යක්ෂයා සැබෑ පුද්ගලයෙක්. ඔහු දෙවිට විරුද්ධව කැරලි ගැසූ දේවදූතයෙක්. ඔහුව හඳුන්වන්නේ “මේ ලෝකයේ අධිපතියා” ලෙසයි. (යොහන් 12:31) සාතන් “මුළා කරවනසුලු ආශ්චර්යයන්” කරමින් මිනිසුන්ව ‘නොමඟ යවනවා.’—2 තෙසලෝනික 2:9, 10.
යක්ෂයා සහ දෙවියන් අතර සංවාදයක් ඇති වුණා කියලා බයිබලේ වාර්තා වෙනවා. යක්ෂයා කියන්නේ කෙනෙක් තුළ තියෙන නරක ස්වභාවය නම් දෙවියන් කතා කළේ තමන්ගේ නරක ස්වභාවයත් එක්කද? ඒක කොහෙත්ම වෙන්න බැහැ. මොකද දෙවියන් පරිශුද්ධ, කිසි දුෂ්ටකමක් නැති කෙනෙක්. (ද්විතීය කතාව 32:4; යෝබ් 2:1-6) ඒ අනුව යක්ෂයා කියන්නේ සිත්වල තියෙන නපුරු සිතුවිල්ලක් නොව සැබෑ පුද්ගලයෙක් බව පැහැදිලියි.
මේ තොරතුරු ඔබට වැදගත්.
සාතන්ට ඕනේ තමන් සැබෑ පුද්ගලයෙක් නෙමෙයි කියලා මිනිසුන් සිතනවාටයි. දරුණු අපරාධකරුවෙක් අපරාධයට වග කිව යුත්තා තමන් බව සඟවමින් දිගටම අපරාධ කරනවා වගේ යක්ෂයාත් තම ඇත්ත ස්වභාවය වසං කරනවා. යක්ෂයාගෙන් ආරක්ෂා වෙන්න නම් ඔහු සැබෑ පුද්ගලයෙක් කියලා මුලින්ම තේරුම්ගන්න ඕනේ.යක්ෂයා කොහෙද ඉන්නේ?
‘පොළොවට දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේ. මන්ද යක්ෂයා මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.’—එළිදරව් 12:12.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
දෙවියන්ව සහ දේවදූතයන්ව අපිට පේන්නෙ නෑ. සාතන්ව පේන්නෙත් නෑ. මුල් කාලයේදී දෙවියන් සහ දේවදූතයන් ඉන්න තැනට යන්න එන්න සාතන්ට දෙවියන් ඉඩහැරලා තිබුණා. (යෝබ් 1:6) දැන් සාතන්ව පොළොවට හෙළා තිබෙන අතර ඔහුගේ ක්‍රියාකාරකම් සීමා වෙලා තියෙන්නේ පොළොවට විතරයි.—එළිදරව් 12:12.මෙයින් අදහස් කරනවාද සාතන්ගේ ක්‍රියාකාරකම් පොළොවේ එක තැනකට පමණක් සීමා වෙලා කියලා? නැහැ. එහෙමනම් පර්ගමම් කියන පුරාණ නුවර “සාතන්ගේ වාසස්ථානය” හැටියට බයිබලේ හඳුන්වා තියෙන්නේ ඇයි? (එළිදරව් 2:13) ඒකට හේතුව ඒ නුවරේ යක්ෂයාගේ නමස්කාරයට සම්බන්ධ ක්‍රියා බොහොමයක් සිදු වූ නිසයි. සාතන්ට මේ පොළොවේ නිශ්චිත වාසස්ථානයක් නෑ. ‘ලොව පුරා ඇති සියලුම රාජ්‍යයන්’ ඔහුගේ කියලා බයිබලේ සඳහන් වෙනවා.—ලූක් 4:5.
මාගේ පැරණි threads වලට Reply කරපු ක්‍රිස්තියානි ධර්මය ඉගෙනීමට ආස දුව, පුතුන්ව පහත දි නම් සටහන් කරනු ලබයි
@ewijesekara @Black-and-white @nevermindNevergiveup @avjayarathne @pipe @Amathi Putha @KrishanL89 @NRTG @batmanTES @b.tharindar @Candid-B @2osama @lilman @danushkasalinda @kingsultan111 @supun_sg @Ramiel @dilann @AnuradhaRa @nalakanayana @kevin_levin @elajani @S p i d e r M a n @gnilukshi @hesian99 @lilman @Hecker @SDCR @stasia @Don GasCan @lima20 @PHBhagya @PrasangaSPerera @danushkasalinda @Solo Rider
Last edited:

trust me, im not defending..math ohoma try kara
but owata wenama fields of study thiynwa...scholars la innwa...