මෝටර් රථයක් ගඟට පෙරළෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෝටර් රථයක් ගඟට පෙරළෙයි

    මෝටර් රථයක් ගඟට පෙරළෙයි​



    මහනුවර, පන්විල පොලිස් වසමේ බැද්දේගම ප්‍රදේශයේ ගමන්ගත් සුපිරි ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන හුළු ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

    මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.

    එමෙන්ම ජීප් රිය පැද වූ පුද්ගලයා අතුරුදන් වී ඇති බව පන්විල පොලීසිය පවසයි.
    මීට අමතරව තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.

    මළසිරුරු පන්විල පොලීසියට යොමු කර ඇත.
    අනතුරෙන් මියගිය එක් අයෙක් මහනුවර තල්වත්තේ පදිංචි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු බව සඳහන්වේ.
    අනතුර සම්බන්ධයෙන් පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Me Petrol 150k ne ban
    mona V8 da?

    hariyata dakke naha ban

    පන්විල හුළුගඟට පෙරළුණු ප්‍රාඩෝ රථයේ අනතුරින් විශ්‍රාමික අධ්‍යාපනඥ යුවළක් මරුට​

    1/20/2025 10:41:00 AM

    collage.jpg


    පන්විල ප්‍රදේශයේ හුළුගඟ බැද්දේගම මාර්ගයේදී සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයක් අඩි 300ක් පමණ ගැඹුරු බෑවුමක් ඔස්සේ මොරගහ ඔයට පෙරළී යාමෙන් විශ්‍රාමික විදුහල්පතිවරයෙකු සහ ඔහුගේ බිරිඳ වූ විශ්‍රාමික ගුරුවරිය මියගොස් ඇති අතර, රියදුරු සැඩපහරට හසුව අතුරුදහන්ව ඇති බව පන්විල පොලිසිය වාර්තා කරයි.

    ඊයේ (19) දින පස්වරු 12.15ට පමණ සිදුවූ මෙම බරපතල අනතුරෙන් මියගිය පුද්ගලයන් වන්නේ බද්දේගම තවලම්තැන්නේ පදිංචි හැවිරිදි 82ක් වූ කපුරුකැටියේ ප්‍රේමසුන්දර මහතා සහ ඔහුගේ බිරිඳ වන හැවිරිදි 77ක් වූ ආර්.ජී. කරුණාවතී මහත්මියයි. මියගිය යුවළ මහනුවර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ බිරිඳගේ දෙමාපියන් බව තහවුරු වී තිබේ.
    අනතුර සිදුවන අවස්ථාවේ අවට සිටි තරුණයෙකු සාක්ෂි දෙමින් පැවසුවේ

    "ගල් එනවා කියලා අපි හිතුවෙ එකපාරට කිතුල් ගහකුත් කඩාගෙන ගල් තලාවට ජීප් එක පෙරළුණා. දෙපාරක් පෙරළිලා වතුර වල පැත්තට වැටුණා. අපි දුවලා ගියා වාහනේ ග්ලාස් එකක් ඇරලා එක් ගෑනු කෙනෙක් ඉඳලා බේරාගත්තා.එයාට අවුලක් නැහැ. ඒත් අනෙක් දෙන්නා වාහනේට යටවෙලා හිටියේ ඒ වෙනකොටත් අපි ජීප් එක පෙරළලා ගන්න උත්සාහ කළාට බැරිවුණා. කට්ටිය විනාඩි 10 කින් විතර පස්සෙ ආවට පස්සෙ තමා ඒ අයගෙ සිරුරු ගන්න පුළුවන් වුනේ. ඩ්‍රයිවර් වතුරට විසිවුණා වෙන්න ඇති ඒත් අපි ඒ වෙනකොටවත් එයාව දැක්කෙ නැහැ."

    අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු පන්විල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර, ජීප් රථයේ රියදුරු දිය පහරට හසුවී අතුරුදහන්ව ඇතැයි පොලිසිය සැක කරයි.


    පන්විල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලින්ද පීරිස් මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව, මෙම පිරිස ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වී නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

    ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය බැද්දේගම පාලම අසලදී පාලනය අහිමිව මාර්ගයෙන් පිටව ගොස් අඩි 300ක පමණ බෑවුමක් ඔස්සේ මොරගහ ඔයට පෙරළී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

    අතුරුදහන් වූ රියදුරු සොයා ගැනීම සඳහා පන්විල පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ සෙවුම් මෙහෙයුමක් දියත් කර ඇත. මොරගහ ඔය ඔස්සේ සෙවුම් කටයුතු සිදු කෙරෙන අතර, නාවික හමුදා කිමිදුම්කරුවන්ද මෙම මෙහෙයුමට සහභාගී වී සිටිති.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, අනතුරට හේතුව සොයා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව පන්විල පොලිසිය පවසයි. මාර්ග තත්ත්වය, රිය පැදවීමේ දෝෂ සහ අනෙකුත් සාධක පිළිබඳව සවිස්තරාත්මක පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී.

    මියගිය යුවළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිත දෙකක් වන අතර, ප්‍රදේශයේ සමාජ සුභසාධන කටයුතුවල නිරතව සිටි බව ප්‍රදේශවාසීහු පවසති. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටින අතර, මියගිය යුවළගේ පවුලේ සාමාජිකයින්ට කණගාටුව පළ කර සිටිති.
    5.jpg

    ------ Post added on Jan 20, 2025 at 8:45 PM