මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    අපේ මහ ගෙදර ගොඩක් මෝඩ ගඩොලින් හදල තියෙන්නේ. මැද බිත්තිය කළු ගල් වලින්. අපේ ගෙදර සමහර බිත්ති මෝඩ ගඩොල්. අපේ අම්ම මයි හදල තියෙන්නේ ඒ කාලේ.

    මෝඩ ගඩොල් වලින් සෙල්ලන් ගෙයක් හරි හදාගනිල්ල. බිම ගොම ගාල..
    රෑට නිදා ගන්න.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනං වේලෙන්න වෙලා යනව ඇති අව්වේ දැම්මම, ඉක්මනට ගොඩක් වෙලගන්න ඕනේ හින්ද පොරනුවේ දාල අනික් ගඩොල් පුච්චනවා ඇත්තේ.

    dina kipayakin welenawa.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඒ ගෙවල් පට්ට සනිපය් ,හැබැයි වේයෝ එහෙම වලටට නගිනවා නේද බිත්ති දිගේ .අනෙක බාත්රූම් වලට එහෙම අව්ලක් නැද්ද දන්නේ නැහැ මැටි නිසා .අර ලි පෙට්ටියක් වගේ එකකට මැටි හිරකරලා ගඩොල් හදන්න මමත් දන්නවා .මගෙත් අදහසක් තියෙනවා එහෙම ගෙයක් හදන්න කවදා හරි

    yata kotasa simenthi kapararuwa gahanna one ethakota weyo prashna adui. uluwahu desal ekka kapuru bola kudu karala ganna one. ethakota weyo allanne na.. bathroom walata nam hariyana ekak na. mama inne seetha palathaka mehe unatha moda gadol awlak na.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අපි සැම දෙනා, බොහෝ පැරැන්නන් මෙන් වත්කමේ හැටියට පිංකම කිරීමට උගත යුතුය
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එතකොට මෝඩ ගඩොල් තට්ටු දෙකේ ගෙවල් හදන්න බාවිත කරන්න බැරිද ?

    වේයන්ගේ ප්‍රශ්න එහෙම එනවද මෝඩ ගඩොල් බාවිතා කලහම?

    bara wadi nisa thattu walata hariyanne nath wai. weyo prashneta wisadum mama uda Kota Nihalge post ekaka damma.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පස් කපන්නෙ කොහෙන්ද යකෝ පර්චස් 6-10 ඉඩං වල... වලක බැහැල උඩින් මෝඩගඩොල් පියනක් හදාගෙන ඉන්න වෙන්නෙ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Adahasa hodai. Practical ne. Den kohenda meti gadol hoyanne. Kohen kiyala meti kapannada

    mati kapanna awshya na malli. pas walin mati ananna onee. ape thaththai ammai gedara idame kanda kapala pas aran mati anala gadol kapala thiyanne. thanikara e dennage mahansiya. ththa hadapu ge salei kamara dekakui kussiyai moda gadol.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පස් කපන්නෙ කොහෙන්ද යකෝ පර්චස් 6-10 ඉඩං වල... වලක බැහැල උඩින් මෝඩගඩොල් පියනක් හදාගෙන ඉන්න වෙන්නෙ.

    uwamanawak thiyanawa nam pas lod ekak genna ganna bari kamak na ne.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ මහ ගෙදර ගොඩක් මෝඩ ගඩොලින් හදල තියෙන්නේ. මැද බිත්තිය කළු ගල් වලින්. අපේ ගෙදර සමහර බිත්ති මෝඩ ගඩොල්. අපේ අම්ම මයි හදල තියෙන්නේ ඒ කාලේ.

    මෝඩ ගඩොල් වලින් සෙල්ලන් ගෙයක් හරි හදාගනිල්ල. බිම ගොම ගාල..
    රෑට නිදා ගන්න.

    aniwaryen :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    yata kotasa simenthi kapararuwa gahanna one ethakota weyo prashna adui. uluwahu desal ekka kapuru bola kudu karala ganna one. ethakota weyo allanne na.. bathroom walata nam hariyana ekak na. mama inne seetha palathaka mehe unatha moda gadol awlak na.
    :):)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අද නිවසක් සෑදීම යනු හුදෙක් සල්ලි කන්දක් යට කර ඉදි කරන කොන්ක්‍රීට් කන්දකි. බොහෝ අය සල්ලි කන්ද යට කරන්නේ නය වීමෙන් ය. දිගුකාලීන නය චිරාත්කාළයක් ගෙවමින් ජීවත් වීම අද පරම්පරාව පුරුද්දක් කරගෙන සිටීම අභාග්‍යයට කරුණකි. බොහෝ අය නය ගෙවා ගැනීමේ පීඩනයෙන් ජීවත් වෙයි. තවත් අය නය ගෙවා දැමීමට වැඩියෙන් වැඩ කරමින් තමන්ගේ තරුණ කාළය කටුකව ගෙවා දමයි. මට නම් නය යනු හිතට වදයක් ගෙන දෙන මර උගුලකි. එබැවින් නය නොවි ජීවත් වෙන ක්‍රම ගැන නිතර සිතමි.

    අපේ පැරැන්නන් නිවාස තැනීමට තමන්ගේ මනුශ්‍ය ජීවිතයේ ඒ තරම් ලොකු කාළයක් කැප කලේ නැත. මනුශ්‍ය ජීවිතය නිවසක් තැනිමට කැප කරනවා වෙනුවට කරන්නට වැඩ එමට ඇති බව පැරැන්නන් සක්සුදක්සේ අවබෝධකරගෙන සිටියා විය යුතුය. එබැවින් තම නිවසට අවැසි ගඩොල් තමන්ම තනා ගන්නට ඔවුන් පෙළඹුනි. තමන්ම තනා ගත්තේ මැටි ගඩොලකි. එයින් යස අගේට තැනූ ගෙවල් අද දක්වා නොනැසී තිබෙයි. මාගේ සීයා හැදූ මහ ගෙයද එවැන්නකි. වසර 60 ක් ඉක්මවා තිබුනද තාම එම ගෙය ඉතාම ශක්තිමත්ව විරාජමාන වෙයි.

    ලංකාව වැනි උෂ්ණාධික රටක නිවෙස් තැනීම සදහා හොදම අමුද්‍රව්‍ය වන්නේද නොපිලිස්සූ අමු මැටියෙන් තැනූ ගඩොල හෙවත් මෝඩ ගඩොල්ය. අපේ පැරැන්නන් නිවාස තැනීමට නය උගුලක පැටලුනේ නැත. බ්ලොක් ගල් ඒ කාලේ නැත. ඇති හැකි උන් මිස අනිත් උන් පුච්චපු ගඩොල් ගැනිමට දැගලුවේ නැත. නිවස අසලින් ලබාගන්නා පස්වලින් මැටි අනා තමන්ම ගඩල් කපාගත් ශක්තිමත් පිරිමි, ගැහැනු ගමේ සිටිනා මේසෙන් බාස් කෙනෙකු ලවා ගේ බැදගත්තේය. බාසුන්නැහි මැටිගඩොල බදින්නේද මැට්ටෙනි. කපරාරුවේ යට කොටස සිමෙන්තියෙන් කළද ඉහළ කොටසට යොදාගන්නේ වැලි මැටිය. බිත්තියක් අඩියක් එකහමාරක් පළල වුවත් වියදම ඉතාම අවමව සුවිසල් ගෙවල් බොහෝමයක් තැනුනේ මෙලෙසින.

    ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක් වන මැටි එම සුවිසල් ගෙවල් සිසිල් කිරීමටද සමත් විය. නය නැති නිසා එම මිනිසුන්ගේ හිතද සිසිල්ය. නමුත් අද වෙන විට මේ මෝඩ ගඩොල භාවිතයෙන් ඉවත් වී ගොස්ය. ඇතැමුන් මෝඩ ගඩොල යනු කුමක්ද කියාවත් දන්නේ නැත. දැනගත්තද ඉන් සුවිසල් ගෙවල් තැනිය හැකි බව දන්නේද නැත. දැන් මිනිසුන් සිතන්නේ එක්තරා රාමුක පමණි. ගෙයක් හදමු කි සැනින් මතක් වෙන්නේ නයවී ගඩොල් ටිකක් ගෙන මහා සිමෙන්ති ගොඩකින් ඉදි කරන නිවසකි. එම රාමුවෙන් පිට සිතන්නට මිනිසුන් අකතැයි.

    මෙය මට ලියන්නට හිත්වූයේ කාට හෝ මෝඩ ගඩොලෙන් ගෙවල් තැනීමට උපදෙස් දීමට නොව. නමුත් මෙහිද සිතිය යුතු යමක් තිබේ. තට්ටු ගෙවල් මෝඩගඩොලෙන් තනන්නට බැරිය. දැන් සිටින බොහෝ බාස්ලා මැට්ටෙන් බිත්ති බදින්නට දන්නේද නැත. නමුත් පොඩි ගේ කෑල්ලක් හදාගන්න සිහින මවන. ඒකට සල්ලිත් නැති කොල්ලෙකුට වෙනස් විදිහකට සිතිය හැකි නම් නය නොවෙී තමන්ගේ අරමුන ඉටු කරගත හැකි ක්‍රමද තිබෙන බව කිව යුතුය. ගෙයක් යනු ලොවට පෙනෙන්නට ගොඩ නගා, තමන් ඒ තුළ හිතින් පිච්චෙමින් ජීවත් විය යුත්තක් නොව. තමන්ට නිවීසැනසිල්ලේ සිටිය හැකි තැනක් විය යුතුය. අපි සැම දෙනා, බොහෝ පැරැන්නන් මෙන් වත්කමේ හැටියට පිංකම කිරීමට උගත යුතුය.



    මේ සදහා ගැලපෙන පස් සොයාගත යුතුය.
    ගෙවල් ලගක නැත්තන් දුරකින් ගෙන ආ යුතුය
    පස් කැපීමට අවසර/පර්මිට් ගත යුතුය
    කපන පස් ප්‍රවාහනය කල යුතුය
    ප්‍රවාහනය කරගත් පස් ගබඩා කලයුතුය
    ගබදකරගත් පස් වලින් ගඩොල් සෑදීමට ජලය මිලදී ගත යුතුය
    තව තව එව්වා පැමිණිය හැක
    සියල්ලටම යම් කිසි කාලයක් ගතවේ
    ඒම කාලය ගත කරනවිට රැකියාවේ නිවාඩු දැමිය යුතුය
    නිවාඩු දමන විට වේතනය අඩුවිය හැකිය
    එදිනෙදා කා බී ජිවත් වීමට මුදල් හිගවනු ඇත

    ඔව්ව පස්න මෙයා
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ලියල තියෙන ඔක්කොම අද කාලෙට ගැලපෙන්නේ නෑ
    දැන් තියෙන ඉඩ , ශ්‍රමය නැතිකම නිසා මෝඩ ගල ගැලපෙන්නේ නෑ
    නමුත් මේ කෑල්ලට එකගයි
    //අපේ පැරැන්නන් නිවාස තැනීමට තමන්ගේ මනුශ්‍ය ජීවිතයේ ඒ තරම් ලොකු කාළයක් කැප කලේ නැත. මනුශ්‍ය ජීවිතය නිවසක් තැනිමට කැප කරනවා වෙනුවට කරන්නට වැඩ එමට ඇති බව පැරැන්නන් සක්සුදක්සේ අවබෝධකරගෙන සිටියා විය යුතුය. //
     
    • Like
    Reactions: Mr.Tom

    Similar threads