
පහුගිය දවස් ටිකේ කොහෙද හිටියේ, ලංකාවේ නොවෙයිද? මීතොටමුල්ල නරකාදියක් කලේ කවුද? කසල කළමනාකරණයේ සාමාන්‍ය මිනිහාටත් ලොකු වගකීමක් තියෙනවා. දැන් අපේ මිනිස්සු හරියට තමන්ගේ කුණු බාර දෙනවා නම් ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්, එත් එහෙම කරන්න බැරි ජලය වැඩි දිරාපත් වන ද්‍රව්‍ය සමග මිශ්‍රව කුණු ගොඩගහන නිසා, මේවා තෝරලා වෙන් කරන්නේ කවුද? පුච්චලා දාන්න පුලුවන්ද? ටිකක් පාරක ඇවිදලා බලන්න, නොයෙක් වයස් වයසේ දේශ හිතයිශී ශ්‍රීලාංකිකයන් තමන් බොන බීම පැකට්, කිරි පැකට් එහෙම්මම බිම දාල යනවා, කඩල ගොට්ට කාල කඩදාසිය ගුලි කරලා එතැනම බිම දානවා, බීම බෝතලය බිම දාල යනවා, පොඩි වැස්සකට ඕවා එකතු වෙන්නේ කාණු වල, ඉතින් ලක්ෂ ගානක් මිනිස්සු මෙහෙම කරනකොට රට නරකාදියක් නොවී තියේවිද?