සාක්කි තියනවනම් මොකද කරේ? ඩීල් දාලා වැහුවද @monsonරාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට
මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි
ඉදිරි දෙසතිය තුල නාමල්ට අධි චෝදනා යටතේ නඩු
ඉදිරි දෙසතිය තුළ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
ඔහු විසින් පවත්වාගෙන යන එන්.ආර්. ඇසෝෂියේට්ස් ආයතනය විසින් කළ ගනුදෙනු සහ ඊට අයත් වත්කම් සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව මෙම නඩුව පැවරෙන බව වාර්තා වේ.
මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද චෝදනා ගණනාවක් සම්බන්ධව කොළඹ මහාධිකරණයේදී දෙවැනි වරටත් අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අධි චෝදනා දෙකද සමග පසුගිය පාලන සමයේ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් දේශපාලනඥයන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට අදාළව අධිචෝදනා පත්‍ර 13ක් යටතේ නිතිපති දෙපාර්තමේන්තුව නඩු කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද එම ආරංචිමාර්ග කියයි.
මූලාශ්‍රය – දේශය
- http://yukthiya.lk/3939-2/
C.S.N මිලියන 157 යි බැසිල්ගේ ඉඩම් 2 යි රාජසන්තකයි
C.S.N නාලිකාවට නීති විරෝධීව ආයෝජනය කළ තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (10දා) අවසර ලැබුණු බව සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අද කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයිති බව පැවසෙන කඩුවෙල සහ මාතර බ්‍රවුන්සිල් හි පිහිටි ඉඩම් ද රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව කඩුවෙල ඉඩමේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයක්ද මාතර ඉඩමේ සංචාරක පුහුණු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
- http://www.sinhala.srilankamirror.com/news/item/15787-csn-and-besil
රජ පවුලේ අපරාධ ගැන පරීක්ෂණ 58ක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය වන බැසිල් රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂගේ මුල්‍ය වංචා හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ 58ක් සිදුවන බව වාර්තාවෙයි .බරපතළ ගනයේ අපරාධ රැසක් එයට ඇතුලත් බව කියති .
පසුගිය පාලන සමයේ සිදු වූ මුල්‍ය අපරාධ 496ක් සම්බන්ධයෙන් FCID මගින් පරීක්ෂණ සිදුවන අතර මිනීමැරුම් වැනි අපරාධ 15ක් ගැන රහස් පොලිස් පරීක්ෂණ සිදුවෙයි . විශේෂ විමර්ශන ඒකකය සිදුකරන පරීක්ෂණ ගණන 6කි .
මෙම තොරතුරු හෙළිදරවු වී ඇත්තේ පසුගියදා පැවති ඉහල පෙලේ සමාලෝචන රැස්වීමක දීය .
මිට අමතරව ජනාධිපති විමර්ශන කොමිසම හා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ද තවත් පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක කොට ඇත .
- http://yukthiya.lk/රජ-පවුලේ-අපරාධ-ගැන-පරීක්ෂ/
උඹට උත්තර නෑ නේද? පවු බන් උඹමෝඩ ජෙපි දායක සභාව හොඳටම කලබලයි![]()

මේවට කට උත්තර නැති ජෙප්පෝ පරණ මොකක් හරි දාල හිත හදාගන්නවා පව්
Before
![]()
After
![]()

මේවට කට උත්තර නැති ජෙප්පෝ පරණ මොකක් හරි දාල හිත හදාගන්නවා පව්![]()