යකඩ හීන වල තිත්ත ඇත්ත.

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ස්ට්‍රීට් රේස් කල්ලි පිටුපස කතාව. තමුන්ගේ පුතාත් බිලිවෙන්න කලින් සම්පූර්ණ කතාව කියවන්න. මේවා කියලා මටත් ගෙදර ඉන්නත් නැති වෙයිද දන්නෑ. හැබැයි කියන්නැතිව ඉන්න එකත් සමාජයට කරන වැරැද්දක්.
    ඔය වයසට කොල්ලෝ එහෙම තමා කියුවාට. ඔය කොල්ලෝ නවතින තැන ගැන උන්ට වත් අවබෝධයක් නෑ. අපි දන්න කාලෙක ඉදන් තැන තැන පාරේ රේස් පැද්ද බව ඇත්ත. නමුත් දැන් මේවා පිටුපස පාතාලයත්, මත්දුව්‍යත් සම්බන්ධයි. කොල්ලෝ ඕවාට සම්බන්ධ වෙන්නේ දැනුවත්ව නෙමෙයි. හැබැයි ඉතින් ගියොත් ගියා අවසානයක් නැත.
    වැඩේ වෙන්නේ මෙහෙමයි. කොයි කොල්ලත් කැමතී බයික් එකක් පදින්න. සමහරු ආසයි ඕකෙන් නාහට අහන්නැති වැඩ කරන්න. හැබැයි දැන් ඉස්සර වගේ කොල්ලෝ ලොකුවට වල බහින්නෑ නේ?. ගෙවල් වල ඉන්න පුතාලා වැරැද්දක් කරලා උසාවි ගියදාට, මිනිහාට සෙට් වෙනවා ඒ ජාතිය යාළුවෝ. ඒ ජාතිය පොඩි නහර කාරයෝ පික් කරන එකෙක් උසාවියේ ඉන්නවා. ඌ ටෝක් කරනවා කොල්ලාට. අයියෝ ඔය වගේ පොඩි කේස් ශේප් කරගන්න පුලුවන් උසාවි නොගිහින්. අනිත් දවසේ මට කෝල් එකක් දෙන්නකෝ. නම්බර් හුවමාරු වෙන්නේ එහෙමයි. දන්නේම නැතුව ඌව බයික් ගැන්සියකට සෙට් වෙනවා. ඇත්තටම අර බුවාට පුලුවන් ගමේ පොලිස්සියේ පොඩි බැලන්ස් එකක් ගහලා ලයිෂන් එක උසාවි නොගිහින් පොඩි දඩයකට මාරු කරගන්න. මිනිහා ඒකට වියදම් කරලා ට්‍රැෆික් එකේ මහත්තයෙක් නඩත්තු කරනවා. පාඩු නෑ වැඩේ. වැටලීමට එනකොට නිවුස් එක දෙන්නෙත් ඒ මහත්තයාම තමා.
    🤣

    වල බහින කොල්ලෝ නම් ඉතින් ඊසි සෙට් වෙනවා ඕවාට. හැබැයි උන්ට වඩා අන්දන්න ලේසි අර ගෙවල් වල හැදිච්ච අහින්සකයෝ. ඉතින් ඔය බයික් ගැන්සි වලට අර පාතාලේ ආශිර්වාදය උපරිම තියෙනවා. පිටින් කවුරු හරි සද්දයක් දැම්මොත් ඉවරයි තමා. අහවල් අයියා අපිව බලාගන්නවා කියලා පොඩි උන් ටිකත් හෙන බක්තිය. අයියා ඉතින් ලොස් නැතිව මල්ලිලාට වියදමුත් කරනවා. එයා තමා ඔතන ටීම් එක කෝල් කරලා රේස් තියන්නේ. රැලි යන්නේ. වැඩ සේරම කරන්නේ.
    කට්ටිය සෙට් වෙලා බයික් 30-50 රංචු පාරේ යනවා කවුරුත් දැකලා ඇති. කවදාවත් පොලිස්සියෙන් අල්ලන්නෑ නේද? ඇත්තටම උන්ට එහෙම අල්ලන්න හැකියාවකුත් නෑ. ඔය සෙට් පිටිපස්සේ සමහර දේශපාලකයෝත් ප්‍රසිද්ධියේ පෙනී සිටියා මතක ඇති නේද? මම ඇස් දෙකට දැකලා තියෙනවා කල්පිටියේ බයික් 50+ එක පාර ඉස්සරහින් VIP ලයිට් දාගෙන ඩිෆෙන්ඩර් දාගෙන හෝන් ගහගෙන 70-80ට යනවා. වැඩි හරියක නම්බර්ප්ලේට් වත් නෑ. හයි කැපෑසිටි. පොලිස්සිය නෙමෙයි ඇහැක් ඇරලා බලන්නේ. ට්‍රැෆික් ඉන්න උන් කෙලින්ම කඩවල් ඇතුලේ හැංගෙනවා ඒවා එනකොට.
    ඔය බයික් වල යන 80% දන්නෑ උන් මොකද මේ කරන්නේ කියලා වත්. "අම්මා අපි එනකොට පොලිස්කාරයෝ කාණුවේ.." ගැම්මට හිතට අරං යන්නේ. ඔය අතරේ මත්ද්‍රව්‍ය, අවි ආයුධ බයික් කිහිපයක ලස්සනට බයික් කිහිපයක ප්‍රවාහනය කරනවා. වැරදිලාවත් පොලිස්සිය පැන්නොත් අර අහින්සකයෝ දෙක තුනක් අහුවෙයි. අරුං ටක් ගාලා පැනගන්නවා. උන් එක්සිට් රූට් ප්ලෑන් කරලා යන්නේ ගානට. අනික බයික් 50ක් අල්ලන්න කවුද ඉන්නේ?. තව තව නගර කිහිපයක ඔය වගේ සෙට් ඉන්නවා බලන්න ඔයාලාට මතක් වෙනවා නේද?. ආ ඒ නගර එක්ක මත්ද්‍රව්‍ය පාතාලේ නම් ටිකත් මතක් වෙනවාද බලන්න?. පසල් එක කනෙක්ට් වෙයි එතකොට.
    ඔය සෙට් වෙන කොල්ලන්ටත් අයිස් ටික එහෙම ලාබෙට ලැබෙනවා. ටික දවසකින් ඔක්කෝම ඇඩික්ට්. උන්ට ඔතනින් ගැලවීමක් ඇත්තේම නෑ.
    පොලිස්සිය මේවා හොදටම දන්නවා. කොරන්න දෙයක් නෑ. එකක් පාතාලය සහ දේශපාලන හයිය. අනික එච්චර වැටලීමකට කැපෑසිටියක් නැතිකම.
    ඊලගට වෙන දේ තමා ඔය රයිඩර් මල්ලිලාට ඔට්ටු දාලා බයික්, සල්ලි නැති වුනාම අර අයියා පාඩුව ගෙවනවා එතනදීම. ගෙදර යන්න බෑ නේ ඉතින් බයික් එක නැතිව. ඒ සල්ලි වලට ඉතින් අර අයියා කියන වැඩ කරන්න වෙනවා. අතනට පාර්සලයක් මෙතනින් පික් කරලා ගෙනිහින් දෙන්න වගේ සිම්පල් වැඩ. ඇතුලේ තියෙන්නේ මොනවාද ඌ දන්නෙත් නෑ. හිතාගත්තෑකි නේ?
    තව එකක් තමා අහවල් තැනින් බයික් එකක් ඇති. ඒක අරං අහවල් හන්දියට යන්න කොල්ලෙක් එයි. ඌව මෙතනට ගෙනිහින් දාන්න. හරි සිම්පල්. කවුද හිතන්නේ මේ මර්ඩර් එකක් ගහන්න යන එකෙක්, මඩර් එකක් ගහලා එන එකෙක් කියලා. උන් අසරණ වෙනවා අහුවෙච්ච දාට. වැඩේ බාරදීපු එවුනුත් නෑ, ගෙනිහින් බස්සපු එකාගේ නමක් වත් දන්නෑ ඊටපස්සේ. ඔය ඔට්ටු දාලා දිනන බයික් පොත් ට්‍රාන්සර් වෙන්නෑ ගොඩක් වෙලාවට. විකුණනකන් කියලා ඔපන් පේපර්ස් තමා වැඩේ යන්නේ. හදිස්සියේ වත් ඕක මර්ඩර් එකක් ගහන්න ගිහින් මාට්ටු වුනත් බඩුම තමා.
    තමුන්ගේ පුතාත් බයිසිකල් සෙට් එකක නම් ඉන්නේ, කවුරුත් හොදට හොයලා බලන්න. ඔයාගේ පුතා වත් දන්නැතිව ඇති බැහැලා ඉන්න වලේ තරම. දැනටම ණයක් අරං ද දන්නෑ. ඕවා නැවත සල්ලි වලින් ගෙවන්න පුලුවන් ණය නෙමෙයි.
    වරද්ද ගන්න එපා! බයික් පදින හැම කොල්ලාම පාතාලේ කියලා නෙමෙයි මම කියන්නේ. යකඩ හීන තියෙන උන් ගිලගන්න බලං පාතාලේ ආදරෙන් ඉන්නවා. පුතාට යකඩ හීන තියෙනවා නම් ඌ හරියට ඇහැට කනට පේන කෙල්ලෙක් තනියම මහ රෑට පයින් යනවා වගේ තමා. ලොකු අනතුරක අභියස ඉන්නේ.
    ඔය කොල්ලෝ සෙට් එකට ඉන්න අයියා සමහරවිට පාතාල නමක් ගෑවිලා වත් නැතිව ඇති. හරි අහිංසක අයියා. ඌට උඩින් හැන්ගිලා ඉන්නේ පාතාල නායකයෙක්. ඌ තමා ඔය හැම එකටම වියදම් කරලා අරූ ලව්වා කොල්ලෝ බාවගන්නේ.
    නම් ගම් විස්තර එක්ක ලියතෑකි. අහක යන බකට් ඕන නැති නිසා නවතින්නම්. කැමති කෙනෙක්ට පොඩ්ඩක් ඔය රෑට රෑට බයික් පදින සෙට් එකකට සෙට් වුනා නම් බලාගන්න පුලුවන් තොරණේ විස්තරේ...