අපේ මිනිස්සු හැමදාම කිව්ව කතාවක් තියේ නේ........විකල්පේ....විකල්පේ....විකල්පේ.......
මචං මේක තේරුම් ගනින් මේ රටේ මිලියන 20ක් ඉන්නවා අපි හැමෝමටම ඕන දේ 100%ක් කරන්න පුළුවන් කෙනෙක් නැ.....අපි ඡන්දයක් දෙන කොට හිතන්න ඕන රට ගැන...
රටේ ආරක්ෂක ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්ති, රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය වගේ දේවල් වලට තමයි අපි පළමු ස්ථානය දෙන්න ඕන.....හොරු ද නැද්ද කියන කතාව එන්නේ පසුවට....
මට මතකයි අපි පොඩියි එතකොට චන්ද්‍රිකා ගේ කාලේ වෙද්දි රටේ පාලකයාව නැටෙව්වේ ජාතිවාදී කුඩා පක්ෂ, මුස්ලිම් කොන්ග්රසය තොණ්ඩමන්ගේ පක්ෂය වගේ...දැන් දෙමළ සන්ධානයත් එකතු වෙලා..මුන්ගේ කොන්දේසි උඩ නටනවා ඇරෙන්න මේ රටේ රජයට කරන්න දෙයක් නැ...ඒක තමයි අපේ තිබ්බ ක්‍රමය..ඒක නිසා ඇති වෙච්ච අසහනය නිසා තමයි හෙළ උරුමය වගේ පක්ෂ ඇති වුණේ...
මහින්දලා 2005 දි ආවට පස්සේ ඒක සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ නිසා ඒක අපිටවත් දැනුනේ නැ මෙහෙම නේද රට තිබ්බේ කියලා...ඒ ක්‍රමයට දැන් ආපහු ඇවිත්. සිංහලයා එකට එකතු වෙලා පක්ෂයකට ඡන්දය නොදෙන නිසා තමයි මේක වුණේ.......
ජවිපෙ හෝ ඔය කියන තුන්වන පාර්ශවයක් පස්සෙන් යන්න ගත්තොත් වෙන්නේ ඒකයි. ඒ නිසා මම නම් කිසි විටක තුන් වන පාර්ශවකයට ඡන්දය දීලා ඒක නාස්ති කරගන්නේ නැ.....
නාගානන්ද හරි පල්ලේබැද්ද හරි සාර්ථක මිනිස්සු වෙන්න ඇති වෙන වෙනස් වෘත්තීන් වල..හැබැයි රටේ දේශපාලන ප්රශ්නය හැන්ඩ්ල් කරන්න ඒ අයට බැ...........නිකම් 2005 දී සිද්ධාලේප වගේ සීන් එකක් තමයි වෙන්නේ