මoගලගේ කොල්ල හෙළිවෙයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    මoගලගේ කොල්ල හෙළිවෙයි

    මංගල කියන්න විපක්ෂයේ ඉන්න පොරක්. ආණ්ඩුවට අබියෝගයක් .මේක ආණ්ඩුව මඩ ගහන්න ගොතපු එකක්ද දන්නේ නැහැ.

    lankacnews




    එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පානදුර පිහිටි නිවෙසට හොරෙන් පැන එහි තිබූ වටිනා භාණ්ඩ සොරකම් කර පොලිසියට හසු වූ පුද්ගලයා මන්ත්‍රීවරයා කාලයක් තිස්සේ හඳුනන ඔහුගේ නිවෙසට සහ නිල කාමරයට නිතර යන එන ඔහුට ඉතා හිතවත් තරුණ ‘බීච් බෝයි’ කෙනකු බව පොලිස් පරීක්ෂණවලින් දැන් අනාවරණය වී තිබේ.

    එම තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මන්ත්‍රීවරයා සමඟ හිතවත් බවත් නිතරම එම නිවෙසට යන එන බවත් සහ ඔහු එම සොරකම සිදුකළ ආකාරයත් පාපොච්චාරණය කර තිබේ.

    මේ සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි වීරපෙරුමාල් ෂිවාන් ප්‍රියංකර නැමැති තරුණයෙකි. ඔහු බීච් බෝයි කෙනකු වශයෙන් විදේශිකයන් සමඟ ද සබඳතා පවත්වන තරුණයකු බවද හෙළිවී තිබේ. දෙහිවල, පයාගල යන ප්‍රදේශවල ද පදිංචිව සිට ඇති මොහු දැනට රත්මලාන ප්‍රදේශයේ මුහුදුබඩ ලෑලි පැල්පත් නිවෙසක පදිංචිව සිටින අයෙකි.

    මත්කුඩුවලට ද ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර මීට සති කිහිපයකට පෙර මංගල සමරවීර මහතාගේ නිවසින් ලැප්ටොප් පරිගණකයක් ද සොරකම් කර ඇත. එම ලැප්ටොප් පරිගණකයද පසුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. පසුගියදා මොහු මංගල සමරවීර මහතා මාතර ගොස් සිටි අවස්ථාවේ හොර රහසේ නිවසේ කැඩුන ජනේලයකින් ඇතුළුවී ඇත.

    අනතුරුව නානකාමරය හරහා සමරවීර මහතාගේ කාමරයට ඇතුළුවී තිබේ. එම කාමරය “බහුකාර්ය” එකක් බව හඳුනාගෙන ඇත. ඔහු එහි තිබූ බ්ලැක් ලේබල්, ජොනිවෝකර් සහ ග්‍රාන්ට් ආදී වශයෙන් වටිනා විස්කි බෝතල් හතක්ද බෑගයක දමාගෙන පලාගොස් තිබිණි.

    ඒ වනවිට වේලාව පස්වරු 6.30ට පමණ වූ අතර නිවසේ ඒ අවස්ථාවේ සිට ඇත්තේ කෝකියා පමණි. යම් පුද්ගලයකු නිවසින් පැන යන බවටත් මන්ත්‍රීවරයාගේ කාමරයෙන් ශබ්දයක් ඇසුන නිසා ඒ ගැන සොයා බැලූ කෝකියා දැක ඇත. එහෙත් කෝකියා පුද්ගලයා හඳුනාගෙන නොතිබුණි.

    මේ අතර මේ සොරකම සම්බන්ධව පානදුර පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබියදී පොලිසියට ලැබුණ තොරතුරක් මත පසුගිය සතියේ දිනක එම ප්‍රදේශයේම කැලෑවක් තුළ සිට පුද්ගලයකු සැක කටයුතු ලෙස ගෝනියක්ද කරගසාගෙන එද්දී පොලිසිය ඔහු පරීක්ෂාවට ලක්කර තිබුණි.

    ඔහු සතුව තිබූ ගෝනියේ මන්ත්‍රීවරයාගේ නිවසේ සොරකම් කරන ලද වටිනා මිල අධික විස්කි බෝතල් හත තිබෙනු දුටු පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිදුකරන ලද සොරකම සහ මන්ත්‍රීවරයා සමඟ හිතවත්ව එම නිවසට නිතර ආගිය තොරතුරුද පාපොච්චාරණය කර තිබේ.

    අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත. මංගල සමරවීර මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඔහුට මරණීය තර්ජන ඇතැයි පවසා ආරක්ෂාව වැඩිකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.

    එහෙත් මන්ත්‍රීවරයා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකර නැති බව එම නිවසට මේ ආකාරයේ මත්කුඩු පාවිච්චි කරන බීච් බෝයි වැනි පුද්ගලයන් ගෙන්වා ගැනීමෙන් සහ ඔහුගේ නිවසේ කැඩුන දිරාපත්වී ඇති ජනෙල් දොරවල් පවා අලුත්වැඩියා නොකර ඕනෑම පුද්ගලයෙකුට ඊට ඇතුළුවීම සඳහා අවස්ථාව සලසා තිබීමෙන් හෙළිවන බව එම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් පැවසීය.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,940
    113
    canada
    ජෝන් අමරතුංග ලෝක අන්ඩය

    එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදපෙරදිග සහ යුරෝපා නිල සංචාරයට සහභාගී වී ඇත්තේ පක්ෂයේ පූර්ණ අනුදැනුම යටතේ යයි පක්‍ෂය නිවේදයය කරයි.

    මෙම සංචාරයේදී ජේසුස් වහන්සේ උපත ලද බව කියවෙන ප‍්‍රදේශයේ ගැට්විටි දේවස්ථානය දැකබලා ගැනීමටද ජෝන් අමරතුංග මහතාද එක්ව සිටී.

    සංචාරයේදී ආගමික ස්ථානවලට සහභාගී වනවා හැර වෙනත් නිල කටයුත්තකට අමරතුංග මහතා සහභාගී නොවන්නේ යයි ඒ මහතා දැනුම් දී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සදහන් කරයි.

    කෙසේ වෙතත් මෙම පින්තුරයෙන් දැක්වෙන්නේ අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ජෝර්දාන් රජු මුණ ගැසීමේ නිල කටයුත්තට සහභාගී වන අයුරුයි.


    lankacnews...../sinhala/news/107969/
     
    Last edited: