යලිත් කිසිදු දිනෙක මෙවන් විපතක් නොවේවා
එදා එනම් එක්‌දහස් නවසිය අසූහතේ ජුනි මස 02 වැනිදා ද වෙනදාට මෙන්ම නැගෙනහිරෙන් හිරු නැගී තිබිණි. මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්‌ෂුන් පිරිසක් පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය.
භික්‌ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්‌ද ඒ ගමනට එක්‌වී සිටියහ. දවසේ හිරු නැගෙන්නටත් ප්‍රථම උන්වහන්සේලා ලංගම බසයක නැගී මේ වැඩම වූයේ සත සිත නිවාතවා සනහන සද්ධර්ම චාරිකාවක් සඳහාය. ඈත කඳුහෙල් හා ගිරි සිඛර අතරින් ළහිරු මඬලේ අරුණුවන් රැස් මහපොළොව සිප ගනිද්දී මේ භික්‌ෂූන් වහන්සේලා රැගත් බස්‌රිය හෙමින් හෙමින් ගමනාන්තය අරමුණුකරගෙන පෙරට ඇදුණේය.
ගිහි පැවිදි 4 දෙනකු සිටි එම බසයට ඒ අයුරින් එන්නට ලැබුණේ අරන්තලාව නුවරගල 28 වැනි සැතපුම් කණුව තෙක් පමණි. 28 වැනි සැතපුම් කණුව ආසන්නයට බසය ළංවෙත්ම එක්‌වරම සිදුවූයේ කවුරුත් හීනෙකින්වත් නොසිතූ දෙයකි. සොඳුරු දවසකට හිරු පායා තිබුණ ද වැහි බීරිමක් මෙන් වූ වටපිටාවේ අඳුරු පරිසරය පළකර තිබූ පාළු මූසල ස්‌වභාවය කාටත් කියාපෑවේ මහ විපතක පෙරනිමිත්තක් වැන්න.
වේලාව උදැසන 7.30 ඉක්‌මවා තිබුණේ නැත පාර හරහා දමා තිබුණේ ලොකු ලී කොටයකි. රියෑදුරුට එය ප්‍රහේළිකාවක් විය. ඔහු භික්‌ෂූන් වහන්සේලා වැඩසිටි බසය වහා නතර කළේය. ඉන් ඉක්‌බිතිව දක්‌නට ලැබුණු දසුන් පෙළෙන් රියෑදුරු පමණක් නොව බසයේ සිටි සියල්ලෝම තැති ගත්හ. සාහසිකයන් පිරිසක් වහා වහා බසය ළඟට ආවේ එතෙක් ඔවුන් සැඟවී සිටි අවට ලඳු කැලෑවලින් මෑත් වෙමිනි. ඔවුන්ගෙන් ඇතැමෙකු ළඟ තිබුණේ තුවක්‌කුය. ඇතැම් පිරිසක් ළඟ තිබුණේ තියුණු ලෙස මුවහත් කළ කඩු රැසකි. කාඩර කොටි ත්‍රස්‌තවාදීන් යෑයි බැලූ බැල්මට හඳුනාගත හැකි වූ මොවුන් අතරේ වූ තවත් උන් අත පොලු ද තිබිණි.
ඉන්න තැන්වලම හිටපියව් හෙල්ලුණොත් තොපි ඔක්‌කොම මරනවා"යි සැඩ පරුෂ වචනයෙන් කතා කළ එක් ත්‍රස්‌තවාදියෙක් භික්‌ෂූන් වහන්සේලා වැඩසිටි බසයට ගොඩ වුණේය. ඒ අවසරයෙන් කොටි, බසයේ සෑම අස්‌සක් මුල්ලක්‌ම සෝදිසි කළහ. භික්‌ෂූන් වහන්සේලාගේ විරසකයක් නොවීය. තවමත් උන්වහන්සේලාගේ හදවත් තුළින් උතුරා ගලා හැළුණේ මෛත්‍රියේත් කරුණාවේත් සොඳුරු සිතිවිලි ස්‌වරයයි. කාලය හෙමි හෙමින් ගලා යත්ම තව නොබෝ වේලාවකින් සිදුවන්නට යන කුරිරු ජීවන විපත කුමක් දැයි කාටත් වටහාගත හැකි විය. "අනේ මේ හාමුදුරුවන් වහන්සේලාට කිසිම කරදරයක් කරන්න එපා. පිං අයිතිවෙයි." බසයේ රියෑදුරු ත්‍රස්‌තවාදීන් අබිමුව බැගෑපත්ව ආයාචනා කළේය.
"අපට කරදර කරන්න එපා. අපි ළඟ කිසිම ආයුධයක් නෑ. අපි යන්නෙ ධර්මය බෙදන්න" බසයේ සිටි තැතිගත් බොහොමයක් භික්‌ෂූන් වහන්සේලාගේ මුවින් එබඳු බැගෑපත් වදන් නික්‌මුණද ත්‍රස්‌තවාදීන්ගේ හදවත් මුදු මොළොක් බවට පැමිණවීමෙහිලා ඒ කිසිදු වදනෙකින් කිසිදු ඵලක් නොවීය. ඒත් සමගම එක සාහසික ත්‍රස්‌තවාදියෙක් තමන් අත වූ තියුණු කඩුව එක් භික්‌ෂුවකගේ ගෙල මත හෙළීය. ඒ භික්‌ෂූන් වහන්සේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය. ඒත් සමගම තවත් ත්‍රස්‌තවාදීන් කිහිප දෙනකුම එහිමිගේ හිසට පහර පිට වෙඩි පහර කීපයක්‌ද එල්ල කළේ සිය හදවත අරාවූ කෘරත්වයේත්, සැහැසිබවේ හා නොමිනිස්‌කමේත් තරම කොතරම් දැයි හෙළිකොට දක්‌වමිනි. අපමණක් විලාප හඬ හා සෝ සුසුම් මෙන්ම ආයචනාද මධ්‍යයේ සියල්ල සිදුවෙද්දී සුපේශල ශික්‌ෂාකාමී සම්මා සම්බුදු පුතණුවන් වහන්සේලා තිස්‌නමක් සැහැසි කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ. එමෙන්ම ඒ නරුම නොමිනිසුන් අතරින් ඒ බසය තුළම තවත් ගිහියෝ හතරදෙනෙක්‌ද සදහටම දෙනෙත් පියාගෙන සිටියහ. කොටින්ගේ කඩු පහර හා වෙඩි පහර ලබා අසාධ්‍යවූ බසයේ වූ තවත් භික්ෂූන් වහන්සේලා දෙනමක් මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබූහ. තවත් නවදෙනකු අම්පාර රෝහලට ඇතුළත් කෙරුණේ ඒ ඛේදනීය සිදුවීම හමාරයේ අරන්තලාවට පැමිණි ආරක්‍ෂක අංශවල මැදිහත් වීමෙනි.
වසර 25 කට පසු ......
"මහත්තයෝ වසර එක් දහස් නවසියය අසූහතේ ජුනි මාසයේ දෙක දින (1987.06.02) අඟහරුවාදා දවස අපට කිසිදාක අමතක කරන්නට බැහැ. හදවත් තුළින් ඒ භයානක අවස්‌ථාව ගිලිහී යන්නේ නැහැ. අහිංසක අපේ නායක හාමුදුරුවෝ ප්‍රධාන අනෙක් භික්‍ෂුන් වහන්සේලා අමානුෂික අන්දමට ඝාතනය කරපු විදිය මගේ මේ ඇස් දෙකෙන්ම දැක්‌ක මහත්තයෝ. මහ කොටියා මුලින්ම ප්‍රහාරය එල්ල කළේ නායක හාමුදුරුවන්ගේ හිසට. ඉන්පසු දෙකට කැපී වෙන් වුණා.
ලේ විදින්න පටන් ගත්තා. ඒ එක්‌කම ගිනිඅවිය අතේ තියාගෙන මිනිස් වෙසින් සිටි රකුසා දිගට හරහට අපේ දිහාට වෙඩි තියන්න වුණා. ඒ මරළතෝනිය තවමත් දෙසවන් තුළ රැඳී තියෙනවා. මටත් වෙඩි ප්‍රහාර වැදුණා. රෝහල් කිහිපයකින් ප්‍රතිකාර ලැබුවා. ජීවත්වීමේ ඇති වාසනාව නිසා අද මේ විදියට ඉන්නවා.
අරන්තලා භික්‍ෂු ඝාතනයට ගොදුරු වී දිවි ගලවාගත් අම්පාර සාම මහා විහාරාධිපති හඟුරන්කෙත පුඤ්ඤසාර හිමිපාණෝ වසර විසිපහකට (25) පෙරදී සිදු වූ ඒ භයානක අවස්‌ථාව සිහිපත් කළේ ඒ විදියටයි.
දරුණු ප්‍රහාරවලින් තුවාල ලබා දිවි ගලවාගත් සෙසු සික්‍ෂූන් වහන්සේලා අතර වලල්ලාවිට විමලඥාන හා ආඳා උල්පත බුද්ධසාර යන හිමිවරුන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වෙති. නමුත් බුද්ධසාර හිමිපාණෝ තවමත් ත්‍රිරෝද පුටුවෙහිම වෙති. උන්වහන්සේට දෙපා තබා ඇවිදීමට නොහැකිය. නමුත් චිත්ත ධෛර්ය මත එසේ සිටිමින් ශාසනයට ජාතියට සිදු කරන මෙහෙවර අගය කළ යුතුව ඇත.
ඝාතනයට ලක් වූ සාමණේර හිමිවරු -
පරගහකැලේ විජිතනන්ද හිමි
දම්බරාවේ මහින්ද හිමි
කෝමාරියේ විමලජෝති හිමි
කෙසෙල්පොත සුගතපාල හිමි
කලුගල ආනන්දසාගර හිමි
වාවින්නේ සද්ධාතිස්ස හිමි
මහියංගණයේ ගුණසෝම හිමි
ගල්මුවේ උපරතන හිමි
වාවින්නේ ගුණවංශ හිමි
වාවින්නේ අත්ථදස්සී හිමි
වාවින්නේ විජිත හිමි
වාවින්නේ සද්ධාවංශ හිමි
මහියංගණයේ වජිරබුද්ධි හිමි
මහියංගණයේ සුමන හිමි
රජගලතැන්නේ පුණ්ණජි හිමි
මහියංගණයේ ආනන්ද හිමි
අඹගහවැලේ සරණ හිමි
කොටවෙහෙර විමලබුද්ධි හිමි
කුරුණෑගල පඤ්ඤානන්ද හිමි
හඳුන්ගමුවේ අරියවංස හිමි
හඳුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි
කුරුපනාවල කෝලිත හිමි
මන්ත්‍රීතැන්නේ ධම්මසිද්ධි හිමි
කුරුපනාවල ධම්මපාල හිමි
තෙරිපැහැ සෝභිත හිමි
රාගල ආනන්ද හිමි
දේවාලහිඳ ධම්මරක්ඛිත හිමි
දේවාලහිඳ අනෝමදස්සි හිමි
කලුගල පාලිත හිමි
මාපාකඩ විපුලසාර හිමි

එවන් ඝාතන සංහාරය සිදු කොට විසිපස් වසක් ගත වන මොහොතේ අපවත් වූ බුද්ධපුත්‍රයින් වහන්සේලාට නිවන් සුව පතමු..උපදින ආත්මයක් පාසා මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවායි පතමු..
ඔබ සැමටම බුදු සරණයි !!!
ගත්තේ facebook බුල්ටො කඩෙන්

Code:
www.facebook.com/photo.php?fbid=312921605459053&set=a.180779148673300.46468.180755498675665&type=1
Last edited by a moderator: