මෝඩ යූටියුබ් කාරයෝ සමාජය ගෙනියන පැත්ත

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ.
    මමත් ඕක ගැන කලින් කිව්වා. අපේ රටේ මිනිස්සු ගොඩක් ඉක්මනට වෙනස් කරන්න පුලුවන් වෙබ් එකේ තියන වචනයකින් උනත්. ඒ දේවල් දැන හෝ නොදැන මුදල්, interaction, අවධානය ලබා ගන්න මොකක් හරි දෙයක් කරනවා. එක්කො හෑලි ලියනවා.එහෙම නැත්තන් වෙස්ටර්න් කල්චර් එකේ එකක් අරන් ඇවිත් අපේ තමයි මෙහෙම නැත්තෙ කියල ඔලු විකාර කරනවා. ඒ අය බලාපොරොත්තු වෙන්නෙ වෙන දෙයක් වෙන්න පුලුවන්. ඒත් ඒකෙන් මේ වගේ බලපෑමක් වෙන්න පුලුවන් නේද කියල හිතන්න ඕනෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    බොරුව මාකට් කරන්න බය නැතිකම තමයි ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් වෙන ගොබ්බ යූ ටියුබ්කාරයොන්ට තියෙන ලොකුම හැකියාව. මිනිස්සුන්ගෙ ඔළුවට බොරු විෂබීජ දාලා කරන වැඩෙන් වෙන හානිය ගැන කොයිතරම් ද කියලා තේරුම් ගන්න තරම් මොළයක්, හැකියාවක් තියන එවුන් නෙවේ දැන් යූ ටියුබ් චැනල් අටවගෙන ඉන්නෙ. නිකන් බලන්න science සම්බන්ධ topic එකක් ගැන වීඩියෝ එකක් කළත් ලංකාවෙ ඉන්න බහුතරයක් අඩුකුලේ යූ ටියුබ්කාරයො ටික ඒකටත් කරන්නෙ වීව්ස් බලාගෙන ටයිටල් එකයි, තම්බ්නේල් එකෙයි ඉදන් වීඩියෝ එකේ කතා කරන දේට පවා මිත්‍යාවයි, අද්භූත දේවලුයි ඔබ්බන එක. අපේ එවුන් බහුතරයක් බලන්නෙත් ඔය දේවල්මයි. කතා කරලා වැඩක් නෑ ඕව ගැන. 😑
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,851
    113
    මොනාද බන් ඔය සෙල්ලිපියේ තියනවයි කියන්නේ. සුද්දා කැලේට රෙන්න යනකොට අපි රත්තර වලින් හදපු කකුස්සි වල රිව්ව කියලද
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    • Like
    Reactions: NRTG and TechnWeb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    සෝමදේව ඔතන කියන්න හදනව කියල හිතෙන කාරනෙ ගැන යමක් කිව්වොත්—ආකියලොජි සම්බන්දව දැන් කාලෙක ඉඳන් ‍රටේ මිනිස්සු අතරෙ ඇතිවෙමින් තියෙන නරකම මට්ටමේ අදහසක් තමා පුරාවිද්‍යාවෙන් රටේ "ඇත්ත ඉතිහාසය" කියල මිනිස්සුම අදහස් කරන මොකක්දෝ අභිරහස් සත්‍යයක් යටගහනව ය, කුමන්ත්‍රණකාරී න්‍යාය පත්‍රයකට වැඩ කරමින් ඉන්නවය කියන එක. මේක අනික් බොහෝ තැන් වල වගේම මිනිස්සු කරගන්න ස්වයං-වින්දිතකරණයක්. මේක මහා අභූත චෝදනාවක් බව පුරාවිද්‍යා එක යම් යම් සංවේදී කාරනා හැන්ඩ්ල් කරන හැටියෙන්ම පේනව. මේ තරම් සිංහල මිනිස්සු ගැන වෙස්ටඩ් ඉන්ටරස්ට් එකකින් වැඩ කරන, සමහර වෙලාවට ගැලරිය පිනවන්න පවා මැලි නොවෙන පුරවිද්‍යා දෙපාර්තමේන්තුවක් ඉඳිඳ්දිත් තව මොනවා මිනිස්සු ඉල්ලනවද කියල මට තේරෙන්නෙ නෑ. හිතෙන හිතෙන ක්‍රැක්පොට් අදහස් පිලිගන්න කියලද.

    අනිත් එක් ඔය සෙල්ලිපිය ගැන තියෙන තදියම. දැන් ඕක උඩින් පල්ලෙන් හරි කමක් නෑ කියවල එලියට දාන්න ඕනෙ නැත්තන් අපිට නින්ද යන්නෑ. ඒක ප්‍රසිද්ධ කලත් තමන් හිතන් ඉන්න වෙසක් නාට්ටිය තිබ්බෙ නැත්තම් ආයෙ කුමන්ත්‍රණ කතා පටන් ගන්නව. ආකියොලොජි එකට හොඳක් අහන්න වෙන්නෑ කවදාවත්.

    මේ මාස් එකේ කබ්බො සතපහකට ගනන් නොගත යුතුයි. රටේ බාගයක් යථාර්තයෙන් පලායන්න බලන් ඉන්න සික්කාරයො උනාට කරන්න දෙයක් නෑ ඇකඩමියාවෙ දේවල් වෙන පිළිවෙලක් සහ වේගයක් තියෙනව. තමන්ගෙ තියරි ගැන ඔයතරම් කැක්කුමක් තියෙනව නම් හොඳට ඉගෙනගෙන ප්‍රපෝසල් එකක් ලියල පර්‍යේෂනයක් කරන්න, රජයෙන් සල්ලිත් දෙනව.

    සෝමදේව මේක කීම ටිකක් උත්ප්‍රාසජනක බවත් කියන්න ඕනෙ. ටිකක්.
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,614
    17,796
    113
    Capture.png
     
    • Like
    Reactions: Purple2022 and NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙයාගෙ pseudo science ගැන දැනගන්න ඕන නම් මේක බලන්න... මේ Dr සහ තව Dr විජිත හේරත් කියලා කැලණියේ Dr ලා දෙන්නෙක් මෙයා කියන ඒව විද්‍යාත්මක නෑ කියාල කරුණු ඇතිව කියනවා...

    ඒ වගේ විෂය දාන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න මග ඇරලා පැනල ගිහින් නෙත් එකේ පත්තර මල්ලි එක්ක බයියෝ form කරනවා...





     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    අර ජයන්ත පතිආරච්චි කියන පිස්සා තමයි මේ සේරටම මුල


    සෙල්ලිපිය කියවන්න කියල බලාගෙන මුගේ වීඩියෝ බලන උන්ට මුගේ අමුඩේ තමයි බලන්න වෙන්නේ
     
    Last edited: