ළමයකු ප්රවෘත්ති නැරැඹීම සඳහා ඊගඊගC සේවය වෙත හෝ යමෙකු මෝටර් කාර් නැරඹීම සඳහා ඊගඵගඋ රථ තෝරා ගැනීමේ දී යම් ආකාරයකින් එක් අකුරක් හෝ වැරැදියට එබුණොත් පිවිසිය හැක්කේ, කිසිවෙකුත් බලාපොරොත්තු නොවන තරම් දූෂිත වෙබ් අඩවියකටය. එවැනි දේ ලොව පුරා සෑමතැනම සිදුවී ඇත. සිදුවිය හැක. අන්තර්ජාලයෙන් හඳුනාගන්නා මිතුදම් ද කෙළවර වන්නේ එවැනි දෙයකින් විය හැක. තවදුරටත් අප අමනයන් විලසින් අන්තර්ජාලයෙන් රටට හානියක් වන තෙක් බලාසිටිය යුතු ද යන්න විමසිය යුතුය. ශ්‍රී ලංකාවේ පාසල්වල Sජයදදක බැඑ කියා වෙබ් අඩවියක් ඇත. නමුත් ඒ හරහා ද අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසිය හැකි බවට දැක්වේ.
රජය වැඩිහිටියන්ට පමණක් වූ සිනමාපට නාමිකව තහනම් කරන ලදී. නමුත් අන්තර්ජාලය පැතිරී ඇති අන්දම බලනවිට, වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පට රජය විසින් සියලුම වයස් කාණ්ඩවලට නොමිලයේ පෙන්වනවාටත් වඩා දැඩි හානියක් කරමින් අන්තර්ජාලය මගින් අසභ්‍ය දර්ශන කුඩා කොලුකුරුට්ටාගේ සිට මහල්ලා දක්වා සැමට මොහොතක් මොහොතක් පාසාම නැරැඹිය හැක. දැනට දශකයකට පමණ පෙර වැඩිහිටියන්ට පමණක් වූ සීනමා පට සඳහා බහුලව තරුණ කොටස් ඇදී ගියත්, අන්තර්ජාලය පැමිණි පසු වැඩිහිටියන්ට පමණක් වූ සීනමා පට සඳහා බහුලව මැදි වයසේ හා මහලු පිරිමි සිනමාහල් කරා ඇදීයන බව පෙනීයන්නේ, තරුණ කොටස් එම අවශ්‍යතාව අන්තර්ජාලයෙන් ඉටු කර ගන්නා හෙයිනුත්, මහල්ලන් බහුතරය අන්තර්ජාලයේ ඇති දෙය නොදන්නාකම හෝ එය භාවිත කිරීමේ නොහැකියාවක් ඇති පිරිසක් බව පෙනෙනා හෙයිනි.
මෙයට ගත හැකි පිළියම කුමක්ද? කළ යුතු දේ නම් අන්තර්ජාල සබඳතා මෙරටට වැදීම නතර කිරීමයි. දෙවනුව අසභ්‍ය දර්ශන සියල්ල නිත්‍ය සේවක මඬුල්ලක් ලවා ශෝධනය කර අන්තර්ජාල සේවාව මෙරටට ගෙන්වා ගැනීමයි. දැනටත් බහුතරයක් මුස්ලිම් රටවල් එය කරන අතර, Faජැ ඊදදන වෙබ් අඩවිය තහනම් කිරීමට ද පකිස්තානය ආදී රටවල් පියවර ගෙන ඇත. ඉරාකයේ ඇමරිකානු යුද කඳවුරු තුළ ඇති අන්තර්ජාල පහසුකම්වල අසභ්‍ය දර්ශන ලබාගත නොහැකි බවට අපගේ මෙම පරීක්ෂණයේදී වාර්තා විණි. එයට එක් හේතුවක් විය හැක්කේ, අසභ්‍ය දර්ශන නරඹා සොල්දාදුවන්ගේ මනස විකෘති නොවීමට ඇමෙරිකානු රජය පියවර ගෙන තිබීම විය හැක.
තවද අන්තර්ජාල පහසුකම් අවශ්‍යම නම්, ගොන්නුන්ට පුන්නක්කු ලබාදෙන්නාක් මෙන් එය රටේ සෑම තැනම ව්‍යාප්ත නොකර, අධ්‍යාපන ආයතන, සරසවිවලට ආදියට පමණක් ශෝධනය කළ අන්තර්ජාල සේවය ලබාදිය යුතුය.