යටත් විජිත රූකඩ හා ලක්‌මව

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යටත් විජිත රූකඩ හා ලක්‌මව

    දෙදහස්‌ නවයේ මැයි මස 19 වැනිදා නද්දිකඩාල් කළපුවේ මඩවගුරේ අවසන් හුස්‌ම හෙලූ මේ රටේ අති භයානක ත්‍රස්‌තවාදී හතුරා වූ පිරිබාහරන් ඝාතනය කළ අප රටේ වීරෝදාර සෙබළුන්ටත් ඒ සඳහා දේශපාලන නායකත්වය දුන් සේනාධි නායකයාණන් වූ අතිගරු ජනාධිපතිතුමාත් ආරක්‌ෂක ලේකම්තුමා ඇතුළු සිව්විධ හමුදා ප්‍රධානීන්ටත් ජනමාධ්‍ය ආයතන වලටත් ජාතියේ ප්‍රණාමය සදා කල්හිම ලැබෙනු ඇත.

    ඊට ඉහත දී එනම් 1948 පෙබරවාරි හතර වැනිදා දේශපාලන වශයෙන් නිදහස ලද දිනයට වඩා 2009 මැයි 19 වැනිදා ජනතාවගේ සුරතේ ලෙළදුන් ජාතික කොඩිය තවමත් ජනතාවගේ සුරතින් ගිලිහී නැතැයි අපි සිතමු. එසේ ගිලිහී යැමට පෙර අප රටේ පාලනාධිකාරී බලය හිමි අතිගරු ජනාධිපති තුමාටත් එම අමාත්‍ය මණ්‌ඩලයටත් ඉතා බැරෑරුම් වගකීම් රැසක්‌ ඔවුන්ගේ කරමත පැටවී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.

    අපි මීට ඉහතදී දෛනිකව අප අතර සංසරණය වන මුදල් සහ කාසිවල අපගේ මේ මාතෘ භූමියේ නාමය "ඉලංකෙයි" නමින් නම් කර ඇති බවත් ඒ රාජ්‍ය ආයතනයේ මහ බැංකුවේ නාමය ද "ඉලංකෙයි මධ්‍ය බන්කි" යනුවෙන් ලබුගෙඩි අකුරින් ඒ බැංකු ගොඩනැගිල්ලේ ලියා ඇති බවත් සඳහන් කළෙමු. ඒවා මහ බැංකු පාලනාධිකාරීහු කෙතෙක්‌ දුරට තකන්නේ දැයි අපි නොදනිමු.

    එවැනිම කරුණු රැසක්‌ අප විසින් නිදහස ලබා (නාමිකව) වසර 62 ක්‌ ගතවී ඇති මෙකල පසක්‌ කර දිය යුතු කරුණක්‌ කෙරේ ලබන පෙබවාරි මස 4 වැනිදා නොව මැයි මස 19 වැනිදාට පෙරවත් ඒ මේ සියල්ලම ඉටු වෙන්නේ නම් එය ජනතාවට කරන ගරු නම්බුවක්‌ බව පළමුව මතක්‌ කළ යුතුව ඇත. එය මේ අපේ මාතෘ භූමියටද කෙරෙන ප්‍රණාමයකි.

    ඉතා සංකල්පියෙන් සඳහන් කළ හොත් අප රටේ ඉංග්‍රීසීන් පාලනය කරන කාලයේදී මේ රටේ ආණ්‌ඩුකාරයන්ගේ නාමයෙන් තවමත් අග නගරයේ පමණක්‌ නොව ගාල්ල, යාපනය හා ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල මාර්ගවලට යොදා ඇති නාමපුවරු සඳහා දේශීය විද්වතුන්ගේ රණවිරුවන්ගේ ලේඛකයන්ගේ නාමයන් යෙදීමට නොහැකි යටත් විජිත මානසිකත්වයකින් පෙළෙන පිරිසක්‌ ප්‍රතිපත්ති සැලසුම් කරන්නන් අතර සිටින බව අකමැත්තෙන් වුවත් ප්‍රකාශ කළ යුතුව ඇත.

    බ්‍රිතාන්‍ය පාලන සමයේ රොබට්‌ ඩබ්ලිව්. හෝර්ටන් ආණ්‌ඩුකාරවරයා මේ රටේ ආණ්‌ඩුකාරවරයා ලෙසින් ක්‍රියා කළේ 1831 සිට 1837 දක්‌වා අවුරුදු හයකි. මෑතකදී ලෝක උරුම ලැයිස්‌තුවට අප රටේ මධ්‍ය කඳුකරයේ ප්‍රදේශ තුනක්‌ ඇතුළත් කිරීම අපි අගයමු. එහෙත් ඒවාට නම් යෝජනා කළවුන්ට හෝර්ටන් ආණ්‌ඩුකාරවරයා අමතක කරන්නට බැරිවිය. මේ ප්‍රතිපත්ති හදන නිලධාරි පැලැන්තියේ ඔහුට ඥතීත්වයක්‌ ඇත්දැයි අපි නොදනිමු. ලොකුම විහිළුව වන්නේ අප රටේ උරුමය ලෝක උරුමය බවට පත් කරන අවස්‌ථාවේදීවත් ඒ ආණ්‌ඩුකාරවරයාගේ නම අමතක කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ අපට සිටීමයි. "මහඑළිය" නමින් ඒ ඉංග්‍රීසිකාරයන් මේ රටට කඩාපාත්වීමට පෙර කාලයේ පැවති ඒ නාමය ලෝක උරුම ලැයිස්‌තුවට නොදැම්මේ කුමක්‌ නිසා දැයි අපි අසමු. එපමණක්‌ද නොවේ. අගනුවර කොළඹ මහ නගර සභාවටත් මේ හෝර්ටන් ආණ්‌ඩුකාරවරයා පමණක්‌ නොව ඉංග්‍රීසි ආණ්‌ඩුකාරයන් වූ ආතර් ඊ. හැව්ලොක්‌ (1890 - 1896), හෙන්රි ජී. වෝඩ් (1855 - 1860), විලියම් ග්‍රෙගරි (1872 - 1877), එඩ්වඩ් බාන්ස්‌ (1824 - 1831), වයිකමුන්ට්‌ ටොරිංටන් (1847 - 1850) ආදී තවත් බොහෝ ආණ්‌ඩුකාරවරුන්ගේ නාමයන් අගනුවර මහා මාර්ගවලින් ඉවත් නොකිරීමට තරම් යටත් විජිත මානසිකත්වයෙන් පසුබිම ගැන අපි කනගාටු වෙමු. ජාතික උරුමය ලොවට ගෙන යන මොහොතේවත් ඒ ඉංග්‍රීසි නාමකරණයෙන් ඉවත්වීමට නොහැකි යටත් විජිත මානසිකත්වය නිසාම දුම්බර මිටියාවත "නකල්ස්‌ කඳු" ලෙසින් නම් කිරීමද අපි තරයේම හෙළා දකිමු.
     
    • Like
    Reactions: love.you

    humanoid.

    Member
    Dec 7, 2010
    21
    7
    3
    මගේ ප්‍රණාමය ... කොටින්ගෙන් රට ගලවා ගත් අපේ ජනාදිපති තුමන්ට හා හමුදාව සදා කල් දිනේවා