යමරජ_සහ_දෙවියෝ

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    යමරජ_සහ_දෙවියෝ

    දෙවියොයි යම රජ්ජුරුවොයි හැම සති අන්තෙකදිම හම්බවෙනවලු. මොකද මැරෙන හැම ආත්මයක්ම ඒ දෙන්න අතරෙනෙ බෙදෙන්නෙ. මේ සතියෙ දෙන්නගෙ මීටිම අපායෙ තිබුනොත් ඊලඟ සතියෙ මීටිම තියෙන්නෙ දිවිය ලෝකෙදිලු.

    මේ සතියෙ දෙවියොන්ගෙ ටර්න් එකලු දිවියලෝකෙ මීටිම ඕගනයිස් කරන්න. මේ මීටිමට යම රජ්ජුරුවො එනවලු විසිල් එකක් එහෙම ගහගෙන කවදාවත් නැතුව හෙන හැපි මූඩ් එකකින්. දෙවියොන්ට මේක එච්චර ඇල්ලුවෙ නැහැලු.

    දෙවියෝ : මොකද උඹ කවදාවත් නැතුව මෙච්චර සතුටින්
    යමරජ : දැන් නම් මට කියන්න කරදරයක් නෑ. ගිය සතියෙ අපායට ආව ඉංජිනියර් අපේ ටොයිලට්ස් ඔක්කොම නියමෙට හැදුවා. අනිත් අතට මිනිහා මුලු අපායම ඒසී කරා... ඒකයි මට හැපි..
    දෙවියෝ : ඉංජිනියර් කෙනෙක් අපායට යන්න විදියක් නෑ. මෙතන මොකක් හරි වැරදීමක්ල් වෙලා තියෙනවා... ඌව ආයෙ දිවියලෝකට එවපන්
    යමරජ : පිස්සු කෙලින්න එපා... ඌ ලබන සතියෙ මුලු අපායෙම ටැප් සිස්ටම් එක හදල දෙනව කිවුවා. ඌව නම් දෙන්න බෑ..
    දෙවියෝ : ඌව එවපන්, නැත්නම් මම නරක මිනිහ කියන්න එපා...
    යමරජ : ඇයි එවුවෙ නැත්නම් උඹ මොනා කරන්නද?
    දෙවියෝ : මම උඹට විරුද්දව නඩු දානවා

    යමරජ උපහාසයෙන් සිනාසෙයි.

    දෙවියෝ : ඇයි උඹ කින්ඩියට හිනා වෙන්නේ?
    යමරජ : යකෝ උඹගෙ නඩුවට කවුද කතා කරන්නෙ? ලෝයර්ල ඔක්කොම මගෙ ලඟනෙ
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    funny-pictures-auto-mr-bean-rowan-atkinson-473706.jpeg