යතුරු_හිලෙනුත් කම්සැප

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    යතුරු_හිලෙනුත් කම්සැප

    ඔහු අප දන්නා වෛද්‍යවරයෙකි. පසුගිය දිනක ඔහු තම තරුණ දියණිය සමග අනුරාධපුරයේ සිට කොළඹ බලා මෝටර් රියෙන් ගමන් කරමින් හුන්නේය. අතරමග හමුවූ නගරයකදී ඔහු වාහනය නතර කර එළියට බැස්සේ දහවල් ආහාරය ගැනීමට හොඳ අවන්හලක් සොයා ගැනීමටය.ඒ අවස්ථාවේදී ඔහු ඉදිරියට ආවේ කොලුගැටයෙකි. මුහුණේ දැළි රැවුලවත් නැති කොලුගැටයා මෝටර් රියේ කවුළුව තුළින් ඉදිරි අසුනේ සිටි දියණිය දෙස නෙත් යොමනු වෛද්‍යවරයාගේ ඇස ගැටිනි.

    “මොනවද සර් බලන්නේ… රූම් එකක්ද? ෆුල් ඒ.සී. කරපුවත් තියෙනවා. සර්ට ඕනි ‘ෂෝට් ටයිම්ද? නැත්නම් දවසකටද?” කොලුවා කිසිදු චකිතයකින් තොරව තම පියාගේ වයසෙහි පසුවූ වෛද්‍යවරයාගේ කනට කර පවසද්දී ඔහුගේ මුහුණ රතු වී හීන් දාඩිය දැම්මේය. දවල් කෑම පසෙකින් තිබියදී වහා වාහනය පණගැන්වූ ඔහු එතැනින් පිටවූයේ කොලු ගැටයාගේ කතාව දියණියට ඇසුණේ නම් තමා ගැන කුමක් සිතයි දැයි කල්පනා කරමිනි.

    රෙදිකඩ, මස්කඩ, අවන්හල්, පවත්වාගෙන යාමට වඩා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකි ‘කාමර කුලියට දීම’ අද සල්ලි මවන ව්‍යාපාරයක් බවට පත්වී ඇත. ලංකාවේ කුමන දිග්භාගයකට ගියද ‘චයිනීස් හෝටල්’ මෙන්ම ‘රූම්ස් අවේලබල්’ පුවරුව සහිත ලැගුම්හල් සුලබ දසුනකි.
    මෙවැනි හෝටල් කාමර, ලැගුම්හල් වෙත යන්නෝ කවුරුන්ද? එසේ කාමර කුලියට ගන්නවුන්ගේ පෞද්ගලිකත්වය රැකීමට හෝටල් කළමනාකාරීත්වය නිසි පියවර ගෙන ඇත්ද? යන්න නම් බොහෝ සැක සහිතය. ඊට හොඳම කතාවකි මේ.අපි ඇයට වසන්ති යැයි කියමු. වසන්ති හා විවාහ වූ සේනක විවාහයෙන් මසක් ගතවෙද්දී මැදපෙරදිග රැකියාවකට ගියේ ඉසුරු සොයන්නටය. වසන්තිව තම දෙමාපියන් හා සහෝදර සහෝදරියන් භාරයේ තැබූ සේනකට තම බිරිඳ සුරක්ෂිත යැයි සිතිනි.

    ඒ මෙයට පස් වසරකට පෙරදීය. සෑම වසරකම අග ලැබෙන මසක නිවාඩුවට ඔහු ගම රට බලා පැමිණෙන්නේ දෙහැවිරිදි වියේ පසුවන පුතු හා වසන්තීව දැකගැන්මේ අපේක්ෂාවෙනි.
    එසේ වුවත් හත් අට දෙනෙකු වෙසෙන නිවසෙහි බිරිඳ සමග හුදකලාවීමට නොහැකි වීම දෙදෙනාටම ගැටලුවක් විය. සේනක ඊට විසඳුමක් සොයා ගත්තේය. ඔහුගේ දෑස නතර වූයේ ‘රූම්ස් අවේලබල්’ බෝඩ් ලෑල්ලකට මුවාවී පවත්වාගෙන යන ලැගුම් හලක් වෙතටය.
    “ඒ මහත්තයා හැම අවුරුද්දකම මාසෙක නිවාඩුවට ආවහම හත් අට වතාවක්වත් එයාගෙ නෝනා එක්ක මෙහෙට එනව. අපූරු වැඩේ කියන්නෙ පළවෙනි සැරේ ආවේ කසාද සහතිකේ කොපියකුත් අරගෙන. අපි අහිතක් හිතයි කියල වෙන්නැති. මෙතනට දවසකට අඩු ගානෙ ජෝඩු දහයක්, දොළහක්වත් එනව. කවුද එන්නෙ කියන එක අපිට ප්‍රශ්නයක් ‍නෙවෙයි.” ඒ ලැගුම්හල් හිමිකරුගේ අදහසයි.

    මෙවැනි හෝටල් කාමරයක් තුළට වී දොරගුළු දමා ගත් පසු තමන් සිතූ පරිදි, නිදහස භුක්ති විඳින්නට හැකියැයි වසන්තීත්, සේනකත් සිතන්නට ඇත. එමෙන්ම එම හෝටල් කාමර වෙතට පෙම්සුව විඳින්නට පැමිණි වෙනත් ජෝඩු ද එසේ සිතූ බවට සැකයක් නැත.
    එහෙත් ඔවුන් සිතුවා වැරදිය. කාමරයක් තුළ හුදකලා වූ ඔවුනගේ ලිංගික ජීවිතය ඔවුන් දෙදෙනාට සීමා වූවකි. එසේ වුවද කාමරය තුළ අතිපෞද්ගලිකත්වය යතුරු සිදුරු අතරින් නරඹා වින්දනය ලැබිමත් තම හිත මිතුරන්ට මෙන්ම එවැනි දර්ශන නරඹා සතුටු වන්නට ලොල් වූ ඇතැමුන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීමත් මෙවැනි ඇතැම් ලැගුම්හල්වලදී නිතර ඇසෙන කතාවකි. ඒ ‘මොණර කොළ’ වලට ඇති ගිජුකම හේතුවෙනි.

    අනුන්ගේ ලිංගික ජීවිත විකුණා මුදල් උපයන පිරිස් මෙම හෝටල් ව්‍යාපාරයන් තුළ එමටය. නමුත් අරුමය නම් කාමර තුළට වී කම්සුව විඳිනවුන් ඒ කිසිවකුදු නොදැන සිටීමය. ‘රූම්ස් අවේලබල්’ නැතහොත් ‘කාමර කුලියට’ බෝඩ් ලෑල්ලට මුවාවී කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන මෙවැනි ලැගුම්හල් රට පුරා අද හතු පිපුණාක් මෙනි. ඉල්ලුම අධික බැවින් හොඳ ලාබයක් ඉපැයුමට හැකිවීම එයට හේතුවයි.

    ගම්පහ දිස්ත්‍රික්කයෙහි පවත්වාගෙන යන ලැගුම් හලක හිමිකරු අපට මුණගැසුණි. අපූරු පුද්ගලයෙකු වූ ඔහු උපාධිකාරයෙකි. කරමින් සිටි රැකියාවෙන් නිවාඩු ගෙන බිරිඳ සමග විදේශගත වූ ඔහු වසර කිහිපයකට පසු ලංකාවට පැමිණියේ අතමිට තරමක මුදලක් ද ඇතිවය.
    විදේශගතව සිට ආපසු පැමිණෙන විට කලින් නිරතව සිටි රැකියාව අහිමිව තිබිණි. තම සුදුසුකම්වලට ගැළපෙන රැකියාවක් සොයා ගැනීම පහසු කාර්යයක් නොවන බැව් ඔහුට වැටහිණි. අත වූ මුදල් සමෛන් වියපැහැදම් වීම තවත් ගැටලුවකි.“අතේ තියන සල්ලි හොඳ බිස්නස් එකකට යොදවපං. දැන් බලපන් මගෙ හෝටල් බිස්නස් එක. හරියට කෙරුවොත් සල්ලි බලාගෙන ඉද්දි පැටව් ගස්සවන්න පුළුවන්. මහන්සි වෙන්න ඕනෙත් නැහැ.”

    හෝටල් කාමර කුලියට දීමේ ව්‍යාපාරයක නිරතව සිටින සිය මිතුරෙකුගේ උපදෙසින් කුල්මත් වූ ඔහු ‘කාමර කුලියට’ දෙන ලැගුම් හලක් ඇරඹීමේ කාර්යයට අත ගැසුවේ තවත් වරක් සිතා බලන්නට පමා නොවෙමිනි. මිතුරා පැවසූ දෑ නිවැරදිය. අතපය නොවෙහෙසා පසුම්බිය තරකර ගැන්ම අරුමයක් නොවන බැව් ඔහුට වැටහුණේ “අධධථඵ ඒමචඪතචඡතඥ ඒ/ජ – ව්ධද ඒ/ජ” පුවරුවේ වටිනාකමට පින්සිදු වන්නටය.‘ලැගුම්හල’ පටන්ගෙන වසර තුනක් අවසානයේදී ඔහු දෙමහල් නවීන පන්නයේ නිවසක් මිලදී ගෙන තම ව්‍යාපාරය තවත් පුළුල් කළේ සල්ලි ‘වැසි වැස්සවීමේ’ අදහසිනි.

    “මම කාමරයක් කුලියට දෙන්නේ බොහොම විශ්වාසදායි විදිහට. පැයකට තුන්සිය පනහක් කියන්නෙ ඒ තරම් ලොකු ගාණක් නෙවිනෙ? ඒ හන්දා අපිට කස්ටර්මස්ලා හිඟ නැහැ. අඩුම ගානෙ දවසකට ජෝඩු පහළොවකට එහා මිස අඩු වෙන්නෙ නැහැ” ලැගුම්හල් හිමිකරු පැවසුවේ තෘප්තිමත් ලෙසිනි.
    “මේක අපූරු අත්දැකීම් ගන්න පුළුවන් රස්සාවක්. මෙතනට විවිධ වයසෙ, විවිධ තරාතිරමෙ අය එනවා. අවුරුදු දහ අටේ විතර ඉඳන් අවුරුදු හැටපහ පැනපු වයස්වල අයත් එනවා. සමහරු සැබෑ ආදරවන්තයො. සමහරු ගෙදර යන ගමන් සෙට් වුණ උදවිය. සමහරු හැට පැනපු ගෑනු ඔය අතරෙ ඉලන්දාරිත් එක්ක එන වෙලාවල් තියෙනවා. ඒ විතරක් ‍නෙවෙයි. අපි උගත් කියලා සලකන ඉහළ පැලැන්තියෙ අයත් එනවා. දොස්තර මහත්තුරු, නර්ස් නෝනලා.. කන්තෝරුකාරයො.. තරාතිරමක් නැහැ…” ඔහු කියන්නේය.අනියම් සබඳතා පවත්වන අය මෙන්ම ලිංගික වෙළෙඳාමෙහි නිරත කතුන්ද මෙම හෝටල් කාමර වෙත පැමිණීම සාමාන්‍ය සිද්ධියකි.

    ඔහුගේ අත්දැකීමට අනුව කන්තෝරු යන ජෝඩු අතරින් බොහොමයක් පැමිණෙන්නේ ‘ෂෝට් ලීව්’ හෙවත් කෙටි නිවාඩු රැගෙනය. ඒ අතර දහවල් කෑම පැයට ‘හදිස්සි පිට’ පැමිණ යන්නවුන්ද වෙති. කොහොම ගියත් අය කරන අවම ගාස්තුව පැයක කාලය සඳහා වූ රුපියල් තුන්සිය පනහකි. පාන්දර එළිය වැටෙන්නට පෙර ලැගුම් හල් වෙත පැමිණෙන ඇතැම් ජෝඩු අඳුර වැටුන පසු පිටවී යන්නේ කිසිවෙකුගේ ඇස නොගැටෙන්නටය.හෝටල් හිමිකරු පවසන පරිදි කාමර වෙත පැමිණෙන කාන්තාවන් බොහෝමයක් සිය අනන්‍යතාව හෙළි වීම වළකා ගැනීමට පරිස්සම් වෙති.

    “ගෑනු කට්ටිය අපිට මුහුණ දෙන්න අකමැතියි. සමහරු හැන්දෑවෙලාවට එන්නෙත් සන්ග්ලාස් දාගෙන. ස්කාෆ්වලින් ඔළුව වහගෙන, මුහුණ පාත් කරගෙන එනව. ඒ අතර සමහර ගෑනු උදවිය කාමරේට යනකම්ම ෆුල්ෆේස් හෙල්මට් දාගෙන යන්නෙ. මුස්ලිම් කාන්තාවෝ විදිහට ‘අබාය’ දාගෙන ආව අයත් ඉන්නවා. හැබැයි එහෙම එන්නෙ ඒ අය ඇත්තටම මුස්ලිම් හින්දා නෙවි. අනිත් අය තමන්ව අඳුනගනියි කියන බයට.” හෝටල් හිමිකරු පැවසුයේ සිනහසෙමිනි.
    සමාජ සම්මතයට පිටුපා පිටස්තර පිරිමියෙකු සමග ‘හෝටල් කාමරයක්’ තුළට පැමිණි බැව් සමාජයෙන් වසන් කරන්නට සිතා එළිපිට මෙසේ විවිධ උපක්‍රම යොදා සැඟවුවද කාමර තුළට වන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය එම කාමරයේ පිටත සිටින විවිධ පුද්ගලයන් ඉදිරියේ නිරාවරණය වන බැව් ඔවුන් හාංකවිසියකුදු නොදනිති.

    විවාහයකින් පිටත මෙන්ම විවාහයට ප්‍රථම කායික සබඳතා පැවැත්වීම අප සමාජය විසින් අනුමත නොකරන්නකි. එහෙත් මේ වන විට එවැනි සම්මතයන්ද සමාජයෙන් කමෛන් බැහැරව යද්දී හොර රහසේ කම්සුව විඳින්නට හෝටල් කාමර, ලැඟුම්හල් වෙත ඇදෙන සංඛ්‍යාව ඉහළය.
    කොළඹ ආශ්‍රිත කාමර කුලියට දෙන ලැගුම්හලකින් අසන්නට ලැබුණේ මෙවන් පුවතකි. එම ලැගුම්හලෙහි සෑම කාමරයකම පාහේ දොරෙහි, මෙන්ම ජනේලවල කුඩා සිදුරු සකසා ඇත්තේ කාමර තුළ ඇති ඇඳ ඉලක්ක කරගෙනය. ඒ අතර එක් කාමරයක් විශේෂයෙන් තබා ඇත. ඵහි නම ආදම් උයන්ය. ලැගුම්හල් සේවකයන් එම නම් තබා ඇති මෙම කාමරය හෝටලයට එන ඇහැට කනට පෙනෙන දඟකාර යැයි සිතන තරුණියන් උදෙසා වෙන්කර ඇත.

    “සමහර ඉලන්දාරි විතරක් නෙවි, හැට පැනපු මහත්තුරුත් ලස්සන විසේකාරියො අරගෙන එනව. එහෙම අයව දැක්ක ගමන් අපිට ‘මීටර්’ වෙනව. එතකොට අපි කරන්නෙ එහෙම අයව අර ‘ආදම්ගෙ උයනට’ දාන එකයි. ලස්සන දේවල් බලන්න කවුරුත් කැමතිනෙ. ඒ හන්දා ඒ කාමරේ ඇතුළෙ වෙන දේවල් බලන්න කැමති අයට අපි චාන්ස් එකක් දෙනව. හැබැයි හැමෝටම නෙවි. ඒව බොහොම පරිස්සමින්, රහසිගතව කරන දේවල්. දන්නවනෙ. ‍පොඩ්ඩ වැරදුණොත් ඔක්කොම සුන්…”
    “මේ හෝටල්වලට එන අය අතරෙ හරි අපූරු ජෝඩු එන්නව. දවසක් රෑ වේගන එද්දී ආව හැට පහක විතර පෙනුම තියෙන ඔසරියක් ඇඳපු ගෑනු කෙනෙකුයි, පනහකට විතර කිට්ටු පිරිමියෙකුයි.
    පිරිමි කෙනා බිම බලාගෙන ඉද්දි හෝට‍ලේට ඉදිරිපත් කරන්න ඕන හැඳුනුම්පත දුන්නෙ ගෑනු කෙනා. දෙන්නම කාමරේට ගියයි කියමුකො ඔන්න මම ඔයාට දෙල් උයල, බිත්තරේකුත් තම්බල කෙසෙල් කොළේ ඔතපු බත් මුලක් ගෙනාව කියල බත් මුලක් බෑග් එකෙන් එළියට අරගෙන බොහෝම ආදරෙන් ඒක කැවුවා. කවන අතරෙ කාලෙ බෝත‍ලේකුත් එළියට අරගෙන දෙන්නම හීන් අඩියකුත් ගැහුවා. ඊට පස්සෙ අර බොහොම ලැජ්ජාවෙන් හිටපු මිනිහ චණ්ඩියෙක් වගේ මැත දොඩවන්ට පටන් ගත්තා. ඊට පස්සෙ අර වයසක අම්මණ්ඩි මිනිහව ‍පොළඹවගෙන හැසිරුණේ හරියට දහ අටේ ළමිස්සියෙක් වගෙයි. උදේ හයට විතර මිනිහ ඇඳගෙන එහෙම ඇවිත් කිවුව අපි තව ටිකකින් යනව කියල. සල්ලිත් ගෙවුවා. හැබැයි ආපහු කාමරේට ගිය මිනිහ පැයක් විතර ගතවෙලත් නැත්තෙ මොකද කියල ‘දොර සිදුරෙන් බැලුවහම තමයි දැක්කෙ අර අම්මණ්ඩි ආපහු ඒ හාදයව ‍පොළඹගෙන කියල. මේ දෙන්නා ආදරවන්තයො හිටපු ගමන් රෑ කරුව‍ලේ ඇවිත් පාන්දර ආපහු යනව.”

    කාමර කුලියට ගෙන පැමිණෙනවුන්ගේ ලිංගික හැසිරීම් නැරඹීම පුරුද්දක් කොට ගෙන එන හෝටල් වෙත පැමිණෙන්නෝද සිටිති. බොහෝ විට එම අවස්ථාව ලැබෙන්නේ හෝටල් කළමනාකාරිත්වය හා සම්බන්ධ සීමිත පිරිසකටය. එමෙන්ම ඉතා රහසිගත අන්දමටය. ඇතැම් විට එවැන්නවුන් විසින් කැඳවාගෙන එන්නවුන්ටද අවස්ථාව සැලසෙයි. එය නැරඹීමෙන් අනතුරුව ‘නැරඹුම් ගාස්තුව‘ ලෙස ‘නිල් පැහැති නෝට්ටුවක්’ කවුන්ටරය මතට විසිකිරීම ඔවුනට එතරම් දෙයක් නොවේ. එමෙන්ම කාමර කුලියට දීමෙන් උපයන මුදලට වඩා වැඩි මුදලක් ඇතැම් විට මෙවැනි දර්ශන නැරඹීමට අවස්ථාව සලසා දීම තුළින් උපයා ගන්නා අවස්ථාද වෙති.

    “සමහර පිරිමි ගෙදර ගෑනුන්ගෙ වැරදි තමන් එක්ක එන ගෑනුන්ට කියනවා අපිට ඇහෙනවා. පැයකට, දෙකකට අරන් එන ගෑනිගෙන් අමුතු සතුටක් විඳින්න හිතාගෙන තමයි ඔය බොරු මායම් දාන්නෙ. ගෑනුන්ට වැඩිය හෝටල් කාමරවලදී මායම් දාන්නෙ පිරිමි. සමහර පිරිමි ගෙදර ගෑනි බැඳල දුන්න බත්මුල ලෙහාගෙන අනිත් ගෑනිට අනල කවනව.” හෝටල් කළමනාකරු පැවැසුයේ අවඥා සහගත ලෙස සිනහසෙමිනි.

    ලොවෙන් වසන් වී ‘කම්සුව‘ විඳීමට ‘කාමර’ වෙත එන ඇතැමුන්ගේ ලිංගික ජවනිකා හොර රහසේ කැමරාගත කොට අන්තර්ජාලය වෙත මුදාහරින අවස්ථා ද ඇත. එමගින් එක් පැයක් තුළ අන්තර්ජාලය හරහා ලිංගික චිත්‍රපටවල නළු නිළියන් බවට පත්වන ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොදනිති. අනාවරණය වූ තොරතුරු අනුව මෙවැනි අකටයුකුකම් ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන බොහෝ ලැගුම්හල් තුළ සිදුවෙයි.

    “කාමරේකට ජෝඩුවක් ආවහම හුඟක් වෙලාවට ඒ ගොල්ලො බලන්නෙ දොරේ අගුල දිහා විතරයි. නැත්නම් කැමරා හයි කරලද කියල බිත්තිය දිහා විතරයි. සමහරුන්ට එහෙම බලන්න තරම්වත් වගක් නැහැ… කෙළින්ම දොර වහපු ගමන් කාරණේට බහිනව.”
    මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකදී අපට අසන්නට ලැබුණේ අමුතුම කතාවකි.
    “මෙහෙම හුඟක් එන්නෙ සමලිංගික සම්බන්ධතා තියෙන ජෝඩු. ඒ අය හුඟදෙනෙක් ආදරේ කරන්නෙ හරියට ගෑනු, පිරිමි ආදරේ කරනව වගේ. ඒත් ඉතින් අපිට මේ කිසි දෙයක් ප්‍රශ්නයක් ‍නෙවෙයි. මොකද අපිට සල්ලි හම්බවෙනවා.”

    අනුන්ගේ ලිංගික හැසිරීම් සජීවීව නරඹන්නට ඉඩදී මුදල් ඉපැයුම හැරුණු විට එවැනි හැසිරීම් නැරඹුමෙන් වින්දනයක් ලබන්නට ‘ඇබ්බැහි වූ‘ ලැගුම්හල් හිමියෝද වෙති.
    ගම්පහ ආසන්න ප්‍රදේශයෙහි සුඛෝපභෝගී ලෙස සැකසූ හෝටලයක හිමිකරු විසින් සෑම කාමරයකම රහසිගතව කැමරා සවිකොට ඇත. දවසේ කටයුතු නිමවන ඔහු අනතුරුව මදුවිත තොල ගාමින් කැමරාගත කළ ලිංගික චර්යාවන් නැරඹීමට ඇබ්බැහිවී සිටියි.
    “මේ හෝටල්වලට ‍පොලීසියෙන් එහෙම පනින්නෙ නැද්ද?” හෝටල් කළමනාකරුවකුගෙන් විමසුවෙමි.

    සිනාසී හිස කැසූ ඔහු තම සාක්කුවට ඇඟිලි තුඩින් තට්ටුකොට මදක් නිහඬ විය. “වෙලාවකට ඇවිත් අපෙන් අහනව එන අයගෙ හැඳුනුම්පත් ගන්නවද කියල’ඔව්’ කිව්වහම කියනව ‘එන ගෑනුන්ගෙ හැඳුනුම්පතුත් ගන්න’ කියල. අපි ඔය කිව්වට ඕව කරන්නැහැ. එහෙම වුණොත් එන කස්ටර්මස්ලා නැතිවෙලා මේව වහල දාන්න වෙයි…” ඔහුගේ පිළිතුර විය. එම පිළිතුරෙහි ගැබ්වූ සත්‍ය නම්, කාසි පනම් ඉදිරියේ නීතියද මුනිවත රකිනා බවකි. එහෙයින්ම නීතියේ නිහඬ ප්‍රතිපත්තියද මොවුනට ආශිර්වාදයකි. කෙසේ වුවද, අනුන්ගේ ලිංගික ක්‍රියාකාරකම්, ඇඳුම් මාරු කිරීම වැනි දෑ නැරඹීමට ඇබ්බැහිවීම මනෝව්‍යාධි තත්ත්වයක් (Voyeurihm) බැව් මනෝ වෛද්‍ය විශේෂඥ නිශාන්ත දොළවත්තගේ අදහසයි.

    “යතුරු සිදුරුවලින්, දොර සිදුරුවලින් එබි බලමින් ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමට ඇබ්බැහිවූවන් පසුව ස්වයං වින්දනය මගින් ලිංගික තෘප්තිය ලබනවා. මේ තත්ත්වයට පත්වූවන්ගෙන් වැඩිදෙනෙකු පිරිමින්. පෞරුෂයේ ඇති ගැටලුත්, සබඳතාවක් ගොඩනගා ගැන්මට තරම් ආත්මශක්තියක් නොමැති වීම මෙවැනි චර්යාවන් ඇතිවීමට හේතුවිය හැකියි. මෙය චර්යාත්මක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක්…”යි විශේෂඥ දොළවත්ත පවසයි.කරුණු කෙසේ වුවත් බොහෝ දෙනෙකු මෙවැනි ලැගුම්හල්, හෝටල් කාමර තුළ සිදුවන දෑ සම්බන්ධයෙන් විවිධ අදහස්, මතවාද පළකරති.

    එහෙත් පවසන්නට ඇත්තේ මෙපමණකි.

    තැන් තැන්හි ඇති හෝටල් කාමර, ලැගුම්හල්වලට යන්නේ බලාගෙනයි.

    y-2.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මීගමුවේ පැත්තේ ඉන්නේ කුරුසයෝනේ, උන් කොල්ලෝ ගහන එක අහන්නත් දෙයක් නෙවෙයි. :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මට හිලෙන් බලන්න ආසාවක් ආව බන් කොහොමද පොට් 1ක් හොයා ගන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    5 STAR HOTEL වලත් ඔය සීන් වෙනව බං...ගොඩක් වෙලාවට අයිතිකාරයො දන්නෑ වැඩකරන එවුන් ගේම ගහන්නෙ spy camara ගහල...මගෙ යාලුවෙක්ගෙ නෑදෑ අක්ක කෙනෙක් මැරි කරල හනිමූන් ගිය 5 ස්ටාර් හොටෙල් එකකත් එහෙම සීන් එකක් වෙලා.....යකෝ කැමරාව ගහල තිබිල තියෙන්නෙ බාත් රූම් එකේ එකේ බං...කෙල්ල නාල ගිහිල්ල කොල්ල මීටරෙන් ඉදල තියෙන්නෙ උට මාට්ටු වෙලා කැමරාව...ඒකට නම් හෙනට කේස් ඇද්ද අන්තිමට හොයාගෙන වැඩකරපු රූම් බෝයිල සෙට් එකක් ගේම දීල තියෙන්නෙ අයිතිකාරයො ජෙනුයින් පොරවල් උන් දන්නෑ සීන් එක....ඊටපස්සෙ උන් හොයාගෙන නෙලල නෙලල වීඩියෝ එක පෙන්නපන් කියල...යකෝ හාඩ් එකක් පුරවල වීඩියෝලු...ඒ අයියකාරයත් IT ෆීල්ඩ් එකේ වැඩකරන පොරක් ඒක හින්ද වෙන්න ඇති පොර spy camara ගැන එහෙමත් මීටරෙන් ඉන්න ඇත්තෙත්...පොර ක්ශනිකවම උන්ගෙ වීඩියෝ එක ඩිලීට් කරගෙන...අරුන්ගෙන් ඇහුවම කිවුවලු වීඩියෝ කාටවත් දුන්නෑ උන් බලල ආතල් එකක් ගන්න විතරයි වීඩියෝ කරේ කියල..කොහොමහරි පොලිසි ගිහින් හැබැයි හොටෙල් එකේ නමට අවුල් යන හින්ද සීන් එක ප්‍රසිද්ධ කරන්නැතුව විසද ගත්තලු...මේව මේකෙ කියල අවුල් යයිද මන්දා?? ඒ අයියකාරයත් එලකිරියෙ ඉන්නවද දන්නෑ :shocked:

    ප.ලි.:- මෙය යාලුවෙක් කියපු කතාවක් වන අතර 100% ක් සත්‍ය අසත්‍යතාවය නොදනී හොටෙල් එකනම් මුහුදු බඩ පලාතක ජනප්‍රිය 5 ස්ටාර් එකක්ලු
     
    nama kiyapan ban. ova public danna ona deval.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Digata seen eke innawa nm oya adu kuliyata geyak rent ekata ganin baannn, kisi karadarayak ne :lol:
     
    ඔහු අප දන්නා වෛද්‍යවරයෙකි. පසුගිය දිනක ඔහු තම තරුණ දියණිය සමග අනුරාධපුරයේ සිට කොළඹ බලා මෝටර් රියෙන් ගමන් කරමින් හුන්නේය. අතරමග හමුවූ නගරයකදී ඔහු වාහනය නතර කර එළියට බැස්සේ දහවල් ආහාරය ගැනීමට හොඳ අවන්හලක් සොයා ගැනීමටය.ඒ අවස්ථාවේදී ඔහු ඉදිරියට ආවේ කොලුගැටයෙකි. මුහුණේ දැළි රැවුලවත් නැති කොලුගැටයා මෝටර් රියේ කවුළුව තුළින් ඉදිරි අසුනේ සිටි දියණිය දෙස නෙත් යොමනු වෛද්‍යවරයාගේ ඇස ගැටිනි.

    “මොනවද සර් බලන්නේ… රූම් එකක්ද? ෆුල් ඒ.සී. කරපුවත් තියෙනවා. සර්ට ඕනි ‘ෂෝට් ටයිම්ද? නැත්නම් දවසකටද?” කොලුවා කිසිදු චකිතයකින් තොරව තම පියාගේ වයසෙහි පසුවූ වෛද්‍යවරයාගේ කනට කර පවසද්දී ඔහුගේ මුහුණ රතු වී හීන් දාඩිය දැම්මේය. දවල් කෑම පසෙකින් තිබියදී වහා වාහනය පණගැන්වූ ඔහු එතැනින් පිටවූයේ කොලු ගැටයාගේ කතාව දියණියට ඇසුණේ නම් තමා ගැන කුමක් සිතයි දැයි කල්පනා කරමිනි.

    රෙදිකඩ, මස්කඩ, අවන්හල්, පවත්වාගෙන යාමට වඩා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකි ‘කාමර කුලියට දීම’ අද සල්ලි මවන ව්‍යාපාරයක් බවට පත්වී ඇත. ලංකාවේ කුමන දිග්භාගයකට ගියද ‘චයිනීස් හෝටල්’ මෙන්ම ‘රූම්ස් අවේලබල්’ පුවරුව සහිත ලැගුම්හල් සුලබ දසුනකි.
    මෙවැනි හෝටල් කාමර, ලැගුම්හල් වෙත යන්නෝ කවුරුන්ද? එසේ කාමර කුලියට ගන්නවුන්ගේ පෞද්ගලිකත්වය රැකීමට හෝටල් කළමනාකාරීත්වය නිසි පියවර ගෙන ඇත්ද? යන්න නම් බොහෝ සැක සහිතය. ඊට හොඳම කතාවකි මේ.අපි ඇයට වසන්ති යැයි කියමු. වසන්ති හා විවාහ වූ සේනක විවාහයෙන් මසක් ගතවෙද්දී මැදපෙරදිග රැකියාවකට ගියේ ඉසුරු සොයන්නටය. වසන්තිව තම දෙමාපියන් හා සහෝදර සහෝදරියන් භාරයේ තැබූ සේනකට තම බිරිඳ සුරක්ෂිත යැයි සිතිනි.

    ඒ මෙයට පස් වසරකට පෙරදීය. සෑම වසරකම අග ලැබෙන මසක නිවාඩුවට ඔහු ගම රට බලා පැමිණෙන්නේ දෙහැවිරිදි වියේ පසුවන පුතු හා වසන්තීව දැකගැන්මේ අපේක්ෂාවෙනි.
    එසේ වුවත් හත් අට දෙනෙකු වෙසෙන නිවසෙහි බිරිඳ සමග හුදකලාවීමට නොහැකි වීම දෙදෙනාටම ගැටලුවක් විය. සේනක ඊට විසඳුමක් සොයා ගත්තේය. ඔහුගේ දෑස නතර වූයේ ‘රූම්ස් අවේලබල්’ බෝඩ් ලෑල්ලකට මුවාවී පවත්වාගෙන යන ලැගුම් හලක් වෙතටය.
    “ඒ මහත්තයා හැම අවුරුද්දකම මාසෙක නිවාඩුවට ආවහම හත් අට වතාවක්වත් එයාගෙ නෝනා එක්ක මෙහෙට එනව. අපූරු වැඩේ කියන්නෙ පළවෙනි සැරේ ආවේ කසාද සහතිකේ කොපියකුත් අරගෙන. අපි අහිතක් හිතයි කියල වෙන්නැති. මෙතනට දවසකට අඩු ගානෙ ජෝඩු දහයක්, දොළහක්වත් එනව. කවුද එන්නෙ කියන එක අපිට ප්‍රශ්නයක් ‍නෙවෙයි.” ඒ ලැගුම්හල් හිමිකරුගේ අදහසයි.

    මෙවැනි හෝටල් කාමරයක් තුළට වී දොරගුළු දමා ගත් පසු තමන් සිතූ පරිදි, නිදහස භුක්ති විඳින්නට හැකියැයි වසන්තීත්, සේනකත් සිතන්නට ඇත. එමෙන්ම එම හෝටල් කාමර වෙතට පෙම්සුව විඳින්නට පැමිණි වෙනත් ජෝඩු ද එසේ සිතූ බවට සැකයක් නැත.
    එහෙත් ඔවුන් සිතුවා වැරදිය. කාමරයක් තුළ හුදකලා වූ ඔවුනගේ ලිංගික ජීවිතය ඔවුන් දෙදෙනාට සීමා වූවකි. එසේ වුවද කාමරය තුළ අතිපෞද්ගලිකත්වය යතුරු සිදුරු අතරින් නරඹා වින්දනය ලැබිමත් තම හිත මිතුරන්ට මෙන්ම එවැනි දර්ශන නරඹා සතුටු වන්නට ලොල් වූ ඇතැමුන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීමත් මෙවැනි ඇතැම් ලැගුම්හල්වලදී නිතර ඇසෙන කතාවකි. ඒ ‘මොණර කොළ’ වලට ඇති ගිජුකම හේතුවෙනි.

    අනුන්ගේ ලිංගික ජීවිත විකුණා මුදල් උපයන පිරිස් මෙම හෝටල් ව්‍යාපාරයන් තුළ එමටය. නමුත් අරුමය නම් කාමර තුළට වී කම්සුව විඳිනවුන් ඒ කිසිවකුදු නොදැන සිටීමය. ‘රූම්ස් අවේලබල්’ නැතහොත් ‘කාමර කුලියට’ බෝඩ් ලෑල්ලට මුවාවී කිසිදු ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන මෙවැනි ලැගුම්හල් රට පුරා අද හතු පිපුණාක් මෙනි. ඉල්ලුම අධික බැවින් හොඳ ලාබයක් ඉපැයුමට හැකිවීම එයට හේතුවයි.

    ගම්පහ දිස්ත්‍රික්කයෙහි පවත්වාගෙන යන ලැගුම් හලක හිමිකරු අපට මුණගැසුණි. අපූරු පුද්ගලයෙකු වූ ඔහු උපාධිකාරයෙකි. කරමින් සිටි රැකියාවෙන් නිවාඩු ගෙන බිරිඳ සමග විදේශගත වූ ඔහු වසර කිහිපයකට පසු ලංකාවට පැමිණියේ අතමිට තරමක මුදලක් ද ඇතිවය.
    විදේශගතව සිට ආපසු පැමිණෙන විට කලින් නිරතව සිටි රැකියාව අහිමිව තිබිණි. තම සුදුසුකම්වලට ගැළපෙන රැකියාවක් සොයා ගැනීම පහසු කාර්යයක් නොවන බැව් ඔහුට වැටහිණි. අත වූ මුදල් සමෛන් වියපැහැදම් වීම තවත් ගැටලුවකි.“අතේ තියන සල්ලි හොඳ බිස්නස් එකකට යොදවපං. දැන් බලපන් මගෙ හෝටල් බිස්නස් එක. හරියට කෙරුවොත් සල්ලි බලාගෙන ඉද්දි පැටව් ගස්සවන්න පුළුවන්. මහන්සි වෙන්න ඕනෙත් නැහැ.”

    හෝටල් කාමර කුලියට දීමේ ව්‍යාපාරයක නිරතව සිටින සිය මිතුරෙකුගේ උපදෙසින් කුල්මත් වූ ඔහු ‘කාමර කුලියට’ දෙන ලැගුම් හලක් ඇරඹීමේ කාර්යයට අත ගැසුවේ තවත් වරක් සිතා බලන්නට පමා නොවෙමිනි. මිතුරා පැවසූ දෑ නිවැරදිය. අතපය නොවෙහෙසා පසුම්බිය තරකර ගැන්ම අරුමයක් නොවන බැව් ඔහුට වැටහුණේ “අධධථඵ ඒමචඪතචඡතඥ ඒ/ජ – ව්ධද ඒ/ජ” පුවරුවේ වටිනාකමට පින්සිදු වන්නටය.‘ලැගුම්හල’ පටන්ගෙන වසර තුනක් අවසානයේදී ඔහු දෙමහල් නවීන පන්නයේ නිවසක් මිලදී ගෙන තම ව්‍යාපාරය තවත් පුළුල් කළේ සල්ලි ‘වැසි වැස්සවීමේ’ අදහසිනි.

    “මම කාමරයක් කුලියට දෙන්නේ බොහොම විශ්වාසදායි විදිහට. පැයකට තුන්සිය පනහක් කියන්නෙ ඒ තරම් ලොකු ගාණක් නෙවිනෙ? ඒ හන්දා අපිට කස්ටර්මස්ලා හිඟ නැහැ. අඩුම ගානෙ දවසකට ජෝඩු පහළොවකට එහා මිස අඩු වෙන්නෙ නැහැ” ලැගුම්හල් හිමිකරු පැවසුවේ තෘප්තිමත් ලෙසිනි.
    “මේක අපූරු අත්දැකීම් ගන්න පුළුවන් රස්සාවක්. මෙතනට විවිධ වයසෙ, විවිධ තරාතිරමෙ අය එනවා. අවුරුදු දහ අටේ විතර ඉඳන් අවුරුදු හැටපහ පැනපු වයස්වල අයත් එනවා. සමහරු සැබෑ ආදරවන්තයො. සමහරු ගෙදර යන ගමන් සෙට් වුණ උදවිය. සමහරු හැට පැනපු ගෑනු ඔය අතරෙ ඉලන්දාරිත් එක්ක එන වෙලාවල් තියෙනවා. ඒ විතරක් ‍නෙවෙයි. අපි උගත් කියලා සලකන ඉහළ පැලැන්තියෙ අයත් එනවා. දොස්තර මහත්තුරු, නර්ස් නෝනලා.. කන්තෝරුකාරයො.. තරාතිරමක් නැහැ…” ඔහු කියන්නේය.අනියම් සබඳතා පවත්වන අය මෙන්ම ලිංගික වෙළෙඳාමෙහි නිරත කතුන්ද මෙම හෝටල් කාමර වෙත පැමිණීම සාමාන්‍ය සිද්ධියකි.

    ඔහුගේ අත්දැකීමට අනුව කන්තෝරු යන ජෝඩු අතරින් බොහොමයක් පැමිණෙන්නේ ‘ෂෝට් ලීව්’ හෙවත් කෙටි නිවාඩු රැගෙනය. ඒ අතර දහවල් කෑම පැයට ‘හදිස්සි පිට’ පැමිණ යන්නවුන්ද වෙති. කොහොම ගියත් අය කරන අවම ගාස්තුව පැයක කාලය සඳහා වූ රුපියල් තුන්සිය පනහකි. පාන්දර එළිය වැටෙන්නට පෙර ලැගුම් හල් වෙත පැමිණෙන ඇතැම් ජෝඩු අඳුර වැටුන පසු පිටවී යන්නේ කිසිවෙකුගේ ඇස නොගැටෙන්නටය.හෝටල් හිමිකරු පවසන පරිදි කාමර වෙත පැමිණෙන කාන්තාවන් බොහෝමයක් සිය අනන්‍යතාව හෙළි වීම වළකා ගැනීමට පරිස්සම් වෙති.

    “ගෑනු කට්ටිය අපිට මුහුණ දෙන්න අකමැතියි. සමහරු හැන්දෑවෙලාවට එන්නෙත් සන්ග්ලාස් දාගෙන. ස්කාෆ්වලින් ඔළුව වහගෙන, මුහුණ පාත් කරගෙන එනව. ඒ අතර සමහර ගෑනු උදවිය කාමරේට යනකම්ම ෆුල්ෆේස් හෙල්මට් දාගෙන යන්නෙ. මුස්ලිම් කාන්තාවෝ විදිහට ‘අබාය’ දාගෙන ආව අයත් ඉන්නවා. හැබැයි එහෙම එන්නෙ ඒ අය ඇත්තටම මුස්ලිම් හින්දා නෙවි. අනිත් අය තමන්ව අඳුනගනියි කියන බයට.” හෝටල් හිමිකරු පැවසුයේ සිනහසෙමිනි.
    සමාජ සම්මතයට පිටුපා පිටස්තර පිරිමියෙකු සමග ‘හෝටල් කාමරයක්’ තුළට පැමිණි බැව් සමාජයෙන් වසන් කරන්නට සිතා එළිපිට මෙසේ විවිධ උපක්‍රම යොදා සැඟවුවද කාමර තුළට වන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය එම කාමරයේ පිටත සිටින විවිධ පුද්ගලයන් ඉදිරියේ නිරාවරණය වන බැව් ඔවුන් හාංකවිසියකුදු නොදනිති.

    විවාහයකින් පිටත මෙන්ම විවාහයට ප්‍රථම කායික සබඳතා පැවැත්වීම අප සමාජය විසින් අනුමත නොකරන්නකි. එහෙත් මේ වන විට එවැනි සම්මතයන්ද සමාජයෙන් කමෛන් බැහැරව යද්දී හොර රහසේ කම්සුව විඳින්නට හෝටල් කාමර, ලැඟුම්හල් වෙත ඇදෙන සංඛ්‍යාව ඉහළය.
    කොළඹ ආශ්‍රිත කාමර කුලියට දෙන ලැගුම්හලකින් අසන්නට ලැබුණේ මෙවන් පුවතකි. එම ලැගුම්හලෙහි සෑම කාමරයකම පාහේ දොරෙහි, මෙන්ම ජනේලවල කුඩා සිදුරු සකසා ඇත්තේ කාමර තුළ ඇති ඇඳ ඉලක්ක කරගෙනය. ඒ අතර එක් කාමරයක් විශේෂයෙන් තබා ඇත. ඵහි නම ආදම් උයන්ය. ලැගුම්හල් සේවකයන් එම නම් තබා ඇති මෙම කාමරය හෝටලයට එන ඇහැට කනට පෙනෙන දඟකාර යැයි සිතන තරුණියන් උදෙසා වෙන්කර ඇත.

    “සමහර ඉලන්දාරි විතරක් නෙවි, හැට පැනපු මහත්තුරුත් ලස්සන විසේකාරියො අරගෙන එනව. එහෙම අයව දැක්ක ගමන් අපිට ‘මීටර්’ වෙනව. එතකොට අපි කරන්නෙ එහෙම අයව අර ‘ආදම්ගෙ උයනට’ දාන එකයි. ලස්සන දේවල් බලන්න කවුරුත් කැමතිනෙ. ඒ හන්දා ඒ කාමරේ ඇතුළෙ වෙන දේවල් බලන්න කැමති අයට අපි චාන්ස් එකක් දෙනව. හැබැයි හැමෝටම නෙවි. ඒව බොහොම පරිස්සමින්, රහසිගතව කරන දේවල්. දන්නවනෙ. ‍පොඩ්ඩ වැරදුණොත් ඔක්කොම සුන්…”
    “මේ හෝටල්වලට එන අය අතරෙ හරි අපූරු ජෝඩු එන්නව. දවසක් රෑ වේගන එද්දී ආව හැට පහක විතර පෙනුම තියෙන ඔසරියක් ඇඳපු ගෑනු කෙනෙකුයි, පනහකට විතර කිට්ටු පිරිමියෙකුයි.
    පිරිමි කෙනා බිම බලාගෙන ඉද්දි හෝට‍ලේට ඉදිරිපත් කරන්න ඕන හැඳුනුම්පත දුන්නෙ ගෑනු කෙනා. දෙන්නම කාමරේට ගියයි කියමුකො ඔන්න මම ඔයාට දෙල් උයල, බිත්තරේකුත් තම්බල කෙසෙල් කොළේ ඔතපු බත් මුලක් ගෙනාව කියල බත් මුලක් බෑග් එකෙන් එළියට අරගෙන බොහෝම ආදරෙන් ඒක කැවුවා. කවන අතරෙ කාලෙ බෝත‍ලේකුත් එළියට අරගෙන දෙන්නම හීන් අඩියකුත් ගැහුවා. ඊට පස්සෙ අර බොහොම ලැජ්ජාවෙන් හිටපු මිනිහ චණ්ඩියෙක් වගේ මැත දොඩවන්ට පටන් ගත්තා. ඊට පස්සෙ අර වයසක අම්මණ්ඩි මිනිහව ‍පොළඹවගෙන හැසිරුණේ හරියට දහ අටේ ළමිස්සියෙක් වගෙයි. උදේ හයට විතර මිනිහ ඇඳගෙන එහෙම ඇවිත් කිවුව අපි තව ටිකකින් යනව කියල. සල්ලිත් ගෙවුවා. හැබැයි ආපහු කාමරේට ගිය මිනිහ පැයක් විතර ගතවෙලත් නැත්තෙ මොකද කියල ‘දොර සිදුරෙන් බැලුවහම තමයි දැක්කෙ අර අම්මණ්ඩි ආපහු ඒ හාදයව ‍පොළඹගෙන කියල. මේ දෙන්නා ආදරවන්තයො හිටපු ගමන් රෑ කරුව‍ලේ ඇවිත් පාන්දර ආපහු යනව.”

    කාමර කුලියට ගෙන පැමිණෙනවුන්ගේ ලිංගික හැසිරීම් නැරඹීම පුරුද්දක් කොට ගෙන එන හෝටල් වෙත පැමිණෙන්නෝද සිටිති. බොහෝ විට එම අවස්ථාව ලැබෙන්නේ හෝටල් කළමනාකාරිත්වය හා සම්බන්ධ සීමිත පිරිසකටය. එමෙන්ම ඉතා රහසිගත අන්දමටය. ඇතැම් විට එවැන්නවුන් විසින් කැඳවාගෙන එන්නවුන්ටද අවස්ථාව සැලසෙයි. එය නැරඹීමෙන් අනතුරුව ‘නැරඹුම් ගාස්තුව‘ ලෙස ‘නිල් පැහැති නෝට්ටුවක්’ කවුන්ටරය මතට විසිකිරීම ඔවුනට එතරම් දෙයක් නොවේ. එමෙන්ම කාමර කුලියට දීමෙන් උපයන මුදලට වඩා වැඩි මුදලක් ඇතැම් විට මෙවැනි දර්ශන නැරඹීමට අවස්ථාව සලසා දීම තුළින් උපයා ගන්නා අවස්ථාද වෙති.

    “සමහර පිරිමි ගෙදර ගෑනුන්ගෙ වැරදි තමන් එක්ක එන ගෑනුන්ට කියනවා අපිට ඇහෙනවා. පැයකට, දෙකකට අරන් එන ගෑනිගෙන් අමුතු සතුටක් විඳින්න හිතාගෙන තමයි ඔය බොරු මායම් දාන්නෙ. ගෑනුන්ට වැඩිය හෝටල් කාමරවලදී මායම් දාන්නෙ පිරිමි. සමහර පිරිමි ගෙදර ගෑනි බැඳල දුන්න බත්මුල ලෙහාගෙන අනිත් ගෑනිට අනල කවනව.” හෝටල් කළමනාකරු පැවැසුයේ අවඥා සහගත ලෙස සිනහසෙමිනි.

    ලොවෙන් වසන් වී ‘කම්සුව‘ විඳීමට ‘කාමර’ වෙත එන ඇතැමුන්ගේ ලිංගික ජවනිකා හොර රහසේ කැමරාගත කොට අන්තර්ජාලය වෙත මුදාහරින අවස්ථා ද ඇත. එමගින් එක් පැයක් තුළ අන්තර්ජාලය හරහා ලිංගික චිත්‍රපටවල නළු නිළියන් බවට පත්වන ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොදනිති. අනාවරණය වූ තොරතුරු අනුව මෙවැනි අකටයුකුකම් ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන බොහෝ ලැගුම්හල් තුළ සිදුවෙයි.

    “කාමරේකට ජෝඩුවක් ආවහම හුඟක් වෙලාවට ඒ ගොල්ලො බලන්නෙ දොරේ අගුල දිහා විතරයි. නැත්නම් කැමරා හයි කරලද කියල බිත්තිය දිහා විතරයි. සමහරුන්ට එහෙම බලන්න තරම්වත් වගක් නැහැ… කෙළින්ම දොර වහපු ගමන් කාරණේට බහිනව.”
    මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකදී අපට අසන්නට ලැබුණේ අමුතුම කතාවකි.
    “මෙහෙම හුඟක් එන්නෙ සමලිංගික සම්බන්ධතා තියෙන ජෝඩු. ඒ අය හුඟදෙනෙක් ආදරේ කරන්නෙ හරියට ගෑනු, පිරිමි ආදරේ කරනව වගේ. ඒත් ඉතින් අපිට මේ කිසි දෙයක් ප්‍රශ්නයක් ‍නෙවෙයි. මොකද අපිට සල්ලි හම්බවෙනවා.”

    අනුන්ගේ ලිංගික හැසිරීම් සජීවීව නරඹන්නට ඉඩදී මුදල් ඉපැයුම හැරුණු විට එවැනි හැසිරීම් නැරඹුමෙන් වින්දනයක් ලබන්නට ‘ඇබ්බැහි වූ‘ ලැගුම්හල් හිමියෝද වෙති.
    ගම්පහ ආසන්න ප්‍රදේශයෙහි සුඛෝපභෝගී ලෙස සැකසූ හෝටලයක හිමිකරු විසින් සෑම කාමරයකම රහසිගතව කැමරා සවිකොට ඇත. දවසේ කටයුතු නිමවන ඔහු අනතුරුව මදුවිත තොල ගාමින් කැමරාගත කළ ලිංගික චර්යාවන් නැරඹීමට ඇබ්බැහිවී සිටියි.
    “මේ හෝටල්වලට ‍පොලීසියෙන් එහෙම පනින්නෙ නැද්ද?” හෝටල් කළමනාකරුවකුගෙන් විමසුවෙමි.

    සිනාසී හිස කැසූ ඔහු තම සාක්කුවට ඇඟිලි තුඩින් තට්ටුකොට මදක් නිහඬ විය. “වෙලාවකට ඇවිත් අපෙන් අහනව එන අයගෙ හැඳුනුම්පත් ගන්නවද කියල’ඔව්’ කිව්වහම කියනව ‘එන ගෑනුන්ගෙ හැඳුනුම්පතුත් ගන්න’ කියල. අපි ඔය කිව්වට ඕව කරන්නැහැ. එහෙම වුණොත් එන කස්ටර්මස්ලා නැතිවෙලා මේව වහල දාන්න වෙයි…” ඔහුගේ පිළිතුර විය. එම පිළිතුරෙහි ගැබ්වූ සත්‍ය නම්, කාසි පනම් ඉදිරියේ නීතියද මුනිවත රකිනා බවකි. එහෙයින්ම නීතියේ නිහඬ ප්‍රතිපත්තියද මොවුනට ආශිර්වාදයකි. කෙසේ වුවද, අනුන්ගේ ලිංගික ක්‍රියාකාරකම්, ඇඳුම් මාරු කිරීම වැනි දෑ නැරඹීමට ඇබ්බැහිවීම මනෝව්‍යාධි තත්ත්වයක් (Voyeurihm) බැව් මනෝ වෛද්‍ය විශේෂඥ නිශාන්ත දොළවත්තගේ අදහසයි.

    “යතුරු සිදුරුවලින්, දොර සිදුරුවලින් එබි බලමින් ලිංගික ක්‍රියාකාරකම් නැරඹීමට ඇබ්බැහිවූවන් පසුව ස්වයං වින්දනය මගින් ලිංගික තෘප්තිය ලබනවා. මේ තත්ත්වයට පත්වූවන්ගෙන් වැඩිදෙනෙකු පිරිමින්. පෞරුෂයේ ඇති ගැටලුත්, සබඳතාවක් ගොඩනගා ගැන්මට තරම් ආත්මශක්තියක් නොමැති වීම මෙවැනි චර්යාවන් ඇතිවීමට හේතුවිය හැකියි. මෙය චර්යාත්මක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක්…”යි විශේෂඥ දොළවත්ත පවසයි.කරුණු කෙසේ වුවත් බොහෝ දෙනෙකු මෙවැනි ලැගුම්හල්, හෝටල් කාමර තුළ සිදුවන දෑ සම්බන්ධයෙන් විවිධ අදහස්, මතවාද පළකරති.

    එහෙත් පවසන්නට ඇත්තේ මෙපමණකි.

    තැන් තැන්හි ඇති හෝටල් කාමර, ලැගුම්හල්වලට යන්නේ බලාගෙනයි.
    ඔහොම සිද්ධි නම් මං කලින් අහල තියෙනවා..

    ඉස්සෙල්ලම ඔය වගේ සීන් එකක් ගැන තියෙන්නේ මං දන්න විදියට D. H. Lawrence කියන ඉංග්‍රීසි ජාතික ලේඛකයා ලියපු The Voyeur කියන ශෘංගාරාත්මක පොතෙන්..

    Voyeur කියන එකේ තේරුම එබිකම් කරන්නා, එබී බලන්නා කියන එකයි..අර ලෙඩේ නම හැදිලා තියෙන්නත් එහෙමයි..

    ඒකෙ තියෙන්නේ තමන්ගේ පියාගේ රහස් ලිංගික ජීවිතය ගැන එබිකම් කරන තරුණ පුතෙකුගේ කතාවක්..

    ඒක ප්‍රබන්ධයක් උනාට ඇත්තටම මේවා ලෝකේ සිද්ධ වෙනවා කියන එක නම් හිතාගන්නත් බෑ...:rolleyes: