යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🤔🤔🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    චිචී රොකට් යවපු එකටත් මේ වගේ උද්යෝගයෙන් කමෙන්ට් එකක් දාපන්. මම උඹව මෙන්ෂන් කරල ඇති :lol:
    කොමෙන්ට් කරා මේ ගාන ඇතිද නැත්නම් තව සැරට ඕනේ ද ?🤣🤣🤣🤣
    20221210-200634.jpg
     
    • Like
    Reactions: caltonhp

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    හොදම ටික පහල... මේ පුදුමය ගැන කියවලම දැනගන්න.❤️
    මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ.
    මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.
    මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.
    මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10.
    ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.
    මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980වෙ......
    J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න .
    ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව.
    අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන "වික්ටෝරියා" කියන නම කියල..
    J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව.
    මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල....
    කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව.
    ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්.
    එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒකනිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල...
    ⭕ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි..
    📌️ කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.
    📌️ ජල විදුලිය නිශ්පාදන කිරීමට.
    📌️ වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.
    📌️ මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.
    📌️ ගං වතුර පාලනය කිරීමට.
    පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ. 🤗😃🤗
    ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.
    ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට....
    ✴️✴️✴️✴️
    කෙටියෙන් වේල්ලේ විස්තර...👇👇👇👇
    මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.
    අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.
    🔵 වේල්ලෙ උස මීටර් 121
    🔵 ️දිග මීටර් 520
    🔵 ️වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.
    🔵️ මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.
    🔵 ️උපරිම ජල මට්ටම - මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.
    🔵 ️මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.
    🔵 ️උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.
    🔵 මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.
    🔵 මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?
    🔵 ️අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ.අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.
    🔵 ️ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව.ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.
    🔵 එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.
    🔵️ ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.
    🔵 ️නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.
    🔵 ️1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.
    🔵 ️ ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.
    🔵 ️ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි... ලාංකික 47.එංගලන්ත 3 යි....
    ස්‍තුති....සටහනේ මුල් හිමි කරුට
    This is double curvature concrete dam, it's designed to get compressive force to the concrete, no need the tention steel, but openings and around galleries A-G use precast reinforced units. No bond between rock foundation and concrete structure. They grout the joint between rock and concrete, there is mini power station at the bottom of the dam for housekeeping power.
    Consultant Sir Alexander Gibbs & Parteners
    Contractor Balfour Beatty and Edumond Nuttall
    Swiss company Lozenger shared their experience with Balfour Beatty to construct concrete arch dam