යන්න අවසරයි අම්මි, අප්පච්චී........
මන් ඉපදුන දවසෙ ඔයා මාලඟ නොහිටියත් ඉපදුන ආරන්චිය අහලා ගොඩක් සතුටු උනා කියලා මට අම්මි කිව්වා. නිවාඩු අරන් මාව බලන්න ආපු ඔයා මට දීපු හාදු වල උණුසුම මට තාමත් මතකයි අප්පච්චි.
ඒත් අපි හැමොගෙම සතුට උදුරගන්න තරම් කාලය නපුරු වෙලා කියලා ඒ දවස් වල මන් දැනන් ඉන්නෙ කොහොමද, ඉපදිලා මස තුනක් වෙච්චි මම.
ඔයාගෙ පොඩි දෝනි අප්පච්චි කියන කොට එක අහන්න ඔයා මා ලන්ගින් හිටියෙ නෑ අප්පච්චි, මගේ දඟ වැඩ බලාලා සතුටු වෙන්න ඔයාට වාසනාවක් තිබුන් නෑ අප්පච්චි, ඔයාගෙ දෝනි ටිකටික ලොකුවෙද්දි ඔයාගෙ උණුසුම හොයන කොට, ඔයාගෙ සුලැඟිල්ල අල්ලන් සිගිති දෙපා තියලා ඇවිදින්නට හදන කොට ඔයා මගේ ලොකෙන් යන්නම ගිහින් කියලා මන් දැනන් උන් නෑ අප්පච්චි.
අම්මා කඳුළු බිබී මාව ලොකු මහත් කරා ඔයාගෙ මතකයන් හිතේ තියාගෙන ඔයාගෙන් එයාට ලැබුන ලොකුම තෑග්ග මම කියලා මට කියලා දීලා.
ඔයාගේ රූපෙ මට මතක නැතත් ඔයාව මතක් කරන්න යද්දී මගේ ඇස් දෙක බොඳ වෙලා මට ඔයාව පේන් නැතිවම යනවා අප්පච්චි, පොටෝ පොත් වල ඉන්න ඔයාව ඩැක්කම ඒවා මට වැඩිය වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ.
හැබැයි මට තාමත් මත්කයි ඒ දවස නම්, අම්මිත් එක්ක පෙර පාසල් ඇරිලා එද්දී කොල පාට ජීප් එකකින් අවිත් හිටපු හමුදාවෙ මාමලා කියපු දෙයක් අහලා අම්මිව එතනම වැටුනා. මම බයවෙලා මහා හයියෙන් අඬන්න ගත්තා. මට මතක එච්චරයි.
මම නැගිටින කොට අම්මි මාව බදාගෙන අඬනවා " අයියෝ සුදු දුවේ ඔයාගෙ තාත්ති ඔයාවයි මාවයි දාල යන්න ගිහින් කියාලා" ඒ වෙලාවෙ මට මුකුත් නොතේරුනත් මටත් හොඳටම ඇඬුනා.
ඒ මූසල දවසේ ඔයා ගෙදර අවේ හමුදාවෙ මාමලගෙ කර පිටින් පෙට්ටියකින් අප්පච්චි, එක උඩින් ලන්කා කොඩියක් දාල ඔයාගෙ සුදු මූන බලන්න බැරි වෙන්නම ඒක වහලා දාල.
මට නොතෙරෙන කමට මම ඒ පෙට්ටිය ලඟ ඉදන් බොනික්කන්ව නැලෙව්වා ඔයා ගැන කියකිය අප්පච්චී. කව්ද "පවු අසරන කෙලි පොඩ්ඩ, ඒ දරුවා මොනා දැනගෙනද?" කියලා කියනවා මට තාමත් මතකයි අප්පච්චි.
මන් අමමිට අම්මි හරි නරකයි, අඬන්නෙ නරක ලමයි කිය කිය හුරතල් වෙද්දී අම්මි තවතවත් ඇඬුවා අප්පච්චි.
එදා කහපාට සිවුරු ඇඳපු සාදුලා ඇවිත් පැන් වඩලා ඔයාට පින් දෙද්දී මන් හුඟක් දඟ කරලා අප්පච්චි, මට වතුරත් එක්ක සෙල්ලම් කරන්න දුන් නෑ කියලා.
ඔයාව ගෙදරින් එලියට අරන් හමුදාවෙ මාමලා ඔයාව කර පිටින් කනත්තට ගෙනිහින් අහසට වෙඩි තියලා ඔයව සොහොනට තියලා එද්දී අම්මි ඔයාගෙ සොහොන බදාගෙන හොඬටම ඇඬුවා අප්පච්චී.
ටික ටික මන් ලොකු වෙද්දී ඔයා ගැන අහන කොට අම්මිගෙ ඇස් වල කඳුලු පිරුනා අප්පච්චී, කාලයත් එක්ක මට හැම දේම තෙරුම් ගන්න ඉඩ දීල අම්මි ඔයා සුරන්ගනා ලොකෙ ගියා සුදු දූට තැගි අරන් එන්න කියලා මාව නලවද්දී මන් සුරන්ගනා ලොකේ කෝ කියලා අම්මිගෙන් ඇහුවම අම්මි හඳ පෙන්නලා මාව නැලවුවා.
මන් පුන්චි කාලෙදි රෑට හඳ දිහා බලන් උන්නා අප්පච්චී ඔයා මට තෑගි අරන් එනකන්. එත් ඔයා කවදාවත්ම අවේ නෑ අප්පච්චී.
මන් ඉස්කෝලෙ යද්දී ඔයාගෙ පොටෝ එකට වැඳලා යන්න මට අම්මි ඉගැන්නුවා අප්පච්චී.
හැම අවුරුද්දකම මායි අම්මියි ඔයාගෙ සොහොන ලඟට ඇවිත් ඉටිපන්දමක් පත්තු කරලා ගියා කියලා ඔයා හොඳටම දන්නවා ඇති ඇප්පච්චී.
ටිකටික මට තේරුම් වෙන කොට අනික් ලමයි අප්පච්චිලාත් එක්ක ගමන් යනවා දැකලා මට ඉරිසියා හිතෙනවට වඩා ඔයා ගැන ආඩම්බරයක් අති වුනා අප්පච්චී.
ඒත් ඔයාගෙ පොඩි දෝනි ලොකු ලමයෙක් උන දවසේ ඔයා නැති පාලුව මට හොඳටම දැනුනා අප්පච්චී.
අම්මි මාව දුක් විඳලා ලොකු මහත් කරලා හොඳට ඉගැන්නුවා. ඔයා කොහේ හිටියත් ඔයාගෙ අශිර්වාදේ මට තියෙනවා කියලා මගෙ හිතේ ලොකු හැඟීමක් තිබුනා අප්පච්චී.
අද ඔයාගෙ පොඩිදෝනි පිටගම් යනවා අප්පච්චී, අම්මි අද ඉඳන් තනි වෙනවා අප්පච්චී, ඔයාගෙ මතකයයි මගේ මතකයයි හිතේ තියන් අම්මි අද ඉඳන් ගෙදර තනි වෙනවා අප්පච්චී, එයාට දුකක් දැනෙන්න දෙන්න එපා අප්පච්චී. ඔයා එයාට දුන්න තෑග්ග අද වෙන කෙනෙකුට අයිති වෙලා අප්පච්චී.ඉතින් මට යන්න අවසරයි අම්මි, අප්පච්චී........
Sourace : http://sonduruminisa.blogspot.com
මේ කතාව ඇත්තම වෙච්චි සහෝදරියන් කීයක් අපෙ රටේ ඇතිද?

Last edited: