යහපාලනයයේ අවසානයද?
ජනවාරි 8 සැබැවින්ම මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ශ්‍ය බවට පත් කර ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාව යහපාලනය නමින් බලයට ආ නායකයින් අහිමි කර ගත්තේය. එයට පැහැදිලිව වගකිය යුත්තේ තීරණාත්මක තීන්දුවක් ගත් ලක්‍ෂ 8 ක ජනතාව නොව එම ලැබුණු ඉඩ අවකාශයෙන් බලය තහවුරු කරගත් කාළකණ්ණි දේශපාලකයින් ය. ජිවීතාන්තය දක්වා එක් පක්‍ෂයක් වෙනුවෙන් කඩේ නොයන අවස්තානූකූලව ඡන්දය භාවිතා කල පිරිස පොදු අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිතා කෙලේ නම් එසේ සිදු කළේ ඔහුට ඇති ඇල්මකට නොව පැවැති ක්‍රමයට විරුද්ධවය. සෝභිත හිමියන් පවා පොදු අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුනද හිමියන්ගේ දෑස් ඉදිරියේ එම නායකයින් පොරොන්දු පැහැදිලිව කඩ කළේය. තරුණ නායකයින් වියත් බුද්ධිමතුන් සිවිල් සංවිධාන ඇතුලු විශාල ජනතා බලවේගයක් පොදු අපේක්ශකයාට සහයෝගය දැක්වුයේ රටට යහපතක් කිරීමට මිස ඇගේ අමාරුවකට නොවිය යුතුය. සැබැවින්ම ජනවාරි 8 විප්ලවයට සහයෝගය දැක්වූ සියලු දෙනාම පාහේ 2005 දී මහින්ද මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තීරණාතමක සහයෝගයක් ලබා දුන්නේය . නමුත් රටහි ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු මේ ජනතාවගේ අභිප්‍රායන් 2009 යුධ ජයග්‍රහණය හැරෙන්නට අනිත් සෑම අවස්ථාවකදීම සුන්විණ.
ලක්‍ෂ 62 න් ලක්‍ෂ 8 ක තීරණාත්මක ඡන් ද හැරෙන් නට ඉතුරු ජන්ද පොදු අපේක්‍ෂකයාට ලැබුණානම් ලැබුනේ,
1. සදාකාලික පක්‍ෂග්‍රාහී ඡන්ද
2. පොදූ සතුරා පරාජය කිරීම වෙනුවෙන් ලැබුණු ඡන්ද
3. එල්ටීටීය විනාශ කිරීම හේතුවෙන් උරණ වූ පිරිසගේ ඡන්ද
යන හේතූ කාරණවන් නිසාය. 1,2,3 කරුණු කාරණා සඳහා ඡන් දය ලබා දුන් පිරිස හැරුණු කොට සියලු දෙනාම පාහේ මේ වන විට යහපාලනය පිළිබඳ අවසන් බලාපොරුත්තූන් මේ දිනවල අතහරිමින් සිටී. යහපාලනයේ පළමු බිඳ වැටීම සනිටුහන් වූයේ මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්‍ෂයේ සභාපති කම ලබා ගත් දිනයේදීය. එයද ජනතාව ඉවසා සිටියේ පාර්ලිමේන්තුවේ 2/3 ක් පනත් සම්මත කර ගැනීමට ඉවහල් වේ යැයි නැවත සිතූ බැවිනි. නමුත් වැඩි කල් යන්නට මත්තෙන් මෛත්‍රී තම ඇමති මණ් ඩලය වැඩි කර ගැනීමෙන් සිදු කරගත්තේ ඓතිහාසික වැරැද්දකි. එතැනින් නොනැවතුණු ඔහු දිගින් දිගටම සිදු කලේ සමාව නොදිය හැකි බලවත් වැරදීන් ය.
අලුත් පරපුරෙහි සාමාජිකයින් ගේ පුද්ගලික ක්‍රියාකාලපයන් පසුවට තැබූ විට කෙසේ හෝ ඔවුන් ජනවාරි 8 වැනිදා ඔවුන් පෙනී සිටි කාරණාවන් සාධාරණයය. ඔවුන් දිවි පරදුවට තබා පොදු අපේක්‍ෂකයා වෙනුනෙන් කැපවුණද අවසානයේ ඔවුනට ජනාධිපතිවරයා සිදු කළේ අන්තිම නින්දිත පහත් වැඩකි ඒ ඔවුනට ජනාධිපතිවරණයේදී කඹුරුපිටියේදී පහර දුන් පුද්ගලයාට සංවිධායක ධූර්‍යක් ලබා දීමෙනි. සජින් වාස්, මර්වින් සිල්වා, හරක් හොරා, අරුන්දික ප්‍රනාන්දු වැනි කාළකන්නීන්ට රැකවරණය දීම කවර නම් යහපාලනයක්ද? මහින්ද එදා සිදු කරගත් වැරැද්ද අද මොවුනගෙන් සිදු වීම සැබැවින්ම මොවුනගේ දෛවයේ සරදමකි. ඊයේ දිනයේදී නාහිමිපාණන්වරයෙක් මෛත්‍රීගේ මූණටම ඔහුගේ මෙම නිවට වැඩ ගැන දෙස් තැබුවේ තවත් මොවුනගේ වැඩ ඉවසා සිටීම නිෂ්ඵල කරුණක් බැවිණි.
නුදුරේදීම ජනතාව ජහපාලකයින්ට පාඩමක් උගන්වනු ඇත. ගාමිනි වියන්ගොඩ යනු එදා ජනවාරි 8 වැනිදා සිටි දරුණුතම මහින්ද විවේචකයායි නමුත් අද දිනයේදී එතුමා පැවසූයේ මෙම තත්වය හමුවේ අප මහින්දව සදාකාලිකව නිරයට ඇද දැමීමට සූදානම් නොවන බවත් නමුත් ඔවුන් වරද නිහතමානීව පිළිගැනීමෙන් අවැසි දෙය ලබා ගත හැකි බවත් ය. කෙසේ නමුත් මෙම තත්වය හමුවේ ජනතාව වෙනසකට වෙනසක් සිදු කිරීමට පසුබට නොවනු ඇත?

Last edited: