ඊයේ බෑන්ක් ස්ටේට්මන්ට් වගයක් ගන්ඩ ගියා බැංකු දෙකකට.හප්පා 99%ක්ම පෝලිමේ හිටියේ ගෑණු පිටරට සල්ලි ගෙන්නගන්ඩ එකවුන්ට් හදාගන්ඩයි ඔන්ලයින් බෑන්කින් හදාගන්ඩයි.ගොඩක් ගෑණුන්ට කියන ඒවා තේරෙන්නෙත් නෑ.ඉතින් විනාඩි 5 වැඩේට පැය භාගේ විනාඩි 40 බෑන්ක් ඔෆිසර්ස්ලා ගාව.

පස්සේ මම හදලා තියන්ඩ කියලා කොල දීලා ආවා.දැන් ටිකකට කලින් ගියා ගන්ඩ.ඊයේට වඩා අද සෙනග.බැංකුවල වැඩකරන උන්ට පිස්සු හැදිලා වගේ.
අන්තිමට අපි විතරක් බූරුවෝ වෙලා මේකේ ඉතුරු වෙයිද දන්නේ නෑ මේ යන විදිහට.?



