යහපාලනය නිසා දිවි බේරුණ වගයි...

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    යහපාලනය නිසා දිවි බේරුණ වගයි...



    කොණ්ඩයා එදා මරා පාලනය කාලේ පොලීසියට කොටු වුනි නම් ඇසෙන්නට තිබුණ ප්‍රධාන පුවත් කීපයක් සැකෙවින්...



    • නමගිය අපරාද රැසකට සම්බන්ධයැයි සැලකෙන කොණ්ඩයා කොටදෙණියාය ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට
    • කොටදෙණියාය ඝාතනය ඇතුළු මෙතෙක් අභිරහසක්ව පැවති ඝාතන හා වෙනත් අපරාධ රැසක් ගැන කොණ්ඩයාගෙන් දිගටම ප්‍රශ්න කෙරේ.
    • රටක් හැඬවූ සේයා ඝාතන අභිරහස විසඳේ. කොන්ඩයා පොලීසිය හමුවේ සියල්ල වමාරයි.
    • කොණ්ඩයාට මරණ දඬුවම දෙන්නැයි රට පුරා ජනතාව වීදි බසීති. කොණ්ඩයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට අධිකරණ භූමියේදී ජනතා විරෝධය.
    • අපරාධකරුවන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. මිනීමරුවන්ට ගැලවෙන්න නීතියෙන් කිසිඳු ඉඩක් නැහැ **** ඇමතිතුමා අවධාරණය කරයි
    • සෙසු අපරාධ ගැන කොන්ඩයා තවදුරටත් රඳ්වාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර


    • සැඟවූ ආයුධ තොගයක් පෙන්වීමට ඊයේ රාත්‍රියේ පොලිසිය කැටුව ගිය අවස්ථාවේදී පොලිස් ග්‍රහණයෙන් මිදී ගඟට පැන පීනා පලා යාමට තැත් කිරීමේදී කොණ්ඩයා දියේ ගිලී මියයයි. ඒ මොහොතේ කොණ්ඩයා බේරා ගැනීමට දියට පනින ලද පොලිස් නිළධාරියෙකුත් රෝහල්ගත කෙරේ
    හෝ

    • අපරාධයට සම්බන්ධ ආයුධය වලදැමූ ස්ථානය පෙන්වීමට කොන්ඩයා ඊයේ රාත්‍රියේ පොලිසිය කැටිව ගිය අවස්ථාවේදී සඟවා තිබූ ස්ථායනකින් ගිනි අවියක් රැගෙන පොලීසියට වෙඩි තබා පලා යාමට උතසාහ කොට ඇත. ඒ අවස්ථාවේ පොලීස් නිළදාරීන් ආත්මාරක්ෂාවට තැබූ වෙඩි පහරකින් කොණ්ඩයා එම ස්ථානයේදීම මියගොස් ඇත. කොණ්ඩයාගේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පොලිස් නිළදාරීන් තිදෙනෙක්ද රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

    (මේවා මෙලෙස යන අතර කොන්ඩයාගේ අයියා හීන් සීරුවේ තම ඊලඟ ගොදුරට ඉව අල්ලනු ඇත...)

    කවුරු මොනවා කිව්වත් කොන්ඩයා අදටත් හුස්ම ගන්නේ යහපාලනයට පින් සිදුවන්නටය.....!!!
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හත්පොලේ ගාගෙන.....මීනීමරුවව ඇල්ලුවලු..... මේ සීන් එකෙන් මිනිස්සුන්ට පොලිසිය ගැන විශ්වාසය තවත් වැඩිවුනා :P
     

    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    අනේ මන්ද මට හිතෙන්නේ POLICE සහ මාද්‍යට උපරිම නිදහස සහ භය නැතිවෙලා ලගින් ගියත් කාට හරි හදිසියට තොන්ඩුව දාල වාත කරගෙන ඇනගෙන අනාගෙන ඉන්නේ කියලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබැයි මහින්ද ගේ කාලේ හිටියත් කොන්දයාව මරන්නේ නැහැ. තාත්තවයි එස්කොලේ කොල්ලවයි ආයුද පෙන්වන්න අරන් ගියා. ගගට පන්න මලා. හැමෝම ෆුන් එක ඉන්නවා
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම නම් UNP හැබැයි මහින්දගේ ආණ්ඩුවෙත් මරණ දඩුවම තිබ්බේ නෑ නේද බන්
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    උඹ ඔළුව බිම තියන් කිව්වත් ඌ අහිංසක එකෙක් කියලා ..ඒක එහෙම නෙවී මොකද අම්මයි අක්කයිත් කිව්වා ඌ එක්ක ගියාම කරදරයි කියලා..
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    උඹ ඔළුව බිම තියන් කිව්වත් ඌ අහිංසක එකෙක් කියලා ..ඒක එහෙම නෙවී මොකද අම්මයි අක්කයිත් කිව්වා ඌ එක්ක ගියාම කරදරයි කියලා..

    ඌ අහිංසකයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි මම කියන්නෙ සේයා කේස් එක උගේ පිට දාන එක වැරදි කියලයි. උගේ අනිත් වැරදි හොයල දඬුවම් කලාට කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් නොකල වරදකට දඬුවම් දෙන එක තමයි වරද. මේක අද ඌට උනා වගේ හෙට උඹට හෝ මට නොවෙන්න පුළුවන් කියන්නෙ කොහොමද? එහෙම රටකටද එල්ලුම් ගහ ගේන්න යන්නෙ?
    උගේ අම්මා සහ අක්කා ඌ එක්ක ගියාම කරදරයි කියලා කිව්වෙ පොලිසියයි මාධ්‍යයි එක්ක ඌ ගැන සමාජයේ හදලා තිබ්බෙ ප්‍රතිරූපය නිසා මම හිතන්නෙ. උගේ ආරක්ෂාවට හිරේ ඉන්න එක හොඳ ඇති ගමට යනවට වඩා. මතකනෙ සේයාගෙ අන්තිම මොහොතට ජාතක කරපු අම්මටයි තාත්තටයි වත් යන්න බැරිවෙන තැනට වැඩ කරපු සමාජයක්නෙ මේ ..
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    Issra shot eka awata giyata dun na mchan hariyatama tithata hoyala dunne...

    මම නොදන්නකමට අහන්නෙ අර එක්නැලිගොඩට එහෙම ශොට් එක දෙන්නෙ ඇත්තෙත් මේ විදියට හොයල බලල වෙන්න ඇති... දැන් අර ටිකෙන් ටික එලියට එන්නෙ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    (මේවා මෙලෙස යන අතර කොන්ඩයාගේ අයියා හීන් සීරුවේ තම ඊලඟ ගොදුරට ඉව අල්ලනු ඇත...)

    කවුරු මොනවා කිව්වත් කොන්ඩයා අදටත් හුස්ම ගන්නේ යහපාලනයට පින් සිදුවන්නටය.....!!!

    :yes::yes:
    හැබැයි ඉතින් ඕක කලේ කොන්දයගේ අයියමද කියල ප්‍රශ්නයක් ...