මෝඩ වඳුරාගේ කතාව

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මෝඩ වඳුරාගේ කතාව

මෝඩ වඳුරාගේ කතාව

“මෝඩ වඳුරෙක් සිටියේය. දවසක් මේ වඳුරා ගසින් බිමට පැන කොටයක් උඩ ඉඳගත්තේය. ඉඳගන්නා විට වැරදීමෙකින් පශ්චාත් ප්‍රදේශයට උගේම වලිගය යටවිය. ටික වේලාවකින් එය වේදනා දෙන්නට පටන් ගත්තේය. වඳුරා කෙඳිරිගාන්නට වීය.

හාවෙක් එතැනින් යන්නට පැමිණියේය. වඳුරාගේ වේදනාත්මක කෙඳිරිය ඇසී ඔහු මොහොතකට නැවතුණේය.

”මොකද මේ කෙඳිරිගාන්නෙ?”

”ඉඳගන්නකොට වලිගෙ අහුවුණා”

”ඉතින් ඕකට කෙඳිරි ගාන්ඩ දෙයක්යැ. නැගිටල වලිගෙ අහක්කරගෙන ඉඳගන්ඩකො”

”නැගිටින්ඩ මගෙ වැරැද්ද නෙමෙයිනෙ.. කොටේ වැරැද්ද”

වඳුරාගේ අපූරු උත්තරයට මහ හඬින් සිනාසුණු හාවා උගේ කැරට් ගොවිපොළට යන්නට ගියේය.

වඳුරා කෙදිරි ගාමින් වලිගය මත ම ඉඳගෙන සිටියේය. එතැනින් මුවෙක් යන්නට පැමිණියේය. වඳුරාගේ කෙඳිරිගෑම මුවාට ද ඇසිණි.

”ඇයි මේ?”

”වලිගෙ අහුවුණා”

”ඉතින් නැගිටල ඉඳගන්ඩකො”

”නැගිටින්ඩ මගෙ වැරැද්ද නෙමෙයිනෙ.. කොටේ වැරැද්ද”

මුවා ද සිනාසිසී තමාගේ තණකොළ ගොවිපොළට යන්නට ගියේය.

හවස් යාමයේ හාවා කැරට් අල කිහිපයක් ද කරතබාගෙන ආපසු යන්නට පැමිණියේය. ඒ වනවිටත් මෝඩ වඳුරා කෙඳිරිගාමින් වල්ගය මතම ඉඳගෙන සිටියේය. හාවා සිනාසිසී යන්නට ගියේය. තවත් ටික වේලාවකින් තණකොළ මිටියක් කර තබාගත් මුවා ද ආපසු යන්නට පැමිණියේය.

”තාමත් වල්ගෙ උඩද?”

”නැගිටින්ඩ මගෙ වැරැද්ද නෙමෙයිනෙ”

”එහෙනං හෙට උදේ වෙනකල් කෙඳිරි ගගා ඉවසගෙන ඉන්ඩ”

මුවා එසේ කියා යන්නට ගියේය.

එළිවෙන විට කුමක් සිදුවීදැයි ඒ කතාවේ තිබුණේ නැත.

:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

”අමු මිරිස් මාර ගණං”

එක් පුද්ගලයෙක් එතැනින් යන්නට පැමිණි කෙනෙකුට කීවේය.

”ඇත්තද? මිරිස් ගහක් හිටෝගන්නවකො”

”ඉඩමක් නෑ.. වෙලාවක් නෑ.. අපට එච්චරට වැඩ. අනිත් එක ආණ්ඩුව වග කියන්ඩ ඕනෑ”

”ඇත්තද? එහෙනං ඔහොමම ඉන්ඩ”

අනෙක් මිනිසා තම ගොවිපොළට ගියේය.

”අමු මිරිස් මාර ගණං”

මුලින් පුද්ගලයා තවත් කෙනකුට කීවේය.

”ඉතින් ගහක් දෙකක් හිටෝගන්නවකො”

”ඉඩක් නෑ.. වෙලාවක් නෑ.. අනිත් එක ආණ්ඩුව ඒව ලාබෙට දෙන්ඩ එපායැ”

”ඇත්තද ... එහෙනම් ඔහොමම ඉන්නව“
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අර මෝඩ වඳුරාත් මේ පුද්ගලයාත් අතර කිසිදු වෙනසක් නැත. අද සිදුවන්නේ එයයි. මොකක් හෝ භාජනයක මිරිස් පැළ දෙකක් හිටවන්නේ නැත. ආණ්ඩුවට බණිමින් සිටී. මෙවැනි මෝඩ වඳුරන් මේ දිනවල කඩපිල්වල, බස්වල කෝච්චිවල, සෙනඟ ගැවසෙන තැන්වල කන්තෝරුවල දැකිය හැකිය.

ඒ අතර නුවණැත්තෝ තට්ටු නිවාසවල පවා පෝච්චියක දෙකක මිරිස් පැළ දෙකතුනක් සිටුවා ගනිති. බටු පැළයක් දෙකක්, නිවිති වැළක් ආදී බෝග ජාති හතරක් පහක් සිටුවා ගනිති. ඒ විකුණන්නට නොවේ. කෑමටය. එසේම උදේ පාන්දරින් හැදෙන පැළයක් දැකීම පත්‍රයක් අතපත ගෑම හරිම ආශ්වාදනීය දෙයක් බැව් ඔවුහු දනිති.

බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයක ව්‍යාපෘතියක් පටන් ගන්නට යන්නේ මේ මෝඩ වඳුරන්ගේ යුගය අවසාන කිරීමටය. නුවණැති සාවුන්ගේ මුවන්ගේ යුගය ආරම්භ කිරීමටය. මිරිස් ගස් දෙක තුනක් බටු පැළයක් දෙකක් බිම්මල් ටිකක් බණ්ඩක්කා ගහක් දෙකක් නිවිති වැළක් වවන්නේ ගමටම කන්ඩ දීමට නොවේ. ගෙදර ප්‍රයෝජනයට ගැනීමටය. ඒ අතරතුර විනෝදාස්වාදයක් ලැබීමටය.

තවත් ඉඩකඩ ඇත්නම් කිකිළියන් හතරපස් දෙනෙක් කිරි වැස්සියක් ඇතිකළ යුත්තේ ගමටම බිත්තර හෝ කිරි සපයන්නට නොවේ. ගෙදර ඇත්තන්ගේ ප්‍රයෝජනයටය. වැඩිපුර තිබේනම් අමතර ආදායමක් ද ලබාගත හැක්කේය.

අඳුරට ශාප කර කර ඉන්නන්ගෙන් ශත පහක වැඩක් නැත. එක් ඉටිපන්දමක් දල්වන මිනිසා කෝටියක් වටී. එළවළු ගණන් යැයි මැසිවිලි නඟන්නන් ගැන ද පුංචි ඉඩකඩෙහි පෝච්චියක හෝ යමක් සිටුවන්නන් ගැන ද කිවයුත්තේ ඒ ආකාරයෙන්මය.

ගෘහ ආර්ථික ඒකකය, ගෙදර “ස්වයංපෝෂිත ගෙදරක්” කරයි. ගම ස්වයංපෝෂිත ගමක් කරයි. ස්වයංපෝෂිත රටක් බිහිවන්නේ මහා ව්‍යාපෘතිවලටත් වඩා මෙවැනි එකෙන් පටන් ගන්නා වැඩවලිනි. ඒවා අතිශයින්ම ප්‍රායෝගිකය.

එහෙත් අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි. මෝඩ වඳුරා නුවණැති වඳුරකු කළ හැක්කේ ආකල්පමය වෙනසකින් පමණි. මේ ආකල්පමය වෙනස ඇති නොවුණොත් වඳුරා කුසගින්නෙන් මිය යන තුරුම වලිගය මත ඉඳගෙන සිටිනු ඇත. කාට හෝ බැණ බැණ සිටින මිනිසුන් ගැන ද කිව හැක්කේ එයම පමණකි.

ගෘහ ආර්ථික ඒකක දශලක්ෂයේ ව්‍යාපෘතිය ස්වයංපෝෂිත ගෙදරක්” මෙන්ම ධනාත්මක ආකල්පවලින් යුත් පවුලක් ද නිර්මාණය කරනු නිසැකය.

මේ දේශගුණික ත්‍රස්තවාදය අනුව ඉදිරි කාලයේදී ලෝක මට්ටමෙන් ආහාර අර්බුදයක් පැමිණීම වැළැක්විය නොහැකිය. එයට මුහුණ දිය හැක්කේ “ස්වයංපෝෂිත ගෙවල්” වලට පමණි.
 
  • Like
Reactions: skybirb

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මචන් උබටත් අම්මෙක් අප්පෙක් ඉන්නව ඇති නේද ? මුගේ වැඩ වලට අම්මට අප්පට බැනල වැඩක් නෑ. :no::no::no:

හොඳම වැඩේ මුගේ ත්‍රෙඩ් වලට රිප්ලයි නොකර ඉන්න එක :yes::yes:

eka machan sarath ponnasekage kalawadi basawa. kalawaddonta jathaka wechcha aya katha karanne eken. wadeta akamathinam hoda widiyata akamathi kiyanna thibba. nathnam reply nokara inna ona.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    oya kiyana widihata ganan wadi wena dewal gedara wawa ganna nam Anduwak mokatade ban lankawata ?

    heta anidda paan hoda wei neda ban

    3 welama bath kannath hoda na lu.......
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    පැටියා;9424730 said:
    ඔයා පෝච්චි වල හිටවලා තියන මිරිස් පැල වල ෆොටෝ එකක් දාන්න බලන්න.
    :D:D:D

    pala tika loku unama dannam. :D
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    WINDOWS 8 මන්ද බුද්දික බුරුවා උනාට ... මේපාර කාට හරි කියල ටිකක් වෑදගත් දෙයක් ට්යිප් කරගෙන තියෙනවා ;);)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pala tika loku unama dannam. :D

    දැං මාස තුනකට කිට්ටුයි නේද?
    තාම පොඩියි ද?
    මේ දවස්වල ඔයා මිරිස් කන්නෙ නැද්ද?
    පොච්චි ටිකේ හරි ෆොටෝ එකක් දාන්නකො අපිටත් පොඩි අයිඩියා එකක් ගන්න.
    :D:D:D
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    පැටියා;9424799 said:
    දැං මාස තුනකට කිට්ටුයි නේද?
    තාම පොඩියි ද?
    මේ දවස්වල ඔයා මිරිස් කන්නෙ නැද්ද?
    පොච්චි ටිකේ හරි ෆොටෝ එකක් දාන්නකො අපිටත් පොඩි අයිඩියා එකක් ගන්න.
    :D:D:D

    miris lagadi hitawapu ewa thiyenne.

    thawa eka eka wagawan thiyenawa.

    ape achchi pala hitawanne. api gihin atha patha ganawata eya kamathi naha

    thama miris ganne polen.
     
    • Like
    Reactions: ctt

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    WINDOWS 8 මන්ද බුද්දික බුරුවා උනාට ... මේපාර කාට හරි කියල ටිකක් වෑදගත් දෙයක් ට්යිප් කරගෙන තියෙනවා ;);)

    පිස්සුද බන් ඕක සිළුමිණේ කතුවැකිය:angry::angry:
    ඔය ගඳගහන බේරේගෙදර පත්තරේ කවුරුවත් බලන්නේ නැති නිසා මෙයා එක මෙතනට දාල

    :P:P
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    පිස්සුද බන් ඕක සිළුමිණේ කතුවැකිය:angry::angry:
    ඔය ගඳගහන බේරේගෙදර පත්තරේ කවුරුවත් බලන්නේ නැති නිසා මෙයා එක මෙතනට දාල

    :P:P
    hehe badu mattu.....:shocked::shocked::shocked::shocked::shocked::rolleyes::rolleyes::rolleyes::rolleyes::D:D:D:D:P:P:P:P:cool::cool: