මම හිතන්නෙ උඹ රිෆර් කරන්නෙ මම දාපු
ත්‍රෙඩ් එකක් ගැන. මට තාමත් තියෙන ප්‍රශ්ණෙ ඇයි මේ වගේ ෆිල්ම් හිට් වෙන්නෙ නැත්තෙ. මේක බලල අන්තිම හරිය වෙද්දි හිතට මාරම අවුල්. ආගමික කෝණයකින් නැතිව බැලුවත් හිතට හෙනටම වදිනවා. සුනිල් ආරියරත්න මහත්මයගෙ හොද නිර්මාණ කීපයක් තියෙනවා ( තව විජයබා කොල්ලය වගේ ) ඒත් ලංකාවෙ ප්‍රෙක්ශකයන් අතර ඒවට වඩා දකුණු ඉන්දියන් එව්වට තියෙනවා. වෙලාවකට හිතෙනවා ලංකාවේ හොද සිනමාවක් බිහිවෙන්නෙ නැත්තෙ සිනමා කර්මාන්තයෙ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්දට වඩා ප්‍රේක්ශකයන්ගෙ mind set එක මත කියලා.
ප්‍රධාන නලු නිලි දෙන්නම ලංකාවෙ නොවුනත් හොදින් චරිතයට සාධාරණයක් කරන්වා, සංගීතය, ෆිල්ම් එක පුරාවටම කවියෙන් යන විස්තරය, ලොකේශන් වගේ දේවල්ම සාමාණ්‍යයෙන් බුද්ධාගමේ එන කතාවල බලෙන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරන්න ගියහම නිර්මාණයට වෙන හානිය වගේ දේවල් සිද්ධ නොවෙන්න බොහොම කෙටියෙන් ලස්සනට විස්තරය කරලා තියෙනවා. පසුබිම් උනත් ඉතාම හොදින් නිර්මාණය කරලා තියෙනවා. අන්තිම සීන් එකට එනකොට මට මතක් වුනෙ පොඩි කොල්ලෙක් විදිහට ටයිටැනික් මුලින්ම බැලුවහම හිතට දැනුන ෆීලින් එක, නැත්නම් flowers of war වගේ ෆිල්ම් එකක් දැනුන හැගීම. අනිත් අතට ෆිල්ම් එකකින් සමාජගත කරන්න පුලුවන් අවභෝධය, බවුද්ධ කතාවක් බව පැත්තකින් තිබ්බොත්, කෙල්ලෙක්ට / ගැහැණියෙක්ට තමන්ගෙ පෙම්වතාට / කොල්ලට ආදරය කරන්න පුලුවන් සීමාව අසීමාන්තික බව වගේම එහෙම කරලත් අහිමිවීමකදි ඒක දරාගන්න තියෙන ශක්තිය ගැන.
--------
මම ෆිල්ම් වලට විචාර ලියලම නෑ. ඔහෙ හිතට ආපු දේවල් පුලු පුලුවන් විදිහට වචන වලට කෙටුවේ.
තව දෙයක් සුනිල් ආරියරත්න මහත්තයගෙම විජයබා කොල්ලයත් හුගක් හොද එකක්, බලල නැත්නම් බලන්න.