ඉදිරි යල කන්නයේ දී ගොවීන්ගේ සහාය පිණිස රටපුරා පිහිටි සෑම කුඹුරකටම සහ වගා බිමකට ම හමුදා නිළධාරියෙකු බැගින් යොමු කරන බව යුද හමුදාපතිවරයා පවසා තිබේ.
මෙරට ගොවිතැන නගා සිටුවීම සදහා ජනාධිපතිවරයා ගෙන යන වැඩ පිළිවෙළ මත – එතුමාගේ උපදෙස් පරිදි මෙම මෙම තීරණය ගෙන ඇති බවද හමුදාපතිවරයා පවසා තිබේ.
දැනටමත් අදාල වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කොට අවසන් බවද හමුදාපතිවරයා පවසයි.
කෘෂිකර්මයට සම්බන්ධ නිළධාරීන් සහ ආයතන සමග සම්බන්ධ වී පොහොර ලබා ගැනීමේ අවස්ථාවේ සිට අස්වැන්න අලෙවි කිරීම දක්වා වූ සෑම කටයුත්තක දී ම ගොවීන්ට සහාය වීම ගොවිබිම් වෙත අනුයුක්ත කරන හමුදා නිළධාරීන්ට පැවරෙන වගකීම වනු ඇති බවත් හමුදාපතිවරයා පවසයි.
ලංකාදීප පුවත්පත ඇසුරෙනි.