යටගල රජමහා විහාරය වර්ෂ 1806දී..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Galla Heenatigala road eke awilla kotaninda harenne Yatagalata
    හීනටිගල පාරෙ ඇවිල්ලා යටගල රාජමහා විහාර මාවත කියලා පාරක් තියෙනවා දකුණු පැත්තට වෙන්න. එතනින් හැරිලා පොඩ්ඩ දුරක් ආවම දකුණු අත පැත්තෙ තියෙනවා යටගල මැල්කම් කියලා primary school එකක්. එතන පාස් වෙනවත් එක්කම වම් අත පැත්තට පාරක් තියෙනවා. පාරට හැරෙද්දිම පන්සල පේනවා. :yes:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    මෙන්න පට්ට චිත්‍රයක්, මේ චිත්‍රය ගාල්ලේ අවුරුදු 2300ක් පමණ පැරණි යටගල රාජමහා විහාරස්ථානයේ වර්ෂ 1806දී සැමුවෙල් ඩැනියල් නම් ච්ත්‍ර ශිල්පියා විසින් අදින ලද ලස්සන චිත්‍රයක්. මේ චිත්‍රයේ වගේම මේ පන්සල හරිම ලස්සනයි.. මම දැකල තියනවා...



    පහළ උපුටා ගැනීම බුදුසරණ පත්තරයෙන්. LINK
    "දකුණු සිරිලක අගනුවර ගාලු පුරවරයෙහි අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ රමණීය කඳුගැටයක් මත පිහිටි යටගල රජමහා විහාරය වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ඓතිහාසික පුදබිමකි.
    එහි පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකි. කඳු මුදුනෙහි වූ සුවිශාල ගල් ලෙනද දඹදෙණි යුගයට අයත්ය. 12 වන සියවසේ එනම් ක්‍රි.ව. 1225 සිට 1259 දක්වා රජ කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ නියමයෙන් දේවපතිරාජ අමාත්‍යවරයා බුද්ධ මන්දිරයෙහි වැඩසිටින 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරවා ඇතැයි කියැවේ.
    විහාර මන්දිරයේ දකුණු පස දොරටුවට ඉහළින් කටාරම් යට විහාරය කරවීම පිළිබඳව සඳහන් ලෙන් ලිපිය ඇත.
    බුදු මැදුරේ වියන ලෙස ඇත්තේ සුවිශාල ගල්ලැල්ලකි. එය මත වූ නෙළුම් මල් සටහන් අද ද දැකිය දැකිය හැකිය. නමුත් ඊට යටින් ඇති ඉපැරණි බිතුසිතුවම් මේ වනවිට මැකී යමින් පවතී.
    විහාර මන්දිරයේ දකුණුපස ඉහළ කොටසේ පෙනෙන වෙස්සන්තර ජාතක කථාව සඳහන් සිතුවම් ක්‍රි.ව. 12 වන සියවසට අයත්ය. එහි යටමාලයේ චිත්‍ර අයත්වන්නේ නුවර යුගයටය. අතීතයේදී භික්ෂූුන් වහන්සේ භාවනානුයෝගීව වැඩසිටි ගල් ලෙන් අද ද දැකිය හැකිය. වරින් වර කරන ලද ප්‍රතිසංස්කරණවලදී පෞරාණිකත්වය ගැන අවධානයක් හෝ අවබෝධයක් නොමැති වීමෙන් යටගල රජමහා විහාරයේ පිහිටා තිබූ පැරැණි සෙල් ලිපි දෙකක් සහ ඓතිහාසික ලේඛන කිහිපයක් විනාශ වී ගොස් ඇත.
    චෛත්‍යයට උතුරින් පිහිටි අවුරුදු 800 කට වඩා පැරණි මහා නුග සහ දියතාලිය වෘක්ෂ පිළිබඳව පැතිර පවත්නා තොරතුරු බැතිබර ජන හදවත් භක්තියෙන් පුරවාලයි. පසු කලෙක කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය ලැබූ වැලිවිට සරණංකර සඟරජ නා හිමියන්ගේ් ශිෂ්‍ය කැටගොඩ රතනජෝති නාහිමියෝ යටගල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන 18 ක අධිපතිත්වය දැරූහ.
    18 වැනි සහ 19 වන සියවස් වල මෙම රජමහා විහාරයේ නායකත්වයට පත් යටගම ජෝතිපාල නාහිමි, ගල්ඔලුවේ දේවමිත්ත නාහිමි සහ තල්පේ සෝනුත්තර නාහිමිවරුද විහාර සංවර්ධන කටයුතු මැනවින් ඉටු කළහ. 1891 දී හෙට්ඨාචල මහ පිරිවෙණ ඇරඹුණ අතර බද්දේගම පියරතන නාහිමි, දිවංගත පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූ®රීන් වැනි ගිහි පැවිදි පඬිවරු රැසක් හෙට්ඨාචල මහ පිරිවෙණින් බිහි වූ වියතුන්ය."

    මේ අපේ @Stimulus mind මල්ලිගේ ගමේ පන්සලලු..

    වර්ෂ 1806දී
    Samuel-Daniell-View-between-Galle-and-Matara-c-1806.jpg

    පොටෝ LINK


    වර්තමානයේ පින්තුරයක්..
    87_big.jpg



    මේ කාලෙ ඔය හරිය සුද්දන්ට යටත් වෙලාද තිබිලා තියෙන්නෙ?

    මන් මේක ඇහුවෙ මේකයි. 1806 කියන්නෙ ලන්කාව සම්පූරණයෙන් සුද්දට යටත් වෙන්න සටන් ගිය කාලයක් නෙහ්. එහෙම කාලෙක සුද්දෙක්ට පන්සලකට ඇවිත් මෙහෙම නිස්කලන්කව චිත්‍රයක් අඳින්න දෙන්න නම් හුගක් දුරට ඔය හරිය ඒ වෙද්දි සුද්දන්ට යටත් හරියක් වෙන්න ඕනෙ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ කාලෙ ඔය හරිය සුද්දන්ට යටත් වෙලාද තිබිලා තියෙන්නෙ?

    මන් මේක ඇහුවෙ මේකයි. 1806 කියන්නෙ ලන්කාව සම්පූරණයෙන් සුද්දට යටත් වෙන්න සටන් ගිය කාලයක් නෙහ්. එහෙම කාලෙක සුද්දෙක්ට පන්සලකට ඇවිත් මෙහෙම නිස්කලන්කව චිත්‍රයක් අඳින්න දෙන්න නම් හුගක් දුරට ඔය හරිය ඒ වෙද්දි සුද්දන්ට යටත් හරියක් වෙන්න ඕනෙ.
    ගාල්ලට තමයි ගොඩක් පිටරට වල උන් ඉසේල්ලම ගොඩ බැහැල තියෙන්නේ.. ඉතින් ඉස්සර කලේ ඉඳන්ම ගාල්ල සහ අවට ප්‍රදේශ සුද්දෝන්ගේ පාලනයේ තියෙන්න ඇති. මේ කාලේ වෙනකොට ගාල්ල මුහුදු බඩ ප්‍රදේශ කොහොමත් සුද්දෝ පාලනය කරේ.