හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට

    මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි

    පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශන වලින් සාක්ෂි සහිතව තහවුරු කරගන්නා ලද කළු සල්ලිවලින් අත්පත්කරගෙන ඇති දේපළ වල සවිස්තර සාරාංශයකි.

    01. FCID 64/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – බැසිල් රාජපක්ෂ
    විස්තරය — අංක 28 ඒ. බ්‍රවුන්ස් හිල් මාතර අක්කර 1 රූඩ් 1ක විශාලත්වයෙන් යුතු ඉඩම
    වටිනාකම — රුපියල් ලක්ෂ 560 කි.
    විස්තරය – අංක 111/3 ගඟබඩ පාර, මහවත්ත, මල්වාන ලිපිනයේ අක්කර 16ක පොල් ඉම හා නවීන නිවස
    වටිනාකම – රුපියල් ලක්ෂ 1900
    විස්තරය – ඔරුතොට ගම්පහ, අක්කර 01යි රූඩ් 02යි පර්චස් 13.83 ක ඉඩම
    වටිනාකම – රුපිලයල් ලක්ෂ 1500

    FCID 17/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – යෝෂිත රාජපක්ෂ
    විස්තරය — අංක 173/2 මිහිදු මාවත, දෙහිවල, දකුණ යන ස්ථානයේ පර්චස් 27.6 ක ඉඩම කොටසක් මිලදී ගැනීම (මෙහි මහල් 04ක විශාල නිවසක් ඉදිකර ඇත.
    වටිනාකම — රුපියල් ලක්ෂ 490.2 (ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තක්සේරු ලබාගෙන නැත)
    විස්තරය – සිරිබෝපු කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4129 ඉම් ප්‍රමාණය හෙක්ටයාර් 0.05 (සීඑස්එන් නාලිකාව නමින් මේ දේපල ඇත. )
    වටිනාකම – රුපියල් ලක්ෂ 16
    විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) නමින් ඔප්පු අංක 4130 ඉඩම් ප්‍රමාණය හෙක්. 0.05 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි)
    වටිනාකම — රුපියල් ලක්ෂ 16
    විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4132 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 0.051 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි
    වටිනාකම – රුපියල් ලක්ෂ 16
    විස්තරය – ඕබී රථය (ජංගම විකාශන රථය සී.එස්.එන් නාලිකවා ) අංක 236/01 කොබ්බෑකඩුව මාවත.
    වියදම රුපියල් ලක්ෂ 800
    විස්තරය – බත්තරමුල්ල ලිපිනයේ පිහිටි සීඑස්එන් නාලිකාව පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරිම (මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 33ක බදු බදනම මත 1998 අංක 23 දරණ රාජපක්ෂ පදනම වෙත පවරා දුන් ඉඩමකි.
    වටිනාකම – රුපියල් ලක්ෂ 2000 (මේ මුදල් ප්‍රමාණය පවසන ලද්දේ ඉදිකිරීම් සමාගම වන නව ලෝක ආයතනයෙන් ලබාදෙන ලද අතර තක්සේුරු වාර්තාව බෙහෙවින්
    විස්තරය – අංක පීවී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සතු සියලුම චංචල හා නිශ්චල දේපල හා විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත
    වටිනාකම රුපියල් ලක්ෂ 2350
    විස්තරය – නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් බී.එස්.ඩී.පී.පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ අංක 219/01 ඒ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල
    වටිනාකම – රුපියල් ලක්ෂ 1380


    FCID 138/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
    විස්තරය — 2013 02 -02 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්‍රි්‍රක්කයේ මාගම්පත්තු ප්‍ර ාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 16ක් විටිනා ඉඩම
    වටිනාකම — රුපියල් ලක්ෂ 16 කි
    2014-08-11 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4133 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලාගහ කොරටුව සියඹලාවත්ත නමැති රුපියල් ලක්ෂ 20ක් වටිනා ඉඩම
    වටිනාකම රුපියල් ලක්ෂ 20
    2014-01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4093 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම
    වටිනාකම – ලක්ෂ 17
    2014 – 01 04 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4088 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙදශීය ලේකම් කොට්ඨාශයේ කැලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර පිහිටි රුපියල් ලක්ෂ 24ක් වටිනා ඉඩම
    2014 -02-02 වන දින මිලදී නෙ ඇති ඔප්පු අංක 13878 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවා පත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොටඨාශයේ තංගල්ල නගර සභා සීමාව තුළ ඉදිපොකුණවල උතුර ග්‍රාම සේවා වසමේ පැන්නපිටිය පාරේ වරිපනම් අංක 29බීනමැති රුපියල් ලක්ෂ 150ක් වටිනා ඉඩම
    2014 -01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4091 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම
    2014 – 01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 40—– දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම
    2013 -06- 13 වන දින මලදී ගෙන ඇති ඔප්පු අංක 13715 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ………………………………… රුපියල් ලක්ෂ 16ක් වටිනා ඉඩම
    2014-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13714 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය කෙම් කොටඨාශයේ තංගල්ල නගර සීමාව තුළ ඉදිපොකුණගොඩ උතුර ග්‍රාම සේවා වසමෙ ඇන්නපිටිය පාරේ පිහිටි උග්ගහ කොරටුව හෙවත් කොස්ගහවත්ත පිහිටි රුපියල් ලක්ෂ 4ක් වටිනා ඉඩම
    කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 160ක් තැන්පත් කිරීම
    සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 240ක් තැන්පත් කිරීම
    වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 60 ක් ආයෝජනය
    ඩෙවොට් ලිමිටඩ් ආයතනයේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 30ක් ආයෝජනය
    කොටස් වෙළඳ පොළ 2013 සහ 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 140ක් ආයෝජනය
    රුපියල් ලක්ෂ 1000ක් වටිනා හොස්කෝප් සමාගම 2013 වර්ෂයේ දී මිලදී ගැනීම
    ෂැංගිලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 05ක මුදලින් නාමල් රාජපක්ෂ මහතාට ෂැංගොල් ඩේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන්රුපියල් ලක්ෂ 1575ක මුදලක් පෑන් ඒෂියා බැංකුවේ ඇම්ටෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ගිණුමේ තිබී තහනම් කර ඇත.


    FCID 82/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – චම්පික කරුණාරත්න
    විස්තරය — ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් 07ක් හා රන් භාණ්ඩ
    වටිනාකම — රුපියල් ලක්ෂ 50කි.

    මෙයට රාජපක්ෂවරුන් විසින් සීසෙල්ෂ් රාජ්‍යය, ස්වාසිලන්තය සහ උගන්ඩාවේ සඟවන ලද කළු සල්ලි, යුක් රේනයේ ත්‍රස්තවාදීන්ට උදයංග කුලතුංග හරහා අවි ජාවාරම් සිදුකිරීමෙන් උපයා ගත් කළු සල්ලි, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇවන්ගාඩ් අවිජාවාරම හරහා උපයාගත් කළු සල්ලි, ව්‍යාපාරිකයින්ගෙන් කාර්තුක්‍රමයට එකතු කළ කප්පම් මුදල්, ව්‍යාපෘති මඟින් සහ ටෙන්ඩර් මඟින් උපයාගත් කොමිස් මුදල් මෙයට ඇතුළත් නොවේ. ඒවා පිළිබඳවද මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් පසුවන බවට වාර්තාවේ.

    ඒ අනුව රාජපක්ෂවරුන් තම පාලන කාලය තුල යුද්ධයට සහ ව්‍යාජ සිංහල බෞද්ධ දේශප්‍රේමයට මුවා වී මෙරට සම්පත්වලින් සහ ජනතාවගෙන් කොල්ල කන ලද වත්කම් සහ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000 ඉක්වමනු ඇතැයි වාර්තාවේ. මෙහි විමර්ශන වලට අදාළ පුද්ගලයින්ගේ නම් අතර හිටපු ජනපති හෙවත් වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවූවද මෙම කළු සල්ලි මුදල් ඔහුගේ භාවිතය සඳහා යොදවා ඇතිබවටද අනාවරණය වී ඇත.


    - http://yukthiya.lk/රාජපක්ෂලාගේ-රුපියල්-මිලි/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    රජ පවුලේ අපරාධ ගැන පරීක්ෂණ 58ක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය වන බැසිල් රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂගේ මුල්‍ය වංචා හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ 58ක් සිදුවන බව වාර්තාවෙයි .බරපතළ ගනයේ අපරාධ රැසක් එයට ඇතුලත් බව කියති .

    පසුගිය පාලන සමයේ සිදු වූ මුල්‍ය අපරාධ 496ක් සම්බන්ධයෙන් FCID මගින් පරීක්ෂණ සිදුවන අතර මිනීමැරුම් වැනි අපරාධ 15ක් ගැන රහස් පොලිස් පරීක්ෂණ සිදුවෙයි . විශේෂ විමර්ශන ඒකකය සිදුකරන පරීක්ෂණ ගණන 6කි .

    මෙම තොරතුරු හෙළිදරවු වී ඇත්තේ පසුගියදා පැවති ඉහල පෙලේ සමාලෝචන රැස්වීමක දීය .

    මිට අමතරව ජනාධිපති විමර්ශන කොමිසම හා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ද තවත් පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක කොට ඇත .


    - http://yukthiya.lk/රජ-පවුලේ-අපරාධ-ගැන-පරීක්ෂ/
     
    • Haha
    Reactions: SLBlackKnight

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    Raja. Pawla witharak neweyi thawa godak kattiya oowa karla athi...
    Yahapalaneta set una nam awulak wena ekak naa Mata hithenne ..
    :(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    71908.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    රගර්වලට ගත් ක්‍රිෂ් මුදලින් ව්‍යාජ ඔප්පු සකස් කොට ඉඩම් අරගෙන!

    ක්‍රිෂ් සමාගමෙන් මුදල් ලබාගෙන පුත්තලමේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට රුපියල් මිලියන 40කට මිලටගෙන ඇති අබවත් එහි සැකකරුවන් ලෙස සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු 4දෙනෙක් හඳුනාගෙන ඇති බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අද (08) අධිකරණයට සඳහන් කර තිබේ.

    රගර් ක්‍රීඩාව නැංවීමට යැයි ක්‍රිෂ් සමාගමෙන් ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවු අවස්ථාව්ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය මේ බව සඳහන් කර තිබේ.

    එහිදී කාල්ටන් සුපර් නෙට්වර්ක් ආයතනයේ ගිණුම් සම්බන්ධව කටයුතු කරන සුජානි බෝගොල්ලාගමගෙන් ලබා ගත් ප්‍රකාශයකට අනූව එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් යැයි කියන රොනී ඒබ්‍රාහිම් හා රුක්ෂාන් ප්‍රනාන්දු දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.


    - http://www.lankatruth.com/site/inde...වලට-ගත්-ක්‍රිෂ්-මුදලින්-ව්‍යාජ-ලෙස-ඉඩම්-අරගෙන

    IMG_1934.gif


    - http://www.lankadeepa.lk/index.php/articles/445067
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    අර්ජුන් මහේන්ද්‍රන් + රනිල් වික්‍රමසිංහ + රවී කරුණානායක

    බැදුම්කර වංචාව ගැනත් දාපන් පොන්නයෝ


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    බැසිල්ට ලක්ෂ 10 ක ශරීර ඇප 02 ක්

    දිවි නැගුම දේපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් අරාපක්ෂ මහතාට හා හිටපු දිවිනැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ඇප නියම කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට කොළඹ මහේස්ත්‍රාත් එම්.සී.ඩී.එස්. මොරායස් මහතා දැන්විය.

    කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තමාව රිමාන්ඩ් ගත කිරීමට එරෙහිව නිකුත් කර තිබූ නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන ඇපෑලක් ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර එම ඇප අයැදුම්පති සළකා බලමින් මහාධිකරණය ඉහත නියෝගය නිකුත් කළේය.


    IMG_1982.jpg


    - http://www.ada.lk/article/176622/බැසිල්ට-ලක්ෂ-10-ක-ශරීර-ඇප-02-ක්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    රජකම් කලත් කලකම් පල දෙනවා කියන්නේ ඕකට තමා.

    කෝ යකෝ රනිල්ට, මහේන්ද්‍රන්ට , රවිට, රාජිතට , ජෝන් බාස්ට ,කිරිඇල්ලට පලදීලා ?

    කළකම් පලදෙන්නේ විරුද්ධ පක්ෂෙට විතරයි උබලගේ ජහපාලන ආණ්ඩුවේ.

    :lol::lol::lol::lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,801
    4,434
    113
    කෝ යකෝ රනිල්ට, මහේන්ද්‍රන්ට , රවිට, රාජිතට , ජෝන් බාස්ට ,කිරිඇල්ලට පලදීලා ?

    කළකම් පලදෙන්නේ විරුද්ධ පක්ෂෙට විතරයි උබලගේ ජහපාලන ආණ්ඩුවේ.

    :lol::lol::lol::lol::lol::lol:

    උන්ට පල දෙන්න ගත්තම ඔකුන්ගේ පවල් පිටින් බන් හැඳි ගැවිලා යන්නේ ඔහොම බලන් ඉමු ටික කාලයක් තව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    ජොන්ස්ටන් සහ රෝහිත ජනපති කොමිසමට

    ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් අද (08) පෙරවරුවේ බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු කොමිසම හමුවේ පෙනී සිටියේ සහල් මෙටි‍්‍රක් ටොන් හැටදහසක් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබාදීමටයි.

    ඉකුත් 2014 වසරේදී කැබිනට් අනුමැතියකින් තොරව මෙම සහල් තොගය ආනයනය කර තිබෙනවා.

    මේ අතර හම්බන්තොට වරාය විවෘත කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් ද බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනපති කොමිසම විමර්ශනයක් සිදුකරනවා.

    ඊට අදාළව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් ප‍්‍රකාශ ලබාගැනුණා.


    - http://nethnews.lk/article/8444
     
    • Like
    Reactions: GunsBlazing

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාජපක්ෂවරු හොරතං කරල තියනව නං දඩුවම් දෙන්න ඕන......්‍

    නමුත් ඔතන මහින්ද හොරකං කරා කියල කිසි දෙයක් නෑ. ගෝඨාභය හොරකං කලා කියලත් නෑ.....

    ඔය රාජපක්ෂ ගොබිලන්ට වගේ ම මේ රජය යටතේ හොරකං කරපු අර්ජුන් මහේන්ද්‍රන්, රාජිත සේනාරත්න සහ රවීන්දු සංදේශ් කරුණානායහම් වගේ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ........
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    කෝටි 15000ක මූල්‍ය අපරාධ හෙළිවෙයි

    විජයානි එදිරිසිංහ

    මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

    මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු වී ඇත. එහෙත් එම ප්‍රමාණය ද දළ වශයෙන් රුපියල් කෝටි දසදහස ඉක්මවා යා හැකි බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ පාලන කාලයේදී සිදුවී ඇති මෙම මූල්‍ය වංචා අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ එම පවුලට සම්බන්ධ ඥාතීන් විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවල වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි දහස ඉක්මවා යන ප්‍රමාණයක් බව ද අනාවරණය වී තිබේ.

    රාජ්‍ය මුදල් අවභාවිතය, රාජ්‍ය දේපොළ වංචා කිරීම, එම දේපොළ පරිහරණය කර රජයට ලැබිය යුතු ආදායම් අහිමි කිරීම, රජයේ මුදල්වලින් පෞද්ගලික ගෙවීම් සිදුකිරීම විදෙස් ගමන් ආදිය නොමිලේ සිදුකිරීම, මැතිවරණ සඳහා රාජ්‍ය මුදල් යොදා ගැනීම සහ රාජ්‍ය සේව‍කයන් යොදා ගැනීම ඇතුළු වංචාවන් ද රජයට අහිමි වී ඇති කෝටි ගණනක මූල්‍ය අපරාධ අතරට එක්වෙයි.

    පසුගිය රජයේ දේශපාලනඥයන්, ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරු, ඉහළ නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිෂන් සභා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම දැවැන්ත මූල්‍ය වංචාවලට හසු වී සිටිති.

    මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුන්සිය පනහක් පමණ වෙයි.

    ඒවා අතරින් ද වැඩිම ප්‍රමාණයක් රුපියල් කෝටි පහට වැඩි මූල්‍ය වංචා බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම පැමිණිලිවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය, වංචා කිරීම, රාජ්‍ය භාණ්ඩාගාර මුදල් වංචා කිරීම, බොහෝ සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රජයේ භාණ්ඩාගාරයට මුදල් ආදායම් ලබාදිය යුතු ආයතන රැසක් එම මුදල් භාණ්ඩාගාරයට ලබා නොදී එම ආයතනවල ප්‍රධානීන්ගේ පෞද්ගලික පරීහරණයට යොදා ගැනීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධව රාජ්‍ය විගණනය ද පසුගිය කාලයේ විගණන පරීක්ෂණ පවත්වා ඇත. ඊට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති පැමිණිලි අතර වෙයි.

    මෙම මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමේදී ඒවා අනාවරණය කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට විවිධ වූ අපහසුතාවලට මුහුණදීමට සිදු වී ඇත.

    ඒ අතර ඇතැම් මූල්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් එම ආයතනවල සටහන් වී නොමැත.

    තවත් ලියකියවිලි අස්ථානගතවී තිබිණි. තවත් අවස්ථාවල එම ආයතනවල විෂය භාර නිලධාරීන් එම ගනුදෙනු සම්බන්ධ තොරතුරු ලබාදීම ද මඟහරින තත්ත්වයක් තිබූ බව ද පැවසේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ රට තුළ සිදු වී ඇති අතිවිශාල රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධව කිසි විටෙකත් හෙළිකර ගැනීමට ‍අපහසු ගනුදෙනු පවා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    මෙතෙක් පරීක්ෂණ පවත්වා අවසන් වී නීතිපතිවරයා වෙත යවා නීතිපති උපදෙස් මත නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට ආසන්න වෙයි. පරීක්ෂණ අවසන් වූ තවත් පරීක්ෂණ වාර්තා ගණනාවක් නීතිපති උපදෙස් ලබාගැනීමට යවා තිබේ.


    - http://www.dinamina.lk/?q=2016/08/04/20408
     
    • Like
    Reactions: samindi

    monson

    Well-known member
  • May 7, 2007
    25,104
    27,361
    113
    ඉදිරි දෙසතිය තුල නාමල්ට අධි චෝදනා යටතේ නඩු

    ඉදිරි දෙසතිය තුළ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

    ඔහු විසින් පවත්වාගෙන යන එන්.ආර්. ඇසෝෂියේට්ස් ආයතනය විසින් කළ ගනුදෙනු සහ ඊට අයත් වත්කම් සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව මෙම නඩුව පැවරෙන බව වාර්තා වේ.

    මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද චෝදනා ගණනාවක් සම්බන්ධව කොළඹ මහාධිකරණයේදී දෙවැනි වරටත් අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම අධි චෝදනා දෙකද සමග පසුගිය පාලන සමයේ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් දේශපාලනඥයන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට අදාළව අධිචෝදනා පත්‍ර 13ක් යටතේ නිතිපති දෙපාර්තමේන්තුව නඩු කටයුතු පවත්වාගෙන යන්නේ යැයිද එම ආරංචිමාර්ග කියයි.

    මූලාශ්‍රය – දේශය


    - http://yukthiya.lk/3939-2/
     

    Similar threads