යහපාලනය

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    දැන් පෙන්වනවා "මහ බැංකුවෙ මාමයි-බැණයි නාඩගම"

    වසර 9 කට ආසන්න කාලයක් මෙරට ජනතාව පවුල් වාදය නිසා මදි නොකියන්න බැට කැවාය. එසේ බැට කෑ ජනතාව පසුගිය ජනවාරි 8 වෙනිදා පවුල් වාදයෙන් යහපාලනයට මාරු වීමට පියවර ගත්තේ බලාපොරොත්තු රැසක් සිත්වල තබා ගෙන බව අමුතුවෙන් කිවයුතු නැත.

    එසේ යහපාලනයට කැමත්ත පලකල ජනතාවට හොර රහසේම තවත් පවුල් වාදයක ඇරඹුම සිදුවෙමින් පවතින බව වෙත අනාවරණය විය. රටෙි සිදුවන සෑම දෙයක්ම ජනතාවට දැන ගත යුතුය. මෙි ඒ පිලිබදව සිදු කරනු ලබන කෙටි හෙලිදරවිවකි.

    නව රජය පත්වි හරියටම දින 6 ක් ගෙවි ගිය තැන මෙරට නව මහ බැංකු අධිපති වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරිම පිලිබදව කනින් කොනින් ආරංචි ගලා එන්නට පටන් ගත්තේය.

    අර්ජුන් මහේන්ද්‍රන් යනු කවුද?

    උපතින් ශ්‍රි ලාංකිකයෙක් වුවත් ඔහු සිංගප්පුරුවෙ පුරවැසියෙකු වන අතර ශ්‍රි ලංකා බැංකුවෙ ජේෂ්ඨ ආර්ථික විශ්ලේෂකයෙක් ලෙස සේවය කල අතර පසුව සිංගප්පුරුවෙ ආයෝජන සංවර්ධන බැංකුවෙ සේවයට එක්විය. ඉන් පසුව ආසියානු කලාපය භාර බැංකුවෙ කළමණාකාර අධ්‍යක්‍ෂකවරයා ලෙස සේවය කරන ලදියි.

    ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් 2001-2004 කාලය තුලදි සේවය කල අර්ජුන් මහේන්ද්‍රන් පිලිබදව පලමු පැමිණිල්ල ගොනු වන්නේ එම කාලයේදිය. ඒ උතුරේ පැවති යුධමය වාතාවරණය නිසා එම ප්‍රදේශයට යැවිමට තහනමි ද්‍රව්‍යයක් ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් නමි කර තිබු ඝණත්වයෙන් වැඩි යකඩ තහඩු ටොන් ගණින් එම ප්‍රදේශයට යැවිම සමිබන්ධයෙනි. කොටි ත්‍රස්තවාදින්ට යුධ ටැංකි නිපදවා ගැනිමට, වෙඩි නොවදින රථ සදහා යොදා ගැනිමට හා ආරක්ෂිත බංකර් තනා ගැනිමට මෙම යකඩ උපකාරි වන්නට ඇතැයි යුධ හමුදා බුද්ධි අංශ විසින් අනාරණය කරගෙන තිබුනි. නුමුත් එවකට පැවති එක්සත් ජාතික පක්ෂයට පින් සිදුවන්නට අර්ජුන් මහේන්ද්‍රන් නිර්දෝෂි පුද්ගලයෙක් ලෙස සිංගප්පුරුව බලා පිටත්ව යන ලදියි.

    එසේ සිංගප්පුරුව බලා ගිය අර්ජුන් මහේන්ද්‍රන් යලි ශ්‍රි ලංකාවට පැමිනියේය. ඒ නව මහ බැංකු අධිපති වශයෙනි.

    එසේ පැමිනි අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑණා වන ඇලෝසියස් මහේන්ද්‍රන් පිනවීමට සිදුකල පුංචි පහේ ගනුදෙනුවක් ගැනයි විස්තර හෙලි වෙමින් පවතියි.

    ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කල බැදුමිකර හා සමිබන්ධවයි. වසර 30 ක කායලය් සදහා නිකුත් කිරිමට නියමිත මහ බැංකු බැදුමිකරයන් හි පොලි අනුපාතය 9-9.5% බව ඉගි පලවි තිබුනේ එයට අදාල දැන්විමි පල කිරිමත් සමගය.

    නුමුත් සිදුවුනේ එම වසර 30 ක මහ බැංකු බැදුමිකර සදහා පලවි තිබු පොලි අනුපාතය එක් වරම 12.5% දක්වා ඉහල ගියේ කාගේ කාගේත් ඇස් උඩ නංවමින්ය. මෙතෙක් කාලයකට මහ බැංකුව ලබා දුන් ඉහල පොලි අනුපාතය මෙය බව ආර්ථික විශ්ලේෂකයින් පවා මත පල කලේය.

    මෙම බැදුමිකර සදහා ඉහලම ලංසු තබමින් පෙරමුනේ සිටි "පර්පචුවල්" නමි ආයතනයේ ප්‍රධාන කොටස් කරුවෙක් වන්නේ අර්ජුන් ඇලෝසියස්ය.

    අර්ජුන් ඇලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ බෑණාය. සිය මාමණ්ඩිය හරහා අවශ්‍ය තොරතුරු කල් තියා දැන ගෙන සිටි ඔහු සිය ලංසු තැබිම පහසුවෙන් සිදුකල බව අනෙක් මුල්‍ය සමාගමි හා බැංකු නිලධාරින් පවසා සිටියි.

    අර්ජුන් ඇලෝසියස් ගේ පර්පචුවල් ආයතනය විසින් ඔවුන් සතු අඩු පොලි අනුපාතිකයන්ට යටත් බැදුමිකර විකුනා දමා උපයා ගත් රුපියල් බිලියන 10 ක් මෙලෙස වසර 30 මහ බැංකු බැදුමිකර සදහා ආයෝජනය කර ඇති බව වෙත අනාවරණය විය. කෙසේ වුවත් මෙම බැදුමිකර ගනුදෙනුවෙන් ඇලෝසියස් උපයා ගත් ආදායමද සුලු පටු නොවන බව වාර්ථා වෙයි.

    රටක ආර්ථිකය පාලනය වන්නේ මහ බැංකුව මගිනි. මහ බැංකුව යනු රටෙි කොදුනාරටිය බව අමුතුවෙන් කිවයුතු නැතැයි අප සිතමු. පසුගිය කාලපරිචිජේදයේ ආර්ථික අවභාවිතය නිසා ඉදිරියේදි ඒ සදහා මුහුන දිමට සිදුව තිබෙන්නේ මෙරට දුප්පත් සාමාන්‍ය ජනතාවටය.

    පසුගිය රජයේ දුෂිතයින් රැසකගේ සුරතලාව සිටි අර්ජුන් මහේන්ද්‍රගේ බෑණා වන අර්ජුන් ඈලෝසියස් විසින් පසුගිය කාලයේදි මෙරට කොටස් වෙළදපලේ වාර්ථාවු අසාර්ථක සේවක අර්ථසාධක මුදල් ආයෝජනයන් සමිබන්ධයෙන් මුලිකත්වය ගෙන ක්‍රියා කල අයෙක් බව වෙත වාර්ථා වෙයි.

    එමෙන්ම හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රිවරුන් රැසක් අක්‍රමිකතා හරහා උපයා ගත් මුදල් වල භාරකරු වන්නේ මහේන්ද්‍ර ඇලෝසියස් වන අතර කලු සල්ලි සුදු කිරිමෙි උපන් හැකියාවක් ඇති අයෙක් ලෙස ප්‍රසිද්ධියක් දිනා ඇත්තෙක් බව දැන ගන්නට ඇත.

    මාමයි-බැණයි එකට එකතුවි ශ්‍රි ලංකාවෙ ආර්ථිකය විනාශ කරන්කමි බලා ඉන්නවාද එසෙත් නැත්නමි යලිත් වතාවක් මහ බැංකු බැදුමිකර නිකුත් කිරිම සදහා විනිවිද භාවයකින් යුත් යාන්ත්‍රණයක් ස්ථාපිත කරනවාද යන්න පිළිබදව ඉක්මන් තිරණයක් ගැනිම වත්මන් යහපාලන රජයේ ප්‍රමුඛ වගකිමය.

    ඩීල් කරුවන් ඩිල් කරුවන් බව අමුතුවෙන් කිවයුතු නැත. යහපාලනය යමපාලනයක් විමට ඉඩ නොදිම වටින්නේය. නැත්නමි රටෙි ජනතාව කර තිබෙන්නේ කැහි ගෑණි දි හොටු ගෑණි ගත්තා වගේ වැඩක්ය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,553
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහුගිය ආණ්ඩුව කාලේ තිබුන පවුල්වාදයට මිනිස්සුන්ට කරන්නට තිබුනේ බනින එක විතරයි. අහම්බෙන් චන්දයක් ආපු නිසා ආණ්ඩුව වෙනස් කරන්න පුලුවන් උනා. දැන් ඉන්න ආණ්ඩුවත් පහුගිය ආණ්ඩුව වගේම උනොත් කරන්න වෙන්නෙත් ඒ ටිකමයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,628
    7,965
    113
    Kotahena
    GpMCPPt.jpg