යනකොට_දීලා_යන්න(Pass it on when u r done with it)

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    යනකොට_දීලා_යන්න(Pass it on when u r done with it)

    blind_girl_by_jezebel-1.jpg

    මචංලා මම අද අත්දැකපු දුක හිතෙන කතාවක් කියන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.සම්පූර්ණ කතාවම කියවන්න.

    අද හවස මම ගිය බස් එකේ හිටියේ මමයි තව කීපදෙනෙකුයි විතරයි.බස් එක එක ඉස්කෝලෙක ග්‍රවුන්ඩ් එකක් ගාව නවත්තනවා.ටික වෙලාවකින් අවුරුදු 10-12 ක විතර පොඩි ලමයෙක් බස් එකට නගිනවා.ඒ තනියම නෙවෙයි.තමන්ගෙ අන්ධ අම්මත් එක්ක.ඒ තමන්ගේ එදා වේල හම්බකරගන්න කීයක් හරි සිඟමන් යදින්න.ඒ පොඩි එකාගෙ මූණෙ තිබුනෙ දුක මුහුවෙච්ච අහිංසක හිනාවක්.ඒ අම්මා තමන්ගෙ දුක් ගැනවිල්ල කියන අතරේ පොඩි එකා අර මම කිව්ව ඉස්කෝලෙ තමන්ගෙ වයසෙම ලමයි සෙල්ලම් කරන හැටි හුගාක් දුකෙන් බලාන ඉන්නවා මම දැක්කා..පොඩි එකාටත් සෙල්ලම් කරන්න කොච්චර ආස හිතුනත් ඒක කරන්න බෑ.තමන්ගෙ අන්ධ අම්මවත් අතින් අල්ලන් බස් ගානෙ කෝච්චි ගානෙ සිඟමන් යදින්න වෙලා.ඒ අම්මගෙත් ඇස් හොදට පෙනුනනම් සමහර විට ඒ පොඩි එකා අර පිට්ටනියෙ සෙල්ලම් කරපු ලමයින් අතර ඉන්න තිබ්බා.ඒත් ඒ අම්මා ගොඩාක් අසරණ වෙලා.අම්මගේ අන්ධ බාවය නිසා පොඩි එකා ඊටත් වඩා අසරණ වෙලා.ඒ අම්මගේ ඇස් වලින් ආව කඳුලු ඒකට හොඳම උදාහරණයක්.හදවතක් තියෙන කෙනෙකුට කදුලු බිංදුවක් නොහෙලා ඒ දිහා බලා ඉන්න බැරි තරම්.නිල් පාට අහස,මල්වල ලස්සන,පරිසරයේ තියෙන සුන්දරත්වය දකින්න තියා තම්න්ගෙ පුතාගෙ අහිංසක හිනාව දකින්නවත් ඒ අම්මා පිං කරලා නෑ.මදකට හිතන්න....ඒ අම්මගේ හිතේ මොනතරම් දුකක් හිරවෙලා ඇත්ද?
    ඒ බස් එකේ හිටිය කවුරුවත් ඒ අම්මටයි,පුතාටයි සිල්ලර කාසි වලින් සංග්‍රහ කලේ නෑ.හැමෝම නොට්‍ටු කොල තමයි දුන්නේ.මට එතකොට තමයි හිතුනෙ මම ඉන්නෙ කොච්චර ආදරණීය,සංවේදී මිනිස්සු ඉන්න රටකද කියලා.ඒ කොහොම උනත් මම මේ කියන්න හදන්නෙ සල්ලි දෙන එක ගැන නෙවේ.ඒ අන්ධකාර ලෝකේ ඉන්න අහිංසක මිනිස්සුන්ට නොමිලේ දෙන්න දෙයක් අපි ගාව තියෙනවා.ඒ වෙන කිසීදෙයක් නෙවේ.ඔයාලගෙ ඇස් දෙක.ඔව් ඔයාල මේ ලෝකයේ සුන්දරත්වය දකින ඒ නෙත්දෙක.අපි කවදා මැරෙයිද කියලා කවුරුත් දන්නෙ නෑ.හැබැයි ඒ මැරෙන දවසට කවුරුත් මුකුත් අරන් යන්නෙත් නෑ.කිසිම හරයක් නැති ගඳ ගහන සරීරය පොලොවට පස් වෙන එක විතරයි වෙන්නෙ.හැබැයි ඔයාලට පුලුවන් ඔයාලගෙ ජීවිතයට අරුතක් දෙන්න.මැරෙන වෙලාවෙ උනත් සතුටින් මැරෙන්න.ඔයාල මේ ලෝකෙන් යනකොට ඔයාලගෙ ඇස් දෙක කිසිමදාක ලෝකයේ සුන්දරත්වය දැකපු නැති කෙනෙකුට දීල යන්න පුලුවන්නම්...ඔයාලගෙ ආදරණීය ඇස් දෙකෙන් ඔවුන් ලෝකය දකීවි.තමන් ජීවිත කාලයට දැකපු නැති තමන්ගෙ පුතා,දුව,ස්වාමියා,භාර්යාව,ආදරවන්තයා,ආදරවන්තිය ඔබේ ඇස් දෙකෙන් ඔවුන් දකීවි...හිතන්න.....ජීවිතයට අරුතක් දෙන්න....යනකොට නෙත් දෙක දීලා යන්න..ගොඩාක් පිං නාමයෙන් ඔබ පිදූ ඒ අසීමිත දානයට....

    මේක බලලා නිකම් යන්න එපා.බම්ප් එකක් හරි comment එකක් හරි දාල යන්න.




     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කියන්න වචන නැහැ........
    වෙලාවකට හිතෙනවා මේ ලෝකේ කොච්චර අසාධාරණද කියලා..............
    පොඩි එවුන් දුක් විඳිනවා නං බලං ඉන්න බැහැ මට..........

    අහන් ඉන්න...........
    අහගෙන ඉන්න.........
    මගෙ හිත මොනවද මුමුනණවා.............

    :(:(:(
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    කියන්න වචන නැහැ........
    වෙලාවකට හිතෙනවා මේ ලෝකේ කොච්චර අසාධාරණද කියලා..............
    පොඩි එවුන් දුක් විඳිනවා නං බලං ඉන්න බැහැ මට..........

    අහන් ඉන්න...........
    අහගෙන ඉන්න.........
    මගෙ හිත මොනවද මුමුනණවා.............

    :(:(:(

    ඇත්ත මචං. :(
    මට දෙන්න... මට දෙන්න.... මොහොතකට මට දෙන්න..
    ඔබේ ඇස් යට නටන පාට බිදුවක් දෙන්න...

    maara sanwedi neda bn :)

    :oo: