මේක ලියන්න හිතුනේ ලඟදි fb එකේ දැක්ක වාහන අනතුරක් එකක් නිසා. බයික් කොල්ලෙක් මූණටම ආව බස් එකක වැදිලා ඔලුව කුඩු වෙලා එතනම මැරිලා.
අපේ රටේ ගත්තත් පිට රටක් ගත්තක් වැඩියෙන්ම වාහන අනතුරු වලින් මරණයට පත් වෙන්නේ බයික් වලින් ගමන් යන උදවිය. මරණ වලට අමතරව මොලයට වෙන හානි (brain injuries), සුෂුම්නාවට වන හානි (spinal chord injuries), ඇට කැඩීම් (fractures) වගේ බරපතල ආබාධ වෙන්න පුළුවන්.
ලෝක සෞඛ්ය සංවිධානය (WHO) කියන විදිහට සමස්තයක් වශයෙන් ලෝකේ වාහන අනතුරු වලින් වැඩියෙන්ම මැරෙන්නේ අඩු ආදායම් ලාභී පුද්ගලයන්.
US වල දත්ත ගත්තහම, අනික් වාහන වලට සාපේක්ෂව බයික් අනතුරු වලින් මැරෙණ ප්‍රමාණය වැඩියි.
US වලත් ප්‍රතිශතයක් විදිහට ගත්තහම වැඩියෙන්ම අනතුරු වලින් මැරෙන්නේ බයික් පදවන අය. අනිත් වාහන වලට වඩා 4 ගුණයක් විතර මරණයේ ප්‍රවනතාවය තියෙනව බයික් රයිඩස් සහ මගීන්ට.
US කියන්නේ අපි වගේ 15 ගුණයකට වඩා ජනගහනය ඉන්න රටක්. එහෙම රටක් එක්ක සාපේක්ෂව බැලුවොත් අපේ අනතුරු ප්‍රමාණය බොහොම වැඩියි.
අපේ රටේ ගත්තොත් මේ තියෙන්නේ 2017 වාහන අනතුරු වලින් මැරුණ අයගේ දත්ත;
2017 දී 3147ක් වාහන අනතුරු වලින් මැරිලා තියෙනවා. කොටින්ම කිව්වොත් 2017දී මිනීමැරුම් වලින් මැරුණ අයගේ සංඛ්‍යාව 616 ඒවගේ 5 ගුණයක් මැරිලා තියෙනවා පාර තොටේදී. ලංකාවේ හැම පැය 3කටම වරක් මනුස්සයෙක් මැරෙනවා ඇක්සිඩන්ට් වෙලා.
මේ තියෙන්නේ 2018 මැරුණ අයගේ දත්ත.
2017 දී බයික් මරණ සංඛ්‍යාව 637, 2018 වෙනකොට ඒක 1211 කට වැඩි වෙලා තියෙනව.
මට 2019ට හොයා ගන්න බැරි උණා. හැබයි අනිවාර්යයෙන්ම පහුගිය අවුරුදු වලට වඩා ගාන වැඩි වෙයි. මේකට මුලික හේතුව තමයි පාරවල් වල තියෙන වාහන ගාන වැඩි වීම.
හේතු
අනතුරු අවදානම වැඩිම කට්ටියක් තමයි බයික් කියන්නේ, ඊළඟට ටුක් ටුක්. බයික් වල යන අය කාර් වල යන අය වගේ හොඳට ආවරණය වෙන්නෑ. කෙලින්ම impact එක වදින්නේ ඇඟට, අපේ ඇඟවල් කියන්නේ යකඩවලින් හැදුන දේවල් නෙවෙයි, ඉතින් වාහනයක් වැදුනම විනාසයි.
අනික අනතුරක් උනාම වෙන injury එක නතර වෙන්නේ හීරිමකින්ද මරණයකින්ද කියන දෙක තදින්ම බලපාන එකක් තමයි වාහන දෙකේ ගම්‍යතාවය. ගම්‍යතාවය කියන්නේ මොකක්ද කියල කට්ටිය දන්නව ඇතිනේ, කමක් නෑ මම අයෙත් මතක් කරන්නම්.
ගම්‍යතාවය කියන්නේ ස්කන්ධය * ප්‍රවේගය. මේක වාහන අනතුරු පැත්තෙන් බැලුවොත් වේගයෙන් එන බයික් එකක් නතර කර තියෙන බස් එකක හැප්පුනොත් ඉතින් බයික් එකට sorry තමයි, සමහරවිට ජීවිතේ බේරෙන්න පුළුවන්. වේගෙන් යන බයික් එකක් තවත් වේගෙන් යන බස් එකක හැප්පුනොත් බයික් එකටය් එකේ යන අයයි අබ අසරණයි, ගොඩක් වෙලාවට රෝහලට යන්නේ death on arrival කියල, හැබයි බස් එකක් තියෙන්නේ පොඩි damage එකක් වෙන්න පුළුවන්. ඒක නිසා බයික් වල යන කොල්ලෝ තමන්ගේ speed එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි .
Drunk driving, calling/texting while driving ගැන මම කියන්න ඕනි නෑ . ඕව වැරදි කියල හැම තොත්ත බබෙක්ම දන්නවා. හැබයි මෙතන අවුල වෙන්නේ තමන් හොඳින් ගියත් අනික් එකාට සිහිය නැත්තම් එතනත් අනතුරකදී හානි වැඩිම බයික් වලට.
බයික් වලට ලංකාවේ අනිවාර්ය දෙයක් තමයි හෙල්මට් එක , හෙල්මට් ජාති ගත්තහම full face, open-face, half-helmet (shorty) කියන ඒවා වැඩිපුර භාවිත වෙනවා.
එකෙනුත් වැඩිම ආරක්ෂාව දෙන්නේ full face. Half-helmet නම් crash එකක් උනාම විසි වෙලා අයින් වෙන්නත් පුළුවන්, එකේ ආරක්ෂාව අවමයි.
US දත්ත අනුව හෙල්මට් දැම්මම අනතුරකින් මරණයට පත්වන අවදානම 37% කින් අඩු වෙනවා. ඒවගේම අනතුරකින් එකකින් brain damage වන අවදානම 67% අඩු වෙනවා.
ලංකාවේ නැති උනාට US, Europe වල helmet වලට ආරක්ෂාව පිළිබඳ සහතික දෙනවා. DOT, SNELL, ECE 22.05 සහතික තියෙන හෙල්මට් එකක් හොයා ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.
හොඳම හෙල්මට් brands Arai, Shoei, Schuberth, X-Lite, Shark සහ AGV යන ඒවා. මේවා ඉතින් ටිකක් මිළ අධිකයි, එහෙම කියල බාල හෙල්මට් දාල අනතුරකදී ඒක කුඩු වෙලා brain damage/මරණයක් උනොත් ඉතින් වැඩක් නෑ.
ඔය මොන හෙල්මට් දැම්මත් එක හොඳට තද වෙන්න පළදින්න දැනගන්න ඕනි, නැත්තම් හෙල්මට් එක විසි වෙලා ඔලුව තමයි කුඩු වෙන්නේ. මං ලඟදි දැක්ක එකෙත් හෙල්මට් එක විසි වෙලා තමයි කොල්ල මැරිලා තිබ්බේ.
දැන් බලමු වාහන අනතුරු වෙන ප්‍රධාන විදි ගැන;
1. අපේ ඉස්සරහින් යන වාහනයක් දකුණට හැරවීම
ඉස්සරහින් යන වහනයක් පස්සේ යන බයික් එක දැකල නැතුව හරි ස්පීඩ් එක බලන්නැතුව වංගුව දැම්මොත් පස්සේ ඉන්න බයික් එක හැප්පෙන්න පුළුවන්. මේක වලක්වන්න පාරේ තියෙන හන්දි, ඉස්සරහ යන වාහන ගැන අවධානයෙන් ඉන්න ඕනි. ඉස්සරහ වාහනේ හද්දීස්සියෙන් බ්‍රේක් ගැහුවොත් වදින්නැති වෙන්න දුරක් තියල යන්න ඕනි .
2.වංගු ගැනීම
සමහරු වංගු ගන්න කොට වේගය පාලනය කරගන්න බැරුව වාහන පාරෙන් එළියට විසි වෙනවා. මේක අනිත් වාහන වලත් වෙන දෙයක්, මෝඩ නැතුව වංගුව ගන්නකොට බ්‍රේක් පාගල වේගේ කලාම මේක වලක්වන්න පුළුවන්.
මන් ලඟදි දැක්ක බයික් මරණයත් වංගුවකදී උන දෙයක්, බස් එක ඉර කපල ඇවිත් තියෙන්නේ බයික් එක දැකල නෑ, බයික් එකත් වේගෙන් ඇවිල්ල කෙලින්ම බස් එකට මුණ තියල. කොල්ල එතනම මැරිලා.
3.වාහන මං තීරු මාරු කිරීම
හදිස්සියේම ඉස්සරහ එන වාහනයක් තමන්ගේ තීරුවට දැම්මාම බයික් එක හැප්පෙන්න පුළුවන්. ඒක නිසා මේක ගැනත් සැලකිලිමත් වෙන්න
4.නවතා තියෙන වාහනයක් දොර ඇරීම
ඉස්සරහ නවත්තල තියෙන වාහනයක ගොන් පොරක් හදිස්සියේම දොරක් ඇරියොත් අනතුරක් වෙන්න පුළුවන්. මන් එහෙම එකක් දැකල තියෙනව. බයිසිකල් මනුස්සයෙක් දොරක වැටිලා පස්සෙන් ආව බස් එකක් කකුල උඩින් ගිහින්.
ඒක හින්ද හැමෝම දොරවල් අරින කොට සැලකිලිමත් වෙන්න වෙනවා.
හරි, මට කියන්න ඕනි ටික කියල දැම්ම. යකඩ හීන පස්සේ දුවන, ඉගිල්ලෙන්න හදන මල්ලිලා අයියල මේවත් හිතේ තියා ගන්න. අන්තිමට මොනවා හරි උනොත් තමන් විතරක් නෙවෙයි තමන්ගේ පවුල් වල අයත් හොඳටම දුක් විඳිනව, එහෙම නොවෙන්න වග බලා ගන්න.