සෝමදේව ඔතන කියන්න හදනව කියල හිතෙන කාරනෙ ගැන යමක් කිව්වොත්—ආකියලොජි සම්බන්දව දැන් කාලෙක ඉඳන් රටේ මිනිස්සු අතරෙ ඇතිවෙමින් තියෙන නරකම මට්ටමේ අදහසක් තමා පුරාවිද්‍යාවෙන් රටේ "ඇත්ත ඉතිහාසය" කියල මිනිස්සුම අදහස් කරන මොකක්දෝ අභිරහස් සත්‍යයක් යටගහනව ය, කුමන්ත්රණකාරී න්‍යාය පත්රයකට වැඩ කරමින් ඉන්නවය කියන එක. මේක අනික් බොහෝ තැන් වල වගේම මිනිස්සු කරගන්න ස්වයං-වින්දිතකරණයක්. මේක මහා අභූත චෝදනාවක් බව පුරාවිද්‍යා එක යම් යම් සංවේදී කාරනා හැන්ඩ්ල් කරන හැටියෙන්ම පේනව. මේ තරම් සිංහල මිනිස්සු ගැන වෙස්ටඩ් ඉන්ටරස්ට් එකකින් වැඩ කරන, සමහර වෙලාවට ගැලරිය පිනවන්න පවා මැලි නොවෙන පුරවිද්‍යා දෙපාර්තමේන්තුවක් ඉඳිඳ්දිත් තව මොනවා මිනිස්සු ඉල්ලනවද කියල මට තේරෙන්නෙ නෑ. හිතෙන හිතෙන ක්‍රැක්පොට් අදහස් පිලිගන්න කියලද.
අනිත් එක් ඔය සෙල්ලිපිය ගැන තියෙන තදියම. දැන් ඕක උඩින් පල්ලෙන් හරි කමක් නෑ කියවල එලියට දාන්න ඕනෙ නැත්තන් අපිට නින්ද යන්නෑ. ඒක ප්‍රසිද්ධ කලත් තමන් හිතන් ඉන්න වෙසක් නාට්ටිය තිබ්බෙ නැත්තම් ආයෙ කුමන්ත්‍රණ කතා පටන් ගන්නව. ආකියොලොජි එකට හොඳක් අහන්න වෙන්නෑ කවදාවත්.
මේ මාස් එකේ කබ්බො සතපහකට ගනන් නොගත යුතුයි. රටේ බාගයක් යථාර්තයෙන් පලායන්න බලන් ඉන්න සික්කාරයො උනාට කරන්න දෙයක් නෑ ඇකඩමියාවෙ දේවල් වෙන පිළිවෙලක් සහ වේගයක් තියෙනව. තමන්ගෙ තියරි ගැන ඔයතරම් කැක්කුමක් තියෙනව නම් හොඳට ඉගෙනගෙන ප්‍රපෝසල් එකක් ලියල පර්යේෂනයක් කරන්න, රජයෙන් සල්ලිත් දෙනව.
සෝමදේව මේක කීම ටිකක් උත්ප්රාසජනක බවත් කියන්න ඕනෙ. ටිකක්.