මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද

    අප්‍රේල් 1 මෝඩයාගේ දවස වන්නේ කෙසේ ද


    FOOL10logo.jpg

    සියළු සත්වයෝ සැප කැමැත්තෝ ය​. සැප වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට නොමැලිය​. ඒ දහම නොදත් හිස් සමාජයක ස්වභාවය යි. අප සරණ ගොස් ඇත්තේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකි. අපගේ ශාස්තෘන් වහන්සේ නොපෙනෙන දෙවියකු නොවේ. එලොව ගොස් එහි සිට දිවැස් හෙළන භූතයකු ද නොවේ. මරණින් මතු සිය අනුගාමිකයන් පමණක් තමා වෙතට ගෙන්වා ගන්නා ආත්මාර්ථකාමී මායාකාරී චිත්‍රකථා කරුවකු ද නොවේ. වරදට අච්චු තබන වධකයකු ද නොවේ. උන්වහන්සේ අරහං වන සේක​. සම්මා සම්බුද්ධ වන සේක​. විජ්ජාචරණ සම්පන්න වන සේක​. සුගත වන සේක​. ලෝකවිදූ වන සේක​. අනුත්තරෝ පුරිසදම්මසාරථි වන සේක​. සත්තා දේව මනුස්සානං වන සේක​. බුද්ධ වන සේක​. භගවා වන සේක​. අප සරණ ගියේ මෙවන් ගුණ සමුදායකින් පිරිපුන්, මහා කාරුණික හදමඬලක් දරා වැඩහුන්, මොලොව පහළ වූ උත්තරීතරම මනුෂ්‍ය රත්නයයි.


    ඒ නරෝතමයන් වහන්සේ සියල්ල දන්නා නුවණින් යුතුව​, සියල්ල දක්නා නුවණින් යුතුව සියළු සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව ඇති තතු ඇති සැටියෙන් ගෙනහැර දැක්වූ සේක​. නුවණැත්තන්ට පමණක් ගෝචර වූ ඒ උතුම් දහම නුවණැත්තන්ම පමණක් ග්‍රහණය කර ගත්හ​. එය එදාටත්, අදටත්, හෙටටත් එසේමය​.

    සියළුම දෑ හේතුවක් නිසා හටගන්නා ලෝකය තුළ සැප යනු කුමක්ද​, එය හටගන්නේ කෙසේද​, පවතින්නේ කෙසේද​, නැති වන්නේ කෙසේද යන වග තිම්බරුක සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම දේශනාකොට වදාළ සේක​. උග්‍ර මානසික රෝගියකු හැරෙන්නට සැපට අකමැති කිසිවකුත් සිටිය නොහැක​. නමුත් බොහෝ දෙනා සැප ලබන වැඩ පිළිවෙල පිළිබඳ නොදනිති. 'සැපය​' ට හේතුව ‘පින’ බව දන්නේ බෞද්ධයන්ගෙන් ද අති සුළුතරයකි. එහෙයින් අප නොයෙක් ආකාරයේ අකුසල කර්මයන් ඔස්සේ ජීවිතයේ ලාමක සැප සෙවීමට උත්සුක වෙති. කුමන හෝ අයුරකින් සැපය​, සතුට​, සිනහව සොයති. අප්‍රේල් 1 යනු තවත් එවැන් එක් මර උගුලකි. මෝඩ කතාවක් කියා, මෝඩ චූන් දී, මෝඩ ආතල් එකක් ගැනීමට ලොව සුවහසක් මෝඩයෝ මෙදිනට සැදී පැහැදී සිටිති. නමුත් බොරුවක් කියූ පමණින් මොවුන් මෝඩයන් වන්නේ කෙසේ ද​?

    පින් රැස්වෙන කුසල කර්ම කිරීමෙන් 'සැප' ලැබෙන බව ද, පව් රැස්වෙන අකුසල කර්ම කිරීමෙන් 'දුක්' ලැබෙන බව ද බුද්ධ වචනය පුරාවට පුන පුනා සඳහන් ය​. අසංවර තුන් දොරක් සහිතව වචනය කෙලෙසා ගැනීමෙන් අත් විඳින්නට සිදුවන මහා භයානක විපාක අප අනන්තවත් අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. වචනය අසංවර වන ආකාර ප්‍රධාන වශයෙන් හතරකි. එනම් බොරු කීම​, කේළාම් කීම​, පරුෂ වචන කීම සහ හිස් වචන කීමය​. පන්සිල් සුරකින සමාජයක් යැයි කියා ගන්නා බෞද්ධයාට සිව්වන සිල්පදය අමතකව ගොස් ඇති සෙයකි. භාග්‍යවතුන් වහන්සේගේ උපදේශය අමතකව ගොස් ඇති සෙයකි.

    ගෞතම බුද්ධ කාලීනව විසූ රන්වන් පැහැයෙන් සිරුර බබලන නමුත් නිරතුරුව කටින් දුගඳ හමමින් පණුවන් වැගිරෙන ප්‍රේතයකු ගැන අප අසා ඇත්තෙමු. ඒ කාෂ්‍යප බුදුසසුනේ පැවිද්දෙකි. ඔහු මියගොස් නිරයගාමී විය​. අනතුරුව පෙර සිල් රැකි පිනෙන් ගත රන්වන් පැහැයෙන් බැබළුන නමුදු කට වරද්දා ගැනීම නිසා ප්‍රේතයකු වී ඉපිද පණුවන් වැගිරෙන මුඛයකින් යුක්ත විය​. මේ එක් සිද්ධියක් පමණි. වචනය කෙළෙසා ගැනීමේ විපාක අංගුත්තර නිකාය දෙවන පොත් වහන්සේ ගේ කම්මපථ වර්ගයේ ඉතා පැහැදිලිව සඳහන්‍ ය​. විපාකය නිරයෙන් මෙහා නම් නොවේ.

    බොරුකීම කිසිදු විටෙක කිසිදු හේතුවක් නිසා නොකළ යුත්තකි. මිනිසුන් රවටා විහිළුවකටවත් නොකිය යුතු දෙයකි බොරුව​. අද බොරු කියන තරඟ පවා පැවැත්වේ. අධර්මවාදීන් ගේ, අවිනයවාදීන් ගේ ලොවක් තුළ උපේක්‍ෂා සහගතව ඒවා දෙස බලා සංවේගයක් උපදවාගෙන අප්‍රමාදී වනවා හැරෙන්නට කළ යුත්තක් නොමැති තරමය​. මව වෙනුවෙන්, පියා වෙනුවෙන්, සහෝදරයා සහෝදරිය වෙනුවෙන් යැයි කියා ඇතමෙකු බොරුව සාධරණීකරණය සඳහා යත්න දරති. තමුන් කළ දේ තමුන් රැගෙන යයි. බොරුව කීවේ තමුන් නම් විපාක විඳින්නට ඔබගේ මව නොපැමිණෙනු ඇත​. ලෝක න්‍යාය එයයි. ගැමුණු කුමරු හා සටනින් පැරද පළාගිය සද්ධාතිස්ස කුමරු පණ බේරාගන්නට දිව ගියේ පන්සලේ ආවාස ගෙට ය​. සැඟවුනේ ලොකු හාමුදුරුවන්ගේ ඇඳ යට ය​. ලුහුබැඳ ආ ගැමුණු කුමරු දොරටුව අසල නැවතී ලොකු හාමුදුරුවන්ගෙන් සද්ධාතිස්ස කුමරු ගැන ඇසූ විට..... "සද්ධාතිස්ස කුමාරය ඇඳ උඩ නැහැ. ඒ නිසා ඔබතුමා දැන් යන්න​". ඒ ස්ථානෝචිත ප්‍රඥාවයි. එයින් සීලය මෙන්ම ජිවිතයක් ද සුරැකුනි. ඒ උන්වහන්සේ මනා සංවරයකින් මෙන්ම සිහියෙන් සිටි නිසාවෙනි. අල්පමාත්‍ර වරදෙහි පවා බිය දකිමින් තුන්දොර සංවර කරගත් නිසාවෙනි.

    අපගේ ශාස්තෘන් වහන්සේ සුගතියට මඟ මෙන්ම දුගතියට මඟ ද මැනවින් වදාළ සේක​. සුගති මඟ වඩනා ආකාරය ද​, දුගති මඟින් බැහැර වන ආකාරය ද මැනවින් වදාළ සේක​. කරුණු මෙතරම් පැහැදිලිව​, නිරවුල්ව තිබියදීත් තව තවත් බොරු කියා නිරයගාමී අකුසල් රැස් කරන්නෝ බුද්ධිමත් සමාජයේ අනුකම්පාව ලැබිය යුතු අනුවණ මෝඩයින් මිසක අන් කවරහු ද​....? තිරිසනුන් සඳහාත් වසරේ දින වෙන්වී ඇති යුගයක මෙවන් අසරණයින් වෙනුවෙන් ද දිනයක් වෙන් කිරීම අසාධාරණ නොවේ. නමුත් අවාසනාව වන්නේ ඔවුන් ඒ දිනය ද සිය පරිහානිය සඳහාම යොදා ගැනීම යි.

    ‘ගෞතම සංදේශය’


    SOURCE -
    [email protected]
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :yes::yes:You must spread some Reputation around before giving it to WICKILEAKS again.

    Modayanta Thamai ban Unge Birthday eka Mathak Wenne... :lol::lol: apita nam ada Godak watina and wedagath dawasak..

    Elasss.. Thanks Bro..
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මෝඩයන්ගේ දවස කියලා එකක් නෑ. මොකද මෝඩකම සාපේක්ෂනිසා මනින්න නිර්ණායකයක් කියලා එකක් නෑ.
     

    Similar threads