යක්ශයාගේ පඩිපෙළ දිගේ කළුපහනට
යකාගේ පඩිපෙළ එහෙමත් නැත්නම් ඔහියේ ඉදන් කළුපහනට දිවෙන රළු දුශ්කර මාර්ගයේ අද්දැකීම් නම් ගොඩයි.ගිය පලවෙනි පාරම ජීවිතේටම අමතක වෙන් නැති ගමනක් කරගන්න අපිට පුළුවන් වුනේ අපේ ඇග ඇතුලේ දුවන අති ධාවනකාරී ඉත්තැවා නිසාමයි.
පලවෙනි පාර බයික් වලින් කළුපහහෙන් ඔහියට ගිය අපි මෙදාපාර යන්න් තීරණය කරේ පයින්ම ඔහියේ ඉදන් කළුපහනට.
සුන්දරතම කදු වලල්ලක පහස ලබන මේ මාර්ගයේ ජීවිතයේ එක් දිනක හෝ ගමන්කොට මේ අසිරිය උබ විද තිබිය යුතුමය.
සුදු පාලන සමයේ තේ වතුවල නිෂ්පාදන නගරයට ගෙන එන්නට මේ මාර්ගය නිර්මාණය කොට තිබේ. මහා දුර්ගයක් හරහා සර්පයෙකු ඇදෙන ආකාරයෙන් මේ මාර්ගය නිර්මාණය කොට ඇත. මෙහි ඇති විශේෂත්වය නම් ලංකාවේ සුන්දරත්වය මැනවින් පෙනෙන දර්ශන ගණනාවක් දැකගන්නට හැකී වීමයි. මහා දුර්ගය කපමින් දැවැන්ත ප්රපාත හා ගිරි නිම්න හරහා වැටී ඇති මේ මාර්ගයේ පා ගමන අපූරු ම අත්දැකීමකි.
වියළි කාලයේ හා වර්ශා කාලයේ මේ මාර්ගයේ ස්වභාවය අහසට පොළව මෙන් වෙනස් වෙන බැවින් වර්ශා කාලයේ ගමන් කිරීමේදී වඩා සැලකිලිමත් වෙන්න. ආසන්නව කිලොමීටර් 23ක් පමණ වන මූලික ගමනේ එක් අන්තයකින් බඹරකන්ද දිය ඇල්ලත් අනෙක් අන්තයෙන් ඔහිය දුම් රිය ස්ථානයත් ආරම්භ ලක්ශයන් සේ පවතී.
චායාරූප - Isuru Thilakawardana