යහපාලනේ, මළ යකා සහ මළ පෙරේතයෝ - Yaha Paalanaya, Evils & The Parliment

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    යහපාලනේ, මළ යකා සහ මළ පෙරේතයෝ - Yaha Paalanaya, Evils & The Parliment

    යහපාලනේ, මළ යකා සහ මළ පෙරේතයෝ - Yaha Paalanaya, Evils & The Parliment




    අම්මට සිරි ලංකාවේ හැම මළදානෙට වගේම, මළ මගුලටත් තාමත් තියෙන්නේ ගෝත්‍රික ලක්සොනමය. "අනේ අපිවත් අරගෙන පලෝ...." කියා, පෙට්ටියට නැගලා, එරොප්පෙ යන්න පුක ඉරාගෙන කෑ ගැහුව්වාට, වලට පස් ටික දාන්නෙත් ඒකට වැටෙයිදෝ කියලා බයේය. මැරිච්ච එකාට ගිනි තියලා හෝ පස් දාලා ගෙදර ඇවිත්, එක්කෝ මාරි බිස්කට් ආතල් එකක් ගන්නවාය. එහෙම නැතිනම් කරවල වට්ටක්කා ඩාන්ස් එක දානවාය. මේ ඔක්කෝම සෙල්ලම් දාන්නේ මැරිච්ච එකා ආයෙත් එයි කියලාය.


    සම හරක් කියන්නේ මැරුණයින් පස්සේ දවස් හතක් යනකන්, මළ ගිය එකා, ගේ වටේ කැරකෙනවා කියාය. ඒ නිසා හත් දවසේ දානයක් දීලා, දෙයියන්ටත් පින් දීලා මරිසි පාරක් දාල, එයාලාට කියන්නේ අනේ අපේ එකා එහේ අරගෙන පලෝ කියලාය. බහුතරය දිවිය ළෝකේ යන්නේ නැති නිසා, මළ පෙරේතයෝ ටික ෂේප් කොර ගන්න පාන් පැලක් අටවා, උන්ටත් ජරාවක් දෙනවාය. ඒ දීලාත් බලාපොරොත්තු වන්නේ අනේ අපේ එකා තොපිවත් අරගෙන පල යකෝ කියලාය.


    බඩු ෂුවර් නැති නිසා දෙගොල්ලටම තුන් මාසෙත් දෙනවාය. කොයිකටත් කියා අවුරුද්ද ගානෙත් දෙනවාය. ඒ මොන මළ දාන දුන්නත් යන්නේ නැති මළ පෙරේතයොත් ඉන්නවාය. උන් කරන්නේ හොඳින් ජීවත් වෙලා ඉන්න එකාට, ගේම අදිනා එකය. එකට උන් කරන්නේ එකෙක්ගේ ඇඟට වැහෙනා එකය. වැහෙනා කිව්වාට, කවර් වෙනවා නෙමේය, ඇන්ටර් වෙනවාය.


    අපේ මුලු රටටම දැන් වෙලා තියෙන්නේ එහෙම කරුමයක්ය. අප්පච්චි මළේය. මරණ සහතිකේ දුන්නේ විජිතමුනි සොයිසා කොරොනල් රාළහාමිය. අප්පච්චිගෙ අවතාරේ ඉන්නේ අභයාරාමයේය. අප්පච්චි වැහිච්ච උන් බොහෝය. ඉස්සෙල්ලාම අප්පච්චි අවතාරේ වැහුනේ මැදමුලනේ එකෙකුටය. ඌ කිව්වේ, "අනේ යකෝ, අරූ මරලා හරි තොට ඉන්න තිබුනා නේද යකෝ..." කියලාය. ඊට පස්සේ වැහුනේ රජගෙදර රිලවාටය. ඌට වැහුන වැහිල්ලට සෙකන්ඩ් වෙන්න අකමැති නිසාදෝ, වාසුත් අවතාරේ බලෙන්ම අඟේ දාගත්තේය. ඊට පස්සේ මර හූ තියනා දිනේෂ් යකාට වැහුනේය. එයිටත් පස්සේ රුපියල් සීයේ හිඟන්නාටත් වැහුනේය.


    මුන් හතර දෙනා දිෂ්ඨිය ආරූඩ වෙලා පරල උනු වෙලාවට, ලංකාවේ හතර දිග් බාගේම පිස්සු කෙලිනවාය. මුන්ගේ යක් ඩානස් බලන්න අප්පච්චි අවතාරේට ලව් කරනා කුම්බාන්ඩයෝ සහ කැනහිලුත් එනවාය. එකෙක් කියපු විදියට නම් බලෙන් බස් වල දාගෙන එනවාය. අප්පච්චි පිල්ලිය පන්සල් ගානේ සැරිසරනවාය. වැලේ වැල් නැතිව ඉන්න පන්සල් වල පිංගුත්තර ඝනයෝත් ආරුඩ වෙලා නටනවාය.


    මේ ළඟදි "ඩී වී උපුල්" කියනා මාළු මුදලාලිටත් අප්පච්චි වැහුනේය. ඌට වැහිච්ච පාර ඌ කිව්වේ FCID එකේ DIG ඉඳන් කොස්තාපල් පුන්නසෝමේ දක්වා ඉන්න උන් ඔක්කෝම, ගල් ගහලා මරණවා කියලාය. මේ කතා කොරන්නේ ඩී වී උපුල් නෙමේය. අප්පච්චිය. වාසුදේව පකයා වෙන්නේ, අප්පච්චි වැහිලා ආරුඩේ හොඳම එකෙන් ආවාමය. දිනේෂ් කියන, එළොවටත් මෙළොවටත් නැති සංධානේ පිහිටෙන් දියවන්නාවේ පිස්සන් කොටුවේ උගුර යටින් කෑ ගහන පිස්සාට වෙලා තියෙන්නෙත් ඒකමය. ඒ තියා සුසිල් ප්‍රේමජයන්තයාට වෙලා තියෙන්නෙත් ඒකමය. ප්‍රවුත්ති සාකච්ඡාවේ උගේ මූන දැක්කා නම් ඌට පිස්සු ත්ද වෙලා කියා කෙනෙකුට හෙතෙනවා නම් ඒක බොහෝම වැරදිය. ඒ, ඒ යකාගේ මූනට අප්පච්චි ආරුඪ උන නිසාය.


    මේ රටේ සාමයෙන් සමාදානෙන් ජීවත් වෙලා ඉන්න කැමති උන්ට, මෑත ඉතිහාසේ ජයග්‍රහණ දෙකක් හම්බ උනේය. එකක් 30 ස් වසරක යුද්දේ දිනාපු එකය. අනික පිස්සු හුටං එකාධිපති පවුලක් බලයෙන් එලවලා දැමීමය. මේ ජයග්‍රහණ දෙකම ලැබුනා කියා ජනතාවට ලැබිච්චි සුගතියක් නම් නැත්තේමය.


    යුද්දෙ දිණපු එකෙන් ආතල් ගත්තේ පොඩි සෙට් එකක්ය. අද ඔය අප්පච්චි අවතාරේ වැහිලා දඟලන්නේ ඒ උන් ටිකය. උන් එලවලා යහපාලන සිරිසේන ළොක්කා පත් කොර ගත්තද, ඒ උන්නැහේට යහපාලනේ තියා හිතේ හැටියට රෙන්න හුලිජ්ජ කොරන්නවත් දෙන්නේ නැතිය. විවස්ථා සභාවට නියෝජිතයෝ පත් කර ගන්න පාර්ලිමේන්තුව කැඳෙව්වාම, දිනේෂ් කියන පිස්සු වාගේ අහන්නේ, අර්ජුන මහේන්දෙන්ගේ සිටිසොන් සිප් එක ගැනය. ඒ කාළකන්නි හැත්ත, ඇමරිකන් සිටිසොන්ලා දෙන්නේක්ගෙන්ම කිච වෙවි, ගූ බල්ලෝ වගේ දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන, නැට්ට පුකේ ගහගෙන හිටියා කියලා ඌට අමතක වෙලාය.


    විධායකේ දින්නාට, විවස්තාදායකේ දිනා ගන්නේ නැතිව යහපාලන තියා, නිවි සැනසිල්ලේ යහනේ සැතපෙන්නවත් මේ කාළකන්නින් ටික ඉන්නා තෙක් නම් හම්බ වෙන්නේ නැතිය. මේ කාළකන්නි ටික මෙහෙම පිස්සු කෙලින කොට කිච වෙන්නේ ලෙනින් මොරායස් නොව මෛත්‍රිපාල සිරිසේන උන්නැහේය. මේ පිස්සු වාහෙලා ඉන්න මේ පාර්ලිමේන්තුවත් එක්ක තව පිස්සු කෙලින්න ගියොතින් වෙන්නේ මුලු ළෝකෙන්ම නෝන්ඩි වෙන එකය. මෙහෙම වැනෙන ආන්ඩුවලට වඩා යකෙක් ඉන්නා එකාධිපති පාළණයකට කැමති රටවලුත් ඉන්නවාය. ඒ නිසා එහෙම රටවල් එකසිය ගානට ෆන්ඩ් කරනවා ඇත්තේ මළ කඳ ආයෙත් පුටුවේ ඉන්දන්නය.


    ගමේ එකෙකුට මළ පෙරේතයෙක් වැහුනොත් එලවන්නේ තොවිලයක් නටලාය. මේ මළ මූසලයෝ ටික එලවන්න වෙන්නේත් එහෙම කේස් එකක් කොරලාය. ඒ සඳහා කොරන්න තියෙන්නේ 19 විවස්ථාව වගේ සෙප්පඩ විජ්ජා නොපෙන්නා, පාර්ලිමේන්තුව විසුරුවලා, ඡන්ද තොවිලේ තියනා එකය. මහ එකා එලෙව්වාට පොඩි උන් හිතාගෙන ඉන්නේ, උන් තාමත් ප්‍රතික්සේප වෙලා නැතෙයි කියලාය. සම හරක් විට එහෙමම වෙන්නත් පුළුවන්ය.


    මහ ඡන්දයකට ගියොත් මේ පිස්සු හුටංලා එක්ක ඉන්න මල පෙරෙතයෝ සෙට් එක කීයද කියලා, නියමෙටම බලා ගන්න පුළුවන්ය. මළ පෙරේතයන්ට පිස්සු කෙලින්න දුන්නොත් වෙන්නේ, අප්පච්චි අවතාරේ වැහෙන උන් තව තවත් වැඩි වෙන එකය. එහෙම උනොත් ආයෙත් මේක මළ යකාටම යන රටක් වෙනවාය. ඒ නිසා මුන් එක්ක හැමිනෙන්න ගිහින් ඉල්ලාගෙන කන්නේ නැතිව, ඇති වෙන්න හෝ නැති වෙන්න මහ ඡන්දයකට යන එක කොයි කාගෙත් ශරීර සවුක්කියට බොහෝම හොඳය.


    ඒ වගත් මෙසේය...
    http://maathalan.blogspot.com/2015/06/yaha-paalanaya-evils-parliment.html#more

     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    kiriyeth mala yaka wahicha ewun wagayak appachchi oni kiya ude hawa ka gahanawaya.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    kiriyeth mala yaka wahicha ewun wagayak appachchi oni kiya ude hawa ka gahanawaya.
    ow bn u marichcha dawase idan mun adu kadulenmai...ai bn minissu mechchara moda... ranila hari yanneth na..uth yal panapu baddak... hoda aluth porak aththema nadda bn agamathi kamata