යම් අයෙකු කෙරෙහි ඔබට තරහක් 

අමනාපයක් ඇති වෙනවා. එය දුරුකර
ගැනීම පිණිස කටයුතු කළ යුත්තේ
කෙසේ ද !


•══════════════════•
.
යම් පුද්ගලයෙකු කෙරෙහි උපදින වෛරය මුළුමනින් ම දුරුකර ගැනීම පිණිස අනුගමනය කළ හැකි ක්‍රම පහක් ආඝාත පටිවිනය නම්
සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ 
පෙන්වා දී තිබෙනවා.
යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුයි.
.
යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ කෙනා කෙරෙහි කරුණාව වැඩිය යුතුයි.
.
යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ කෙනා කෙරෙහි උපේක්ෂාව වැඩිය යුතුයි.
මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව වඩන ආකාරය, ‘සිතට සුව දෙන භාවනා’ නම් ග්‍රන්ථයේ ‘සතර බ්‍රහ්ම විහරණ’ කොටසේ සවිස්තරව සඳහන් වෙනවා.
.
යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්, ඒ පුද්ගලයා පිළිබඳව නොසිතීම, මෙනෙහි නොකිරීම පිළිපැදිය යුතුයි.
.
යම් පුද්ගලයෙකු කෙරෙහි වෛරය උපන්නේ නම්..
ඒ පුද්ගලයා ගැන කර්මය තමාගේ දෙය කරගෙන ඇති බව සිතිය යුතුයි.
‘මේ කෙනා කර්මය තමාගේ දෙය කරගෙන ඇත්තේ ය.
කර්මය දායාද කොට ඇත්තේ ය.
කර්මය උත්පත්ති ස්ථානය කොට ඇත්තේ ය.
කර්මය ඥාතියා කොට ඇත්තේ ය.
කර්මය පිළිසරණ කොට ඇත්තේ ය.
පුණ්‍ය වේවා පාප වේවා යම් කර්මයක් කරන්නේ ද එය ඔහුගේ දායාදය වන්නේ ය’ වශයෙනි.
.
එමෙන් ම දුතිය ආඝාත පටිවිනය සූත්‍රයේ දී අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ
පෙන්වා දෙන්නේ...
"යම් කෙනෙකුගේ අයහපත් දේ මෙනෙහි නොකර එම කෙනා තුළ තිබෙන යහපත් දේවල් ගැන මෙනෙහි කොට උපන් අමනාපය දුරු කරන ලෙසයි.." 

යහපතක් ඇත්තේම නැති අයෙකු කෙරෙහිත් අමනාප තරහ ඇතිකර නොගෙන අනුකම්පාව උපදවාගන්නා ලෙසයි.

•═════════════════════••
අමනාපයක් ඇති වෙනවා. එය දුරුකර
ගැනීම පිණිස කටයුතු කළ යුත්තේ
කෙසේ ද !
•══════════════════•
.
යම් පුද්ගලයෙකු කෙරෙහි උපදින වෛරය මුළුමනින් ම දුරුකර ගැනීම පිණිස අනුගමනය කළ හැකි ක්‍රම පහක් ආඝාත පටිවිනය නම්
.
.
.
.
.
එමෙන් ම දුතිය ආඝාත පටිවිනය සූත්‍රයේ දී අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ
යහපතක් ඇත්තේම නැති අයෙකු කෙරෙහිත් අමනාප තරහ ඇතිකර නොගෙන අනුකම්පාව උපදවාගන්නා ලෙසයි.
•═════════════════════••


