යක්‍ෂ_බියක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :shocked:යාපනයේ යක්‍ෂ බියක්


    යාපනයේ පළාත් කීපයක වැසියෝ යළිත් වරක් අමනුෂ්‍ය බියකින් පෙළෙන්නට පටන් ගෙන තිබේ.

    මෙවර යාපනයේ වැසියෝ මුහුණදී සිටින්නේ මීට පෙර පැවැති භූත උවදුරකට නොව යක්ෂ උවදුරකටය.යාපනයේ වැසියෝ කියා සිටින්නේ මේ අද්භූත යක්ෂයාගේ එක අතක පණ පිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින බවයි. අනෙක් අතේද ලේ තැවරී ඇති බවත් මේ යක්ෂයා යාපනයේ බොහෝ අය දැක ඇතැයි පැවසේ.

    මුලදී යක්ෂයා දුටු පිරිස යාපනයේ සෙසු අයට මේ යකා ගැන පවසන ලද අවස්ථාවේදී ඔවුන්ව අවඥාවට ලක් කළ නමුත් යක්ෂයා දුටුවේ යැයි පවසන අයකු යාපනයේ ජනමාධ්‍ය වෙත යක්ෂයාගේ ඡායාරූප කීපයක් ඉදිරිපත් කිරීමෙන් පසුව එය දුටු සමහරෙක් පවසා ඇත්තේ තමන් දුටුවේද මේ යක්ෂයාම බවයි.

    මුහුණ යාන්තමට දැකිය හැකි නමුත් එය ඉතා පැහැදිලිව හඳුනාගත නොහැකි මේ යක්ෂයා සුදු වස්ත්‍රයක් මුළු ඇඟ පුරාම දවටා ගෙන සිටින උස ශරීරයකින් යුතු බවද යාපනයේ වැසියෝ කියා සිටිති.මේ යක්ෂයා දර්ශනය වී ඇත්තේ අලුයම 1.00න් පසු කාලයේදී යැයිද පැවැසේ.

    කෙසේ වෙතත් මේ යක්ෂ කතාව නිසා මුලදී බියට පත් නොවූ යාපනයේ ජනතාව යක්ෂයාගේ යැයි කියන ඡායාරූප දැකගැනීමට ලැබීමෙන් පසුව බොහෝ සෙයින් බියට පත්ව තිබේ.

    යළිත් පෙර භූත උවදුර පැවැති සමයේදී මෙන් රාත්‍රි කාලයට කවුරුන් කතා කළත් ‍ෙදාරවල් නොඅරින තත්ත්වයටත් රාත්‍රි කාලයට ගමන් බිමන් නොයෑමටත් දැන් යාපනයේ ජනතාව පුරුදු වී සිටිති.

    --------------------

    Source

     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එක්කෝ ඕකා ආමි යක්ෂයෙක්, නැත්නම් ඔය ආවා ගියෝ කල්ලියක යක්ෂයෙක්..ෂුවර් :cool::cool::cool:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;23310697 said:
    පරිභාහරන් ගිය අපායෙන් පොඩි වෙකේෂන් එකකට ඇවිත්...:yes::yes:


    උපරිම මාසයයි ඉන්නේ :P:lol::lol:

    මහින්ද අගමැතිවෙයි කියලා බය වෙලා වෙන්න ඇති :D