යක්ෂයාගේ පඩිපෙළ

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
යක්ෂයාගේ පඩිපෙළ

යක්ෂයාගේ පඩිපෙළ මතින් ඔහියේ සුන්දරත්වය බලමු ද

attachment.php

යකාගේ පඩිපෙල කියන නම travel කරන්න ආසාවක් තියෙන ඕනම කෙනෙක් අහල ඇති. ඒ විතරක් නෙවෙයි හීනයක් වගේ ඒ ගමන යන ආසාවත් ඇති. ඇවිදින කෙනෙක් නම් ජීවිතේ එක පාරක් හරි යා යුතුම ගමනක් තමයි මේ යකාගේ පඩිපෙල ( Devil's Staircase ) කියන්නේ. ගොඩාක් දෙනා හිතන්නේ මේක පඩිපෙලක් කියලයි. හරියට ශ්‍රීපාදය නගිනවා වගේ ඇති කියලයි. ඇත්තටම මේක දුෂ්කර පාරක්. තේ දලු ලොරි හා බයිසිකල් තමා වැඩියෙන්ම යන්නේ. කලාතුරකින් ත්‍රී රෝද රථ ගියත් පාර නම් අන්තෙටම සවුත්තුයි.





ඉංග්‍රීසි බසින් යකාගේ පඩිපෙළ එහෙමත් නැතිනම් Devil's Staircase කියල හඳුන්වන්නේ ගමන්  නොහැකි දුෂ්කර මාර්ගයක්. ලංකාවෙනම් එවැනි මාර්ග රාශියක් දැකගන්න පුළුවන් වුනත් මේ කියන යකාගේ පඩිපෙළ පිහිටල තියෙන්නේ බඹරකන්ද ඇල්ල ආශ්‍රිතව. කළුපහන - ඔහිය ප්‍රධාන මාර්ගයේ කොටසක්  තමයි මේ නමින් සංචාරකයන් විසින් හඳුන්වන්නෙ. ඇත්තටම ගම්වැසියන් මේ නමින් මෙම මාර්ගය හඳුන්වන්නේ නැති තරම්. ඔවුනට මෙය තම දුෂ්කර ජීවිතය හා බැඳුනු තවත් එක මාර්ගයක් විතරයි. නමුත් හාත්පස විහිදුනු සුන්දර කඳුපන්ති, දියපහරවල් සහ තේ වතු නිසා සංචාරකයන්ටනම් මෙම මාර්ගය සුවිශේෂී ගමනාන්තයක්.



පරිසරයේ සුන්දරත්වය විදීමට පමණක් නෙමෙයි, කඳුකර වැසියන්ගේ දුෂ්කර ජීවිත වෙතට බොහොම සමීපව එබී බලන්නත් මෙහිදී ඔබට අවස්ථාව හිමිවෙනවා. ඇත්තටම ඔවුන්ගේ ලෝකය නාගරික පරිසරයෙන් හාත්පසින්ම වෙනස් වූවක්.


කළුපහන කියන්නේ ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද පිහිටි භූමියයි. කළුපහන හන්දියේ සිට කි. මී. 6 ක්‌ පමණ ආපසු මීටර් 263 ක්‌ පමණ උස මහා දියඇල්ල හමුවන අතර එතැන් සිට එම පටු හා දුෂ්කර මාර්ගය උඩවේරිය නම් දුෂ්කර ගම්මානයක්‌ හා අතිශය දුෂ්කර හා අමාරුම මාර්ගය ඔස්‌සේ හෝර්ටන් තැන්න පිවිසුම අසලට වැටී ඇත.  ගොඩක් දෙනා රෑ කෝච්චියේ ඔහියට ඇවිත් එතැනින් පයින් පහලට එන්න පටන් ගන්නවා.



යක්‍ෂයාගේ පඩිපෙළ (Devils Staircase) නමින් හඳුන්වන මෙම මාර්ගය කි. මී. 20 ක්‌ පමණ වේ. සීග්‍ර කඳු නැඟීම් හා බැසීම් සමඟ බොහෝ කඳු යායවල් අතරින් වැටී තිබෙන මෙම මාර්ගයේ එක්‌වරක්‌ හෝ ගමන් කිරීම සංචාරකයකු ලබන වාසනාවක්‌ බඳුය.මෙය නෙත් අදහාගත නොහැකි අතිශය සුන්දර පරිසරයකි. සාමාන්‍යයෙන් සංචාරක ජීප් රථ, ලොරි, බයිසිකල් හැරුණු විට වෙනත් වාහනවලට මෙම මාර්ගයේ යැම කළ නොහැකි සේම අනතුරුදායක ක්‍රියාවකි. එයට හේතුව වන්නේ ස්‌වාභාවිකවම ගල්, බොරළු, ගල් වැටි පිහිටි මෙම මාර්ගයේ ඇතැම් ස්‌ථානවල උල් ගල් පතුරු හා දැවැන්ත මඩ වළවල් පිහිටා ඇති නිසාය.



දරුණුම කාරණය තමයි ඔබ මේ යන්නේ කානිවල්වල මාරක ළිඳේ යනවා වගේ ගමනක්. ගමනෙන් හතරෙන් තුනක් විතර යන්නේ සීඝ්‍ර කඳු බෑවුම් වල කෙළවරවල් හරහා වැටිලා තියෙන පොඩි පාරවල් දිගේ. ඒ යද්දි ඔබේ එක පැත්තක උස කන්ද. අනෙත් පැත්තේ මීටරයට අඩි දහයක් පහළොවක් විතර බැස්ම තියෙන සීඝ්‍ර බෑවුම. ඒ මදිවට මුළු ගමනම දහඅට වංගුවේ යනවා වගේ. වංගු විමානයයි. එහෙව් පාර සැණින් එසැණින් පෙර දැනුම් දීම් රහිතව මීදුමෙන් වැහිලා යනවා. මීටරයක් හමාරක් හැරුණාම පාර එතනින් එහාට පේන්නේ නෑ. යන්නේ වාහනයක නම් හොඳම හා එකම විසඳුම මීදුම පහවෙලා යනකම් ඉන්න තැනම හෙල්ලෙන්නේ නැතිව ඉන්න එක. නැත්නම් කියන්න බැහැ කොහෙන් නවතින්න වෙයිද කියලා.



මේ ගමන පුරාම අපට මුණගැහෙන්නේ මාර්ගය ගොඩාක් රළු හා ගමනාගමනයට අපහසු මාර්ගයක්. මේ ගමන ඔබ වාහනයක යනවා නම් දක්ෂ රියැදුරෙක් සමඟ අනිවාර්යයෙන් යා යුතුයි. මොකද මේ ගමන අතිශය දුෂ්කර වගේම අතිශය අනතුරුදායක නිසා..රාත්‍රී කාලයේ යන්න කිසිසේත්ම සුදුසු ගමනක් නෙවෙයි මේක. ඔබත් මෙහි අසිරිය නරඹන්න යන්න යක්ෂයාගේ පඩිපෙළ දිගේ සුන්දර ඔහියට.


source
 

Attachments

  • image_40da9f2ae7.jpg
    image_40da9f2ae7.jpg
    83.2 KB · Views: 606

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA



    යක්ශයගේ පඩිපෙළ(Devil's Staircase Bound)


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1859773
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    කළුපහන කියන්නේ ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද පිහිටි භූමියයි.