ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුවන්මැලිසෑයට ගිය මොහොතේ හදිසියේම කාලගුණය වෙනස් වී මහ වැසි ඇද වැටුණා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට රුවන්මැලිසෑය අසළ රතු පලස් එලා උත්සවය පිළියෙළ කර තිබුණත් හදිසියේ මහ වැසි ඇද වැටීම නිසා එම රතු පලස් යට වීමෙන් ඒවා ඉවත් කිරීමට සිදුවී තිබෙනවා.
භික්ෂූන් වහන්සේලාට පමණක් සුදු පාවඩ දැමුවත් අන් කිසිවෙකුට පාවඩ දැමීමක් රුවන්මැලිසෑ පුදබිම අහලකවත් සිදුකරන්නේ නෑ. එසේ වී තිබියදීත් රජයේ ඉහල උදවියගේ බලකිරීම මත රුවන්මැලිසෑය ඉදිරිපට රතු පලස් දැමීමට සිදුවුණා.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා රුවන්මැලිසෑ පුදබිමට පැමිණෙනවත් සමගම එක්වරම දැඩි සුළං තත්ත්වයක් ඇති වී මහා වර්ෂාවක් ඇද හැලුණා.
වැස්සක් ඇති වීමේ කිසිදු දේශගුණික ලකුණක් නොතිබූ නිසා එකවර මහ වැසි ඇද වැටීමෙන් බොහෝ දෙනා පීඩාවට පත් වූ බව වාර්තා වෙනවා.
උත්සවයට පැමිණ සිටි බොහෝ නිලධාරින්ගේ ඇඳුම් තෙත බරිත වු අතර, ඉන්දීය අගමැතිවරයා රෝ ඔත්තුකරුවන් වට කරගෙන මහ වැස්සේම රුවන්මැලි සෑයෙන් පලා යනවාත් සමගම වැස්සද අවසන්වු බව වාර්තා වෙයි.
දෙවි දේවතාවුන්ව විශ්වාස කරන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසාමාන්‍ය ලෙස බියට පත් වී සිටි අතර, වහාම යාපනයේ නගුලේෂ්වරන් කෝවිලට ගොස් යාගයක් සිදුකළා. මෙන්න සාක්ෂි. https://www.facebook.com/narendramodi/timeline/story…
ඉන්දිය අගමැතිවරයාගේ පැමිණිමත් සමග ඇතිවු හදිසි වර්ෂාව සුබදායි ලකුණක් නොවන බව රුවන්මැලිසෑ ප්‍රදේශවාසින්ගේ මතය වි ඇත. අනුරාධපුරය ඇතුලු උතුරු මැද පළාතට මෙි දිනවල පවතින්නේ වියළි කාලගුණ තත්ත්වයක් බව ප්‍රදේශවාසීන් පවසයි.

