යහපත් ක්‍රියාව.!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යහපත් ක්‍රියාව.!

    අපූරු පුස්‌තකාලේ!

    තම මිතුරු නිමල් සිය නිවසේ වටිනා පුස්‌තකාලයක්‌ පවත්වාගෙන යන බැව් දැනගත් කමල් දිනක්‌ එහි ගියේය.
    පුස්‌තකාලයේ පොත්පත් පරීක්‌ෂාකර බැලූ කමල් මිතුරාගෙන් මෙවැනි ඉල්ලීමක්‌ කළේය.

    "මම මේකෙන් එක පොතක්‌ අරන් යන්නද? බලල ගේන්නම්.

    තරහ වෙන්ඩ එපා. ඒක නම් කරන්ඩ බෑ... ඔහොම අරන් ආපු පොත්වලින් තමයි මම මේ පුස්‌තකාලෙ හැදුවෙ..." නිමල් කියාගෙන ගියේය.


    තව නවයයි!

    අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියෙකු පරීක්‌ෂාකර බැලීම සඳහා වෛද්‍යවරයකු ගියේය.

    රෝගියා පරීක්‌ෂා කිරීමෙන් පසු වෛද්‍යවරයා මෙසේ පැවසීය.

    "ඔබට ජීවත්වීමට ඇත්තේ තව දහයයි."

    "දහය මොනවද? අවුරුදු ද මාසද, දවස්‌ද, පැයද නැත්නම් විනාඩිද?" රෝගියා ඇසුවේය.

    "තව නවයයි. වෛද්‍යවරයා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.


    අපූරු පිළිතුර ?

    ඉමහත් සමාජ සේවයක්‌ ඉටු කරනු ලබන පුණ්‍ය වර්ධන සමිතියට නගරයේ ප්‍රධාන පෙළේ නීතිඥවරයකුගෙන් කිසිදු ආධාරයක්‌ ලැබුණේ නැත.

    දිනක්‌ එකී සමිතියේ සභාපතිවරයා මෙම නීතිඥවරයා හමුවීමට ගොස්‌ මේ පිළිබඳව විමසා සිටියේය.

    "ඔබට අවුරුද්දකට රුපියල් දස ලක්‌ෂයක පමණ ආදායමක්‌ ලැබෙන බැව් ආදායම් බදු වාර්තාවල සඳහන් වෙනවා. නමුත් ඔබ මේ දක්‌වා අපේ පුණ්‍යවර්ධන සමිතියට කිසිම ආධාරයක්‌ කර නැහැ. ඔබ මහජනයාට උදව් කරන්න කැමැති නැද්ද."

    "මගේ මවට අසනීප බව ඔබ දන්නවාද? ඇයට මසකට බෙහෙත් සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා. ඒ විතරක්‌යෑ මගෙ අයියා අන්ධයි. ඔහුට රැකියාවකුත් නැහැ. එච්චර නම් බැරියා... මගෙ නංගිගෙ මහත්තයා මැරිලා ඇයට ළමයි තුන්දෙනෙකුත් ඉන්නවා.

    ඉතින් ඒ අයටවත් සළකන්නෙ නැති මම කොහොමද ඔහේලගෙ පුණ්‍යවර්ධන සමිතියට ආධාර කරන්නෙ?

    නීතිඥවරයා කියාගෙන ගියේය.


    ඊයේ තිබුණෙ නෑ !

    ජපන් ජාතිකයෙක්‌ ලන්ඩන් නගරයේ සංචාරයක්‌ සඳහා පැමිණියේය.

    සංචාරය සඳහා ඔහු මෝටර් රථයක්‌ කුලියට ගත්තේය.

    නගරයේ මද දුරක්‌ යන විට තට්‌ටු තුනක ගොඩනැගිල්ලක්‌ දුටු සංචාරකයා රියෑදුරාගෙන් මෙසේ ඇසුවේය.

    මේ ගොඩනැගිල්ල හදන්න කොච්චර කාලයක්‌ ගතවෙලා තියෙනවද?

    "අර පුවරුවේ සඳහන් කරල තියෙන්නෙ... 1998-2008 කියල.

    "අපොයි එච්චර කාලයක්‌ වැඩියි" සංචාරකයා පැවසුවේය.

    ටික දුරක්‌ යන විට යෝධ පාලමක්‌ හමුවිය.

    මේ පාලම හදන්න කොච්චර කාලයක්‌ ගත වුනාද?" සංචාරකයා රියෑදුරාගෙන් විමසූවේය.

    ඒක හදන්ඩ අවුරුදු දොළහක්‌ ගතවෙලා තියෙනවා.

    "මයි ගෝඩ් - හොඳටම වැඩියි" සංචාරකයා මිමිණුවේය.

    පාලම පසුකරනවාත් සමගම තට්‌ටු හතක සුවිසල් ගොඩනැගිල්ලක්‌ දිස්‌විය.

    "මේ ගොඩනැගිල්ල හදන්ඩ කොච්චර කාලයක්‌ ගතවෙලා තියෙනවද?"

    "මේක මෙතැන ඊයේ තිබුණෙ නෑ... රියෑදුරා උස්‌ හඬින් පැවසුවේය.

    නරක වෙලාව !

    දවස පුරා සිය කුලී රථය පදවා දැඩි ලෙස වෙහෙසට පත් රියෑදුරෙකු වීදියේ කෙළවර ගසක්‌ යට රිය නතර කළේ සුළු වේලාවක්‌ හෝ නිදාගැනීමේ අදහසිනි.

    ටික වේලාවකට පසු යම්කිසිවකු පැමිණ මෝටර් රථයට තට්‌ටු කිරීමට පටන් ගත්තේය. එම හඬින් අවදිවූ රියෑදුරා.

    "මොකද? කියා ඔහුගෙන් ඇසුවේය.

    "කරුණාකරල මට වේලාව කීයද කියනවද?"

    "8.10 යි" ඔහු පිළිතුරු දුන්නේය.

    දෑස්‌ පියෑවීගෙන එද්දී තවත් පුද්ගලයකු පැමිණ මෝටර් රථයේ දොරට තට්‌ටු කරන හඬක්‌ ඇසුණි.

    "කරුණාකරල වෙලාව කීයද කියල කියනවද?" දෙවැන්නාත් එම ප්‍රශ්නයම ඇසුවේය.

    "8.20" යි. ඔහු එසේ පිළිතුරු දී අත් ඔරලෝසුවද ගලවා පසෙක තබා කොළයක්‌ ගෙන මෙසේ ලියා මෝටර් රථයේ වීදුරුවේ ඇලෙව්වේය.

    "මා ළඟ ඔරලෝසුවක්‌ නැත."

    ගතවූයේ නිමේෂයකි. යළිත් යම්කිසිවෙකු මෝටර් රථයට තට්‌ටු කරන හඬක්‌ ඇසුණි.

    කෝපයට පත් රියෑදුරා "මොකද?" කියා උස්‌ හඬින් ඇසුවේය.

    "වෙලාව 8.30 යි." තුන්වැන්නා එසේ පවසමින් යන්නට ගියේය.

    මහදිග කතාව !

    සිය සේවකයන් වෙනුවෙන් රැස්‌වීමක්‌ කැඳවූ එක්‌තරා සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙක්‌ ඒ සඳහා විනාඩි විස්‌සක කතාවක්‌ ලියා දෙන ලෙස සමාගමේ ප්‍රධාන ලිපිකරුගෙන් ඉල්ලා සිටියේය.

    යොදාගත් පරිදි සාමාන්‍යාධිකාරීවරයා සිය කතාව කරගෙන ගියේය.

    ටික වේලාවක්‌ ගත වන විට රැස්‌වීම් ශාලාවේ සිටි පිරිසෙන් හරි අඩක්‌ පමණ පිටවී ගියහ.

    කෝපයට පත් සාමාන්‍යාධිකාරිවරයා ප්‍රධාන ලිපිකරුගෙන් මෙසේ ඇසුවේය.

    "තමුසේ හරි මිනිහෙක්‌නෙ. මම තමුසෙට කිව්වෙ විනාඩි විස්‌සක කතාවක්‌ ලියල දෙන්ඩ කියල... තමුසෙ මට පැයක කතාවක්‌ ලියල දීලා...

    "නෑ... නෑ... සර්. මම ලියල දුන්නෙ විනාඩි විස්‌සක කතාවක්‌ තමයි. සර් කිව්වෙ ඒ කතාවෙ පිටපත් දෙකකුත් දෙන්න කියල..." ප්‍රධාන ලිපිකරු පිළිතුරු දුන්නේය.


    ගාන වැඩියි !

    නඩුවක්‌ සම්බන්ධයෙන් උපදෙස්‌ ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක්‌ නීතිඥවරයෙකු හමුවීමට ගියේය.

    "ඔබේ ගාස්‌තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."

    "ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

    "ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.

    "ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්‍රශ්නය මොකද්ද? නීතිඥවරයා උස්‌ හඬින් ඇසුවේය.


    යාන්තම් ඇති !

    කෞතුකාගාරය තුළ යමක්‌ උස්‌ හඬක්‌ නගමින් බිමට වැටෙන ශබ්දය ඇසීමෙන් කලබලයට පත් සියලු දෙනාම ඒ දෙසට දිව ගියහ. කෞතුකාගාරයේ කාර්ය භාර නිලධාරියාද ඒ අතර විය. කෞතුකාගාරය නැරඹීමට පැමිණි අයෙකු මේසයක හැපීම නිසා ඒ මත තිබූ යෝධ මල් බඳුනක්‌ බිමට වැටී කැබෙලි බවට පත්ව තිබුණි.

    "දෙයියනේ... ඔහේ මේ කඩල තියෙන්නෙ අවුරුදු පන්සියයකටත් වඩා පැරණි බඳුනක්‌ නෙ." කාර්යභාර නිලධාරියා මේසයේ හැපුණු තැනැත්තා දෙස බලමින් පැවසුවේ.

    කාර්යභාර නිලධාරියා දෙස බලා මද සිනහවක්‌ පෑ ඔහු මෙසේ පවසමින් යන්නට ගියේය.

    "යාන්තම් ඇති... මම හිතුවෙ ඒක අලුත් එකක්‌ කියල..."

    වඩා හොඳ මොකද්ද?


    අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වූ සේනාධි තම පියා වෙත ගොස් මෙසේ ඇසීය.
    ‘තාත්තා කැමැති මම ඇස් කන් නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙනවටද, එහෙම නැත්නම් දත් දොස්තර කෙනෙක් වෙනවට ද?’
    ‘පුතේ උඹ දෙපාරක් නොහිතා දත් දොස්තර කෙනෙක් වෙයන්.’ ධර්මදාස තම පුතු දෙස ආඩම්බරයෙන් බලා කීවේ ය.
    ‘ඇයි තාත්තා මම දත් දොස්තර කෙනෙක් වෙනවට ඔච්චර කැමැති?’ සේනාධි පුදුමයෙන් විමසුවේ ඔහු ඊට හාත්පසින් ම වෙනස් පිළිතුරක් අපේක්ෂා කළ බැවිනි.
    ‘ඇයි පුතේ මිනිහෙකුට තියෙන්නේ ඇස් දෙකයි. කන් දෙකයි. එක නහයයි. එහෙමයැ පුතේ දත්. තිස් දෙකක් ම තියෙනවනෙ.’ ධර්මදාස කීවේ දත් දෙතිසම පෙන්නා සිනා සෙමිනි.


    ගණන් බැලීමේ අර්ථය

    රමේෂ්ගේ බාබර් සාප්පුව, නිතර පිරී පවත්නා, නගරයේ ජනපි‍්‍රය ස්ථානයකි. සතියේ දිනෙක සවස් යාමයේ එයට ගොඩ වූ පි‍්‍රයන්ත ‘කොන්ඩේ කපන්ඩ තව කී දෙනෙක් ඉන්නවාදැ’යි විමසා එතැන මඳ වේලාවක් රැඳී සිට ඉවතට ගියේය. ඊළඟ සතියේ ද බාබර් සාප්පුවට ගොඩ වැදුණු හෙතෙම පෙර පරිදිම විමසා ඉවතට යන අයුරු රමේෂ් බලා සිටියේය. තුන් වැනි සතියේ ද එක් සවස් වරුවක බාබර් සාප්පුවට පැමිණි පි‍්‍රයන්ත එසේම විමසා ඉවතට යද්දී රමේෂ් තම අතවැසි නිලන්ත කැඳවා මෙසේ කීය.
    ‘අර මිනිහා හැම සුමානෙම ඇවිත් කොන්ඩේ කපන්ඩ තව කී දෙනෙක් ඉන්නවද කියල බලලා යනවා. හැබැයි ආපහු එන්නෙ නැහැ. ගිහින් බලනවා මිනිහා කවුද කියල.’
    ටික වේලාවකට පසු ආපසු පැමිණි නිලන්ත රමේෂ් අමතා මෙසේ කීය.
    ‘මිනිහා කවුද කියල නං මං දන්නෙ නැහැ. ඒත් මිනිහා ගියෙ රමේෂ් මහත්තයාගෙ ගෙදරට.’


    කිට්ටුම යාළුවෙක්

    තම ලිපිගොනුවක වූ සටහනක් පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීමට අමිතා නගර සභාවේ සභාපති තුමාගේ කාමරයට ගොස් සිටියදී ඔහුගේ දුරකථනය නොනවත්වාම නාද වන්නට විය.
    හදිසි රාජකාරියක නියැලී සිටි සභාපති හිස නොඋස්සාම මෙසේ කීවේය.
    ‘මිස් බලන්ඩ ඔය කවුද කියලා.’
    ‘සර්ගෙ කිට්ටුම යාළුවෙක් කතා කරනවා.’ දුරකථනයට පිළිතුරු දුන් අමිතා පැවසුවාය.
    ‘කිට්ටුම යාළුවෙක්...? මොකද්ද නම?’ සභාපති කුහුලින් විමසීය.
    ‘නම කිව්වේ නැහැ.’ අමිතා තම කණ්ණාඩිය සකසමින් පිළිතුරු දුන්නාය.
    ‘එහෙනං කිට්ටුම යාළුවෙක් කියල දන්නෙ කොහොමද?’ සභාපති ඇසුවේ විමතියෙනි.
    ‘එයා අහනවා ‘ඔය තකතීරු මෝලා කන්තෝරු ඇවිල්ලා ඉන්නවද කියල?’ අමිතා කීවාය.


    දහ තුන

    ‘ප්‍රසන්න ඔයා හිතන්නෙ දහතුන අවාසනාවන්තයි කියල ද?’ ලිපි ගොනුවක් රැගෙන තමා වෙත ආ ප්‍රසන්න ගෙන් නාමලී විමසුවේ එම ලිපි ගොනුවට අත්සන් තබන අතරවාරයේදීය.
    අනේ මිස් මම නං ඔය වගෙ මිථ්‍යා මත විශ්වාස කරන කෙනෙක් නෙමෙයි.
    ‘ඒක තමයි. එහෙනං ඔයා මට හොඳ ළමයා වගෙ රුපියල් දහතුන් දාහක් ණයට දෙනව ද?’ නාමලී දයාබර හිනාවකින් ප්‍රසන්නට සංග්‍රහ කරමින් ඇසුවාය.

    තොප්පිය එපා

    එක් කාන්තාවක් පැරණි පින්තූරයක් ද රැගෙන ඡායාරූප ශාලාවේ කවුන්ටරය හමුවේ පෙනී සිටියේය.
    ‘මේ මගෙ මැරිච්ච මහත්තයගෙ පින්තූරේ. ඒක හොඳට පැහැදිලිව ලොකු කර ගන්ඩ මට ඕනෙ.’ කවුන්ටරයේ සිටි කළමනාකරු අමතා ඇය කීවාය.
    ‘ඔව් නෝනා, අපිට පුළුවන් ඒක කරලා දෙන්ඩ.’ කළමනාකරු කීවේය.
    ‘හැබැයි මේකෙ දාලා තියෙන තොප්පියට මං කැමැති නැහැ. ඒක අයින් කරලා දෙන්ඩ ඕනෙ.’ කාන්තාව කීවාය.
    ‘ඔව් ඒකත් කරලා දෙන්ඩ පුළුවනි. නෝනා කරුණාකරලා මට කියනවද මහත්තයා කොහොමද කොන්ඩේ පීරලා තිබුණේ කියල.’ කළමනාකරු විමසීය.
    ‘ඒක නං මට හරියට මතක නෑ. ඉතින් තොප්පිය අයින් කළාම ඔයගොල්ලන්ටම ඒක බලා ගන්ඩ පුළුවන් නෙ.’ කාන්තාව තොදොල් බසින් කීවාය.

    ගල්වලින් කොහෙද අඩුවක්

    ‘මාස්ටර් මේ දවස්වල ගඩොල් හොඳටම හිඟයිනෙ. අනික ගිනි ගණන්. ඉතින් කොහොමද මෙච්චර ඉක්මනට ගේ හැදුවේ.’ සංගීතඥ නවරත්න ගෙන් තනුවක් හදා ගැන්මට ගිය පේ‍්‍රමරත්න ඇසුවේ අලුත් නිවෙස දෙස ආශාවෙන් බලමිනි.
    ‘නෑ... නෑ... මට ඒක කොහොමටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම නිතරම සංගීත ප්‍රසංගවල මියුසික් කරනවනෙ. ඒවයෙදි පේ‍්‍රක්ෂකයෝ ඕන තරම් ගල් එවනවා.’ නවරත්න කීවේ සර්පිනාව වයමිනි.


    යහපත් ක්‍රියාව


    තමන් හට ඉටුකර දිය හැකි කිසියම් කාර්යයක් වේ දැයි විමසමින් තම නිවෙසට පැමිණි බාලදක්ෂයා දෙස බැලු මනෝ ඔහු දෙස විමසුම් බැල්මක් හෙළමින් මෙසේ ඇසීය.
    ‘මොකද්ද අද දවසෙදි ඔය ළමයා ඉටුකළ යහපත් ක්‍රියාව?’
    ‘මමයි අපේ කණ්ඩායමේ තවත් හතර දෙනෙකුයි එකතු වෙලා ඇවිද ගන්ඩ අමාරු වයසක ගෑනු කෙනෙක්ව පාරේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට මාරු කළා...’ බාලදක්ෂයා කීවේය.
    ‘ඒක නං බොහොම හොඳ වැඩක්. ඒත් ඒකට පස් දෙනෙකුම ඕනැ වුණා ද?’ මනෝ විමසුවේ තරමක විමතියකිනි.
    ‘නැතුව... ඒ ගෑනු කෙනාට ඕනැ කරලා තිබුණෙ නැහැනෙ පාර මාරු වෙන්ඩ.’ බාලදක්ෂයා පිළිතුරු දුන්නේය.



    source : silumina

     
    • Like
    Reactions: chandimalcool