යනවා_නම්_අනේ_මං_ අරන්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යනවා_නම්_අනේ_මං_ අරන්...

    යනවා නම් අනේ මං අරන්...
    යන තැනකට යන්න රත්තරං...


    lyricsyanawanam.jpg


    යනවා නම් අනේ අරන්
    යන තැනකට යන්න රත්තං
    හිගා කකා කොල පතක් අරන්
    ලුණුයි බතුයි කමුකෝ රත්තරං

    සිත හිමේ කදු පා මුල
    හින්දි සින්දුවක් කිය කිය
    හිගාන ආ ලුණුයි බතුයි
    කමුකෝ රත්තරං
    ඊට පස්සේ දුන්හිද ලග
    නටමු රත්තරං

    සතය සතය එකතු කරලා
    රහසේ කැටයකට දමලා
    නුවර එළියේ ටජ්මහලක්
    හදමු රත්තරං
    සාරි ඉරලා ජනෙල් වලට
    දමමු රත්තරං


    හඬ: නන්දා මාලිනී
    පද: සුනිල් ආරියරත්න
    නද: රෝහණ වීරසිංහ
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නන්දා මාලිනී කියන්නේ සිංහල සංගීතයේ සුවිශේෂි චරිතයක්. ඇයගේ සංගීත දිවියේ වෙනස්ම ආකාරයක සළකුණක් සටහන් කරපු ගීතයක් අරගෙන තමයි අපිට ලැබුනු විරාමයෙන් පස්සේ මම ඔයාලව හම්බ වෙන්න ආවේ...

    නන්දා මාලිනී කියන්නේ ඔබ අප කවුරුත් දන්න විදිහට බොහෝමයක් ශාස්ත්‍රීය පැත්තට බර ගායිකාවක්. නමුත් මේ ගීතය ඉතාම සරළ පද මාලාවක් එක්ක සරල සංගීත සංයෝජනයක් එක්ක කියවෙන ගීතයක්. ඒ හින්දයි මේ ගීතය අඑගේ සංගීත දිවියේ වෙනස්ම සළකුණක් වෙන්නේ.

    ඇගේ "නිලම්බරේ" කියන ගීත ඇල්බමයට එක් කරලා තිබුනු මෙම ගීතයේ සංගීතමය විශේෂත්වය තියෙන්නේ යොදා ගෙන තියෙන සංගීතයේ. මේ ගීතයෙන් කියවෙන්නේ පුංචි කෙල්ලෙකුගේ සීනී බෝල වගේ ආදර කතාවක්. ඒක ඉස්මතු කරන්න මේකට යොදාගෙන තියෙන්නේ ආපූ කාලේ ඉතාම ජනප්‍රිය වෙච්චි හින්දි චිත්‍රපට ගීතයක සංගීත අනුවාදනයක්. (මට මතක විදිහට සාජන්) ඔයාලා දන්නවනේ 1990 ගණන් වල හින්දි චිත්‍රපට ගැන. මොන ප්‍රශ්ණේ ආවත් කෙල්ලයි කොල්ලයි අන්තිමේදී එකතු වෙනවනේ...

    අහලා නැත්නම් මෙන්න අහලා බලන්නකෝ...​

    ෴ යනවා නම් අනේ මං අරන්... ෴