මෝටර් රථයක තර්මස්ටැට් වෑල්වය ඉවත්කලොත් මොකද්ද වෙන්නේ?

trossss

Junior member
  • Oct 13, 2010
    30
    91
    18
    උපුටා ගැනීම chandrasiri jayawickrama මහතා ගේ මෝටර් කාර්මික දැනුම-137

    මෝටර් රථයක තර්මස්ටැට් වෑල්වය ඉවත්කලොත් මොකද්ද වෙන්නේ?

    මෝටර් රථයක තර්මස්ටැට් වෑල්වය ඉවත් කිරීම මගින් එන්ජිම නිර්මාණ කර ඇ‌ති ක්‍රියාකාරී උෂ්ණත්වයේ ක්‍රියාත්මක වීම වලක්වලා වඩා සිසිල් උෂ්ණත්වයේ ක්‍රියාත්මක කිරීමට හේතුවක් වෙනවා.තර්මස්ට් ටැට් වෑල් එක ඉවත් කිරීම ඕවර්හීට් වීම වැලැක්වුවද එය ඉන්ධන පරිභෝජනය වැඩි කරන ඇ‌ති අතර එන්ජින් ඔයිල් දුස්‍රාවිතාවට හා එන්ජින් ගෙවීමට ද බලපානවා.

    කූලන්ට් ටෙම්පරේචර් සෙන්සරය මගින් එන්ජිම සිසිල් බව එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක වෙත දන්වන අතර එවිට එන්ජිම ඉක්මනින් ක්‍රියාකාරී උෂ්ණත්වයට ගෙන ඒ‌ම සඳහා සහායවීමට ඉන්ධන වැඩි පුර ලබා දෙන අතර එන්ජිම යම් උෂ්ණත්වයකට පැමිණි පසු සාමාන්‍ය ආ‌කාරයට ඉන්ධන ලබාදීම සිදු කරනවා.මෙම අවස්ථාවේ දී ඔක්සිජන් සෙන්සරය ක්‍රියාත්මක නොවන නිසා එන්ජින් ලයිට් දැල්වීමක් ඇ‌ති නොවන අතර එන්ජින් පාලනය ඕපන් ලූප් මූඩ්(Open loop mood)ආ‌කාරය ක්‍රියාත්මක වෙනවා.දැන් බලමු මේ තත්වය කොහොමද තර්මස්ටැට් වෑල්වය ඉවත් කල විට එන්ජින් ක්‍රියාකාරිත්වයට බලපාන්නේ කියලා.තර්මස්ටැට් වෑල්වය ඉවත් කල විට එන්ජිම වඩාත් සිසිල් ලෙස ක්‍රියාකරන අතර එවිට කූලන්ට් ටෙම්පරේචර් සෙන්සරය මගින් උෂ්ණත්වය අඩු බව එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක වෙත දන්වන අතර එවිට එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක ඕපන් ලූප් මූඩ් ආ‌කාරයට ක්‍රියාකිරීම ආ‌රම්භ කර ඉන්ධන වැඩිපුර ලබාදෙනවා.තර්මස්ටැට් වෑල්වය නොමැති නිසා එන්ජිම සිසිල්වම පවත්වා ගෙන යන අතර එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් එක ද නිතරම වැඩිපුර ඉන්ධන ලබා දී එන්ජිමට අවශ්‍ය උෂ්ණත්වය ලබාගැනීමට උත්සාකරනවා.මෙන්න මේ නිසා ඉන්ධන පරිභෝජනය වැඩි වන අතර වැඩි පුර ඉන්ධන නිසා සිලින්ඩර් බෝර් සේදීම(bore wash)නිසා ගෙවීම් ඇ‌ති කරන අතර එය අකාලයේ එන්ජිම අසාර්ථක වීමට ද බලපානවා.

    ඒ‌වගේම මෝටර් රථය ඇ‌තුලත සීතල නම් රථයේ හීටිං පද්ධතිය මගින් කාලෝචිත ආකාරයකින් මගී මැදිරිය උණුසුම් කිරීමට සහ වීදුරැ ඩීෆ්‍රොස්ට්(defrost)කිරීමට තරම් තාපයක් ලබා දෙන්නේ ද නැහැ.

    මෝටර් රථයක තර්මස්ටැට් වෑල්වය තුල එන්ජිම පැත්තේ ඉටි(wax)පිරිලා තියෙන කුඩා සිලින්ඩරයක් තියෙනවා.නිෂ්පාදකයන් ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 85 දී මෙම ඉටි උණුවීමට සකස්කර ඇ‌ති අතර මෙම සිලින්ඩරය තුල ඇ‌ති ඉටි දියවීම නිසා ප්‍රසාරණය වී එහි ඇ‌ති කුඩා ලීවරය තල්ලුකර එහි ඇ‌ති වෑල්වය විවෘත කරනවා.වෑල්වය විවෘත වන විට කූලන්ට් සිසිල්වීම සඳහා රේඩියේටරය වෙත ගලායන අතර එය වසා ඇත විට කූලන්ට් තර්මස්ටැට් බයිපාස් වෑල්වය හරහා වෝටර් පම්ප් වෙත සෘජුවම ගමන් කර එන්ජින් බ්ලොක් එක හරහා සංසරණයවෙනවා.

    මෝටර් රථය ඉදිරියට ගමන් කරන විට රේඩියේටරයේ එහි ඇ‌ති සිසිලන වරල් හරහා වාතය ගමන් කර නිසා රේඩියේටරයේ කූලන්ට් සිසිල් කරන අතර එම සිසිල් කිරීම ප්‍රමාණවත් නොවන විට නිවැරදි එන්ජින් මෙහෙයුම් උෂ්ණත්වය පවත්වා ගෙන යාමට රේඩියේටරය හරහා ෆෑන් මගින් අතිරේක වාතය ඇ‌දීම සිදුකරනවා.

    ඒ වගේම මෝටර් රථයේ හීටර් ක්‍රියාත්මක කිරිමේ දී උණුසුම් කූලන්ට් මෝටර් රථය තුළ පිහිටි කුඩා රේඩියේටරය(හීටර් කෝර්)හරහා ගමන් කිරීමට ඉඩ දීමට වෑල් විවෘත කරන අතර මෝටර් රථය තුල ඇ‌ති බ්ලෝවර් ෆෑන් මගින් එය මෝටර් රථය තුළ උෂ්ණත්වය පවත්වා ගැනීමට උණුසුම් වාතය හීටර් කෝර් හරහා වාහනයේ මැදිරියේ තුලට ඇ‌ද ගැනීම සිදුකරනවා.

    ඒ නිසා එන්ජින් ඕවර් හීට් තත්වයන් නිවැරදිව හඳුනා නොගෙන පිලියම් ලෙස තර්මස්ටැට් වෑල්වය ඉවත් කිරීම,තර්මස්ටැට් වෑල්වයේ සිදුරැ කිහිපයක් සකස්කර යෙදීම සහ ඉලෙක්ට්‍රික් රේඩියේටර් කූලිං ෆෑන් බයිපාස් කරීමෙන් තාවකාලිකව විසඳුමක් ලැබුණද දීර්ඝකාලිනව බලන විට ඔබට නොදැනුවත්ම එය ඔබේ මෝටර් රථයට අන්‍ය ආ‌කාරයෙන් අහිතකර බලපෑම් බොහොමයක් ඇ‌ති කරනු ඇ‌ත.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    17/08/2016
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    :yes: :yes:
    මගෙ එකෙත් වර්කින් ටෙම්ප් එකට එන්න 3km ක් විතර යන්න ඕනෙ. අයින් කරලද දන්නෑ.

    check karala balanna ain karala athi godak durata godak eun karanne AC eka hadaddi ain karala danawa thermostat eka aya lankawata wadak na kiyala ain karanawa overheat wenawa kiyala. oka godak ma une 2005 ta wage kalin reg una wahana walata dan ehema bas la adu nissa aluth ewage thiyanawa aulak nathuwa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    check karala balanna ain karala athi godak durata godak eun karanne AC eka hadaddi ain karala danawa thermostat eka aya lankawata wadak na kiyala ain karanawa overheat wenawa kiyala. oka godak ma une 2005 ta wage kalin reg una wahana walata dan ehema bas la adu nissa aluth ewage thiyanawa aulak nathuwa.
    ගලවල බලල නැත්තං දාල දානව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ow da ganna eka hondai wahaneta habai ita kalin radiator ekath check karla innna godak eun overheat weddi galawanawa ethakan thiyenne radiator eke hari hose ekaka hari aulak.
    රේඩියේටරේනං එහෙම මුකුත් අවුල් නෑ මචෝ.
    මළකඩ ගතියක්වත් පේන්න නෑ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    රේඩියේටරේනං එහෙම මුකුත් අවුල් නෑ මචෝ.
    මළකඩ ගතියක්වත් පේන්න නෑ.

    penna thibbe nathi unata core s block wenawa galawala balanna presea eke thiyana engine eke oya lede enawa hoyanna ba overheat wenakan anthimata sure thanak balala galwala balanna cores wala thathwe kohomda kiyala.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,393
    30,230
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දවසක් ඔය උට්ට හිරවෙලා වාහනේ දුං දාලා මල ජංජාලයක් වුනා. පස්සේ ගලවලා දාල කාලයක් පැද්දා, වින්ට එකේදී වාහනේ රත්වෙන්නෑ, මරි සීතලයි. පස්සේ ආයේ ගිහිං දාගත්තා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මගේ වාහනේ වර්කිං ටෙම්ප්‍රෙචර් එකට එන්න ලොකු කාලයක් යන නිසා ගලවල බැලුව.

    වෑල් එකනං අයින් කරල තිබුණෙ නෑ. හැබැයි,
    තිබුණ එකේ සීල් එක සවුත්තු වෙලා නිතරම කූලන්ට් බාදාවක් නැතුව, වෑල් එක හරහා යන තත්වෙට පත්වෙලා තිබුණ.

    මේක ගැලෙවුවෙත් ලොක්ඩවුන් එකක් අස්සෙ නිසා බඩු හොයාගන්න ටිකක් අමාරු වුණා...
    ඒ වගේ වෙලාවට ස්පෙයා පාට්ස් කඩ වල ඉන්න ඈයො, පාට් එකේ ප්‍රමාණෙ හරියන එකක් බලල තමුන් ලඟ තියෙන එක ඇඟේ ගහන්න හදනව.

    හැබැයි වෑල් එක පරණ එකට හැම අතින්ම සමානද කියල හොඳට බලන්න ඕනෙ.
    ඕකෙ උඩ පැත්තෙ, වෑල් එක ඕපන් වෙන උශ්නත්වය සටහන් කරල තියෙනව. ඒ දේවල් හරියටම ගැලපෙනවද බලන්න ඕනෙ...

    මේ තියෙන්නෙ මගෙ වාහනේට එන වෑල් එකයි.
    ස්පෙයා පාට්ස් කඩේ මනුස්සය ප්‍රමාණෙ ඇස් මට්ටමෙන් බලල මට දෙන්න හදාපු එකයි....
    මේ දෙක ඕපන් වෙන්නෙ උශ්නත්ව දෙකකදි...
    IMG_20220111_160911.jpg

    IMG_20220111_161004.jpg