යකඩ සුදාට මොකද උනේ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    යකඩ සුදාට මොකද උනේ?

    sudarman_radaliyagoda.gif
     

    sgomaz

    Member
    Dec 15, 2010
    75
    2
    0
    moo karanna puluwan hema horakamakma kala....
    mama hituwe chande iwarawechcha gaman moowa arrest karai kiyala
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    Sudarman Radaliyagoda's Telephone Conversation


    යකඩ සුදා අල්ලන්න පොලිසියට කාන්දම් දෙමුද?


    ස්වාධීන රූපාවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වන සුදර්මන් රදලියගොඩගේ විදෙස් ගමන් තාවකාලිකව අත්හිටුවන්නට පසුගියදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කරනු ලැබීය.ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ පුවත් මවා ජනතාව අතර වැරදි මත පතුරවන්ට ගත් උත්සාහයට එරෙහිව ගොනුවූ පැමිණිල්ලක් හේතුවෙනි.වසර ගනනාවක් රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස සුදර්මන් රදලියගොඩ කල කී දෑ පිලිබදව පසුගිය කාල සීමාවේ නීතිය කිසිවිටක ක්‍රියාත්මක නොවූ අතර ඔහුට එරෙහිව තවත් චෝදනා රැසක් පසුගිය වසර කිහිපයක් තිස්සේ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අනාවරණය කරන ලදි.

    2012 ජුනි මස 05 දින නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අහිංසක ජනතාව‍ගෙන් ලක්ෂ ගනන් වංචා කළ සුදර්මන්ගේ රට රැකියා ජාවාරම් සහ කාන්තාවන්ට සිදුකල අපචාරයන් පිලිබද සියලු ලාංකිකයන් දැනුවත් කල ද නීතිය කිසිවිටක ක්‍රියාත්මක නොවීය.විහිලුවකට කාරණවා වන්නේ දිවයිනේ පොලීසි ගණනාවක මේ පිළිබද පැමිණිලි ද තිබීමයි.ඔහු සිදුකල මහා පරිමාණ යකඩ වංචාව පිලිබදවද නෙත් එ්‍ෆ් එම් බැලුම්ගල කෙතරම් කීවද ඒ වෙනුවට සිදු වූයේ ඔහු වෙනුවෙන් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ පොලිස් වරෙන්තුව අනුව පොලිස් නිළධාරීන්ට පිස්තෝලයක්ද ඉනේ ගසාගෙන කොටිකාවත්තේ සිට බත්තරමුල්ලේ රාජකාරියට යන සුදර්මන් අල්ලා ගැනීමට නොහැකි වීමයි.එහෙත් රටේ ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග විවිධ අවස්ථාවල සුදර්මන් එකට සිටින පිංතූර පවා සමාජ ජාල මාධ්‍ය සහ ජනමාධ්‍ය අතර ප්‍රචලිත වූයේ පොලිසියේ නිරුවත සහ නීතියේ අසමානත්වය උපහාසයට ලක් කරමිනි. යකඩ වංචාව නිසාම යකඩ සුදා ලෙස ද හඳුන්වන සුදර්මන් අල්ලා ගැනීමට පොලිසියට කාන්දම් දිය යුතු දැයි රටේ බුද්ධිමත් ජනතාව උපහාසයෙන් ප්‍රශ්න කරන්නේ මේ නිසාය.

    පසුගිය ජනවාරි 27 වනදා නෙත් එෆ් එම් බැලුම්ගලින් අනාවරණය කලේ සුදරමන්‍ රදලියගොඩගේ තවත් මහා පරිමාණ වංචාවකි.ඒ එවකට සුදු වෑන් රථයකින් පැහැරගත් කරාටේ ධම්මික නම් පාතාල කල්ලි සාමාජිකයෙකු නිදහස් කර දීම සදහා විටින් විට ලක්ෂ 69 ලබාගත් වංචාවයි. එම සංවාද වලදී එවකට අාරක්ෂක ලේකම්වරයා මෙන්ම හිටපු අගවිනිසුරුවරයෙකු සම්බන්ධවද ඔහු සිදු කරන ප්‍රකාශයන් පිලිබදව මෙතක් නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන් නොඇසූවද මේ රටේ බුද්ධිමත් ජනතාව ඇසූ බව නම් අප දන්නෙමු. ඊට හොදම සාක්ෂිය වන්නේ නෙත් එෆ් එම් බැලුම්ගල කල අනාවරණය ජාතික රූපවාහිනියේ ප්‍රධාන පුවත් තුලින් ද උපුටා දක්වා පෙන්වීමයි. ජනතාව හැර රටේ කිසිදු නිළධාරියෙකු තවමත් ඒ රූපවාහිනි පුවතද දුටු බවක් පෙනෙන්නට නැත්තේ සුදර්මක් සම්බන්ධව ඇති මේ අලුත් චෝදනා වලට නීතිය ක්‍රියාත්මක නොවීම නිසාය.



    එහෙත් ස්වාධීන රූපාවාහිනියේ ප්‍රවෘත්ති අශයේ ප්‍රධානියාගේ වංචාවන් පිළිබද ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති වලින් රටට පවසන්නට සිදු වීම එක්තරා ආකාරයකට දෛවයේ සරදමකි. රටේ අභාග්‍යකි. මන්ද මෙතෙක් කල් ස්වාධින රූපාහිනියේ පුවත්වලට වගකියා ඇත්තේ නීති ගරුක මාධ්‍යවේදියෙකු නොව පල් හ‍ොරෙකු වීම නිසාය. එවන් හොරෙකුට සාවද්‍ය පුවත් මැවීම යනු වෙහෙරක් ගිල්ල එකාට අග්ගලයක් කෑම වැනි සරල ක්‍රියාවකි. ඒ සරල ක්‍රියාවට නීතිය ක්‍රියාත්මක වෙද්දි මේ වංචනිකායා සම්බන්ධ මහාපරිමාණ ක්‍රියාකරකම් ඇති බව යහපාලනය වෙනුවෙන් පොරොන්දු දුන් රජයට ජනතාව මතක් කර සිටී.


    සුදර්මන් රදලියගොඩ පිළිබද පළමු අනාවරණය


    සුදර්මන් රදලියගොඩ පිලිබද දෙවන අනාවරණය


    - http://offair.nethfm.com/article/12509
     
    Last edited: