියන හිතවතුන්ගෙන් විමසලා බලන්න කියලයි.



    6. පාරිභෝගික සේවය සහ සහය ගැනත් හිතන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Source – thechive.com
    අපි රක්ෂණය ලබාගන්නා ආයතනය දිවයින පුරා ව්‍යාප්ත වුණ ශාඛා ජාලයකින් සමන්විත නම් ඒකත් අමතර වාසියක් වේවි. ඒ වගේම පැය 24 පුරා සම්බන්ධ වී සහය ලබාගත හැකි දුරකථන සේවාවකින් යුක්ත වීමත් ඉතා වැදගත්. හදිසි අනතුරකදී සහය ලබාගැනීමට වගේම වන්දි ලබාගැනීමටද මේ සේවාවන් දිවයින පුරා ව්‍යාප්ත වී තිබීමත්, දවසේ ඕනෑම වෙලාවකදී සම්බන්ධ වීමේ පහසුකම් තිබීමත් වැදගත් වෙනව.