මෝටරෝලා_විකුණයි

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මෝටරෝලා_විකුණයි

    ගූගල් මෝටරෝලා ලෙනෝවෝට විකුණයි

    ඇමෙරිකානු ජංගම දුරකථන සමාගමක් වන මෝටරෝලා මොබිලිටි සමාගම ගූගල් සමාගම විසින් චීන පරිගණක නිෂ්පාදකයෙකු වන ලෙනෝවෝ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.91ක මිලකට විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    බී බී සී පුවත්සේවය වාර්තා කරන ආකාරයට මෝටරෝලා සමාගම මිලට ගැනීම හරහා ලෙනොවෝ සමාගම අදහස් කරන්නේ සිය ස්මාට්ෆෝන් උපාංග නිෂ්පාදන අංශය දියුණු කිරීමයි.

    සිය දුර්වල වෙමින් පවතින පරිගණක වෙළඳාම හෙතුවෙන් පැන නැගී ඇති ගැටළු සඳහා එය සාර්ථක පිළිතුරක් වනු ඇති බවද එම සමාගම විශ්වාස කරයි.

    කෙසේවෙතත්, මොටරෝලා සමාගම විසින් භාවිතා කරන වඩාත් ලාභ උපදවන පේටන්ට් බලපත්‍ර තමන් සතුවම තබා ගැනීමට ගූගල් විසින් පියවර ගෙන ඇති අතර එම පේටන්ට් බලපත්‍ර අතර ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය සඳහා වූ පේටන්ට් බලපත්‍රයද වේ.

    මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් ගූගල් සමාගම පවසා ඇත්තේ ස්මාට්ෆෝන් උපාංග වෙළඳපළ අතිශය තරඟකාරී බවත් ලෙනෝවෝ සමාගම තුලදී මොටරෝලා නිෂ්පාදන වඩා හොඳ තත්වයක් උදාකරගනු ඇති බවත්ය.

    එලෙසම මෙම ගණුදෙනුවත් සමඟ ලෙනෝවෝ සමාගම ලොව විශාලතම ස්මාට්ෆෝන් නිෂ්පාදකයින් අතරින් තෙවන ස්ථානයට පත්වන අතර පළමු සහ දෙවන ස්ථාන වල පසුවන්නේ පිළිවෙලින් සැම්සුන්ග් සහ ඇපල් සමාගම්ය.