කොල්ලො උනාම ඉඳ හිට අම්මල එක්ක වලි දාගන්නව නෙ ..... පොඩි කාලෙ මවු තුරුලෙ ඉඳල, යෞවනය උදාවත් සමගම අපි ටිකක් දඩබ්බර වෙනවා. නිතරම ඉක්මනට තරහ යනවා.. සමහර විට වලි දාගන්නෙ අපේම දෙමව්පියන් එක්ක.. ඉතාම සුළු දේට පවා. එහෙම වලි දාගත්ත වෙලාවට මෙන්න මේ කථාව ඔබත් කියල තියෙනවද ? "අම්මල අපිව මේ ලෝකෙට ගෙනාව නම්, දැන් ඉතින් අපිව අපිට ඕනි දේ දීල හොඳට බලාගන්න එක අම්මලගෙ යුතුකමක්" .... මට මතකයි.. එක දවසක් මම මේ කතාව මගෙ අම්මට කිව්ව.... (ඊට පස්සෙ ගෙදර මිදුලෙ තිබුන මදටිය ගහේ කෝටුවක් කැඩෙන කල් ගුටි කෑවා මතකයි. )
මට ම ලැජ්ජයි...... දරුවෙකුට කියන්න පුළුවන් මොට්ටම මෝඩම කතාවක් තමයි මේක.. ඇයි එහෙම කියන්නෙ :
විවාහක යුවලක් විදියට ඔබෙ දෙමව්පියන්ට දරුවෙක් හදන්නට ආසාවක් තියෙන්නට ඇති. ඔවුන්දෙදෙනාගෙන් දරුවෙකු ලෙස කළලයක් මවගේ පිළිසිඳ ගන්නට ඇති. නමුත් ඒ කලළයේ විඥ්ඥානය ලෙසට ඔබට ම එන්නට කියල ඔවුන් කිව්වේ නෑ.
ඔබ ම තමයි මේ කළලය නිමිත්තක් කරගෙන එය අල්ලාගෙන විඥ්ඥානය ලෙස එයට ආවෙ. ඔබ මෙහෙම කරපු නිසා සමහර විට ඔබට වඩා ගුණවත් දරුවෙකුට ඒ කලළයට විඥ්ඥානය වන්නට, ඔබේ දෙමව්පියන්ට දාව උපදින්නට නොහැකි උනා. එලෙස අනෙකෙකු ට එන්නට නොදී, මේ කළලයට ආවේ ඔබ ඔබේ ම උවමනාවට මිසක් ඔබේ දෙමාපියන් ඔබටම එන කිව්වේ නෑ.
ඔබ දරුවෙකු ලෙස මවු කුසෙන් බිහිවූ දා පටන් අද දක්වා කවා පොවා, උගන්වා, මෙතුවක් දුර හදා වඩා ගත්තාට ඔබ ඔවුන්ට බොහොම ණයයි. යුතුකම තියෙන්නෙ ඔවුන්ගෙ අතේ නෙවෙයි.. ඔබේ අතේ. කවදාවත් ඒ ණය ගෙවන්නට බෑ.
ඒත් එක ක්රමයකින් ඔබට ඔබේ මවුපියන්ට උපකාර කළොත් එය ඔවුන්ගෙ සසර ගමන සුඛදායී කරාවි; එනම් ඔවුන්ව පුළුවන් තරම් ධර්ම මාර්ගයට යොමු කිරීමයි.
ඔන්න දැන් දන්නව නෙ.. අර ඉහත කී මෝඩ කථාව නම් ආයෙ කියන්න එපා කට්ටිය.