යහපාලන ගොබ්බ පුවත්

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
යහපාලන ගොබ්බ පුවත්

ඉඳා මේක කියවලාවත් අඩු ගානේ ස්වයන්වින්දයක් ගනින්


යහපාලන ගොබ්බ පුවත්
මෛත්‍රී ගේ පාලනය දින 40ක් පමණ වන විට දියාරු වන්න‍ට වූ අතර, දැන් එය කිරි හොද්දක් මෙන් වැගිරෙන්නට ද පටන් ගෙන තිබේ. මෙතෙක් රටේ විවිධ පළාත්වල සිදු කෙරෙමින් තිබුණු ඉදිකිරීම් ද ඇණ හිට තිබේ.
ඒ නිසා දැන් අලුත් ප්‍රවෘත්ති මවන්නට සිදු ව තිබේ.
අවුරුදු 30ක මහවැලිය, වසර 5න් අවසන් කළ බවට පම්පෝරි ගැසූ එ.ජා.ප. යට අහුන්ගල්ල පාලම නිම කරන්නට වසර 12ක් පමණ ගතවිණි. පන්නිපිටියේ පාලම ද අවසන් කරන ලද්දේ, වසර 15ක් පමණ ගත වූ පසු ය. එය ද වෙනත් ආණ්ඩුවක් යටතේ ය. ඒ නිසා එකල පාලමක් විවෘත කිරීමේ උළෙලක් වත් තිබුණේ ඉදහිට ය.
අනෙක් අතට එ.ජා.ප.ය වැඩිපුර ගේම ගසන්නේ ද රට තුළ නො ව, රටින් පිට ය. ඒවා ද හොර රහසේ ය. ඒ නිසා ද පුවත් ලැබෙන්නේ නැත.
පක්ෂ දේශපාලන උණසන්නිපාතයක් වී ඇති බැවින් අපේ රටේ සිදු වන්නේ ඡන්දයකින් පසු පෙර ආණ්ඩුවේ සියල්ල කාබාසිනියා කිරීම ය. අපට ජාතික ආකල්ප නැත. අද රටේ දේශපාලනය සිදු වන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගොඩ නැගුණු කාලයේ මෙන් නො ‍වේ.
1976 නොබැදි ජාතික සමුඵව පැවැත් වූ අවධියේ, සමුඵ නිවාස (summit flats) ගොඩ නගන ලදි. සුඵ කාලයකට පැවැත්වෙන සමුඵවකට, 'නිවාස තනන්නේ කාටදැයි' අසන අය එකල නො සිටින්නට ඇත. අද 'සමුඵ නිවාස' යනු ජාතික දේපළකි.
මෙරට මෑතකාලීන දේශපාලනයේ කිසි කලක, වැදගත් ඉදිකිරීමි සිදු කරන්නට එ.ජා.ප.ය පෙරමුණ ගත්තේ නැත. අන්තර් ජාතික මට්ටමේ පම්පෝරි ගැසුව ද, එ.ජා.ප. ආණ්ඩුව රටේ ගොඩ නැගූ, නව ගුවන් තොටුපළක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක් නැත. සුපිරි වෙළෙද සැලක් ද නැත. ඒවා ගොඩ නගා තිබෙන්නේ ශ්‍රි.ල.නි.ප. ආණ්ඩු යටතේ වීම ද පුදුම සහගත ය. එ.ජා.ප. ය කළේ බ්‍රේස්ලට්, චුයින්ගම් හීන විකුණමින් සිටි එක ය.
දැන් රටේ ඉදිකිරීම් දූෂණ නැත. ඊට හේතුව රටේ සමාජ ආකල්ප සංවර්ධනය වීම නො ව, ඉදිකිරීම් නවතා දැමීම ය. සේවා ආර්ථිකය පිළිබද වැඩි විශ්වාසයක් තබා තිබෙන එ.ජා.ප.යට ඉදිකිරීම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, 'එහෙන් ගැනීම ය. මෙහෙන් දීම ය'.1977 පමණ රට විදේශයට විවෘත ‍කෙරෙන විට, එ.ජා.ප.යට දිගුකාලීන සැලසුමක් තිබුණේ නම්, මග දෙපස සහ ප්‍රධාන මංසන්ධි පාදක කර ගෙන තිරසාර නාගරික සංවර්ධනයක් දියත් කරන්නට ඉඩ තිබිණි. එසේ නො කිරීම නිසා, පසුව මාර්ග අසළ ගොඩනැගිලි කඩන්නටත්, ඒවාට වන්දි ගෙවන්නටත් මෙරට රජයට සිදු විණි.
මෙවැනි හෝන්දු මාන්දු අවධියක පුවත් නැති නිසා, හොරු ඇල්ලීම සදහා රට හරහා දුවන තරගයක් ආරම්භ කරන ලද අතර, දැන් එය ද ආපිට කැරකෙමින් තිබේ. දැන් විපක්ෂය ආණ්ඩුවේ හොරුන්ට විරුද්ධ ව ලිපිගොනු භාර දෙමින් තිබේ.


ඉදිකිරීම් මෙන් ම, සමාජ, ආර්ඵික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වේගවත් සංවර්ධනයක් අවශ්‍ය අප රටට දැන් සිදු ව තිබෙන්නේ සංවර්ධනයට අදාළ නො වන, විනෝදජනක, දෛනික පුවත් නැරඹීමට ය.


මෛත්‍රී, රට ගිහින් තිබෙන්නේ පොඩි ප්ලේන් එකක.
මෛත්‍රී ගේ නෝනා ඉන්දියාවේ ගියේ කදුරුවෙල යන ගාණට.
මෛත්‍රී, පාර්ලිමේන්තු කැන්ටිමට ආවා කවුරුවත් දන්නේ නෑ.
මෛත්‍රී, ගුවන් තොටුපළේ පැයක් ඉදලා.
ජනාධීපතිවරයා කේන්ද්‍ර ක‍රගෙන මෙවැනි පුවත් මැව්ව ද,
රනිල්, අද නාලා තියෙන්නේ පනිට්ටුවකින්.
රනිල්, අද දවල්ට කාලා තියෙන්නේ කොස්ඇට මැල්ලුම.
රනිල්, කුඹුරට ගියේ අමුඩ ගහගෙන.
රනිල්, රත්නපුරේ ගියේ මොරිස් මයිනර් එකක.
වැනි පුවත් මැවෙන්නේ නැත. ඒවා පෙර පරිදිම සිදු වන්නේ රාජකීය ක්‍රමයට ය.


දැන් මේ මානසික අවපීඩන රෝගය වෙනත් අයටත් බෝ වෙමින් තිබේ.
ආචාර්ය ලියනගේ අමරකීර්ති, කණේ හෝ නාසයේ ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට රජයේ රෝහලකට ගිය කතා පුවතක්, මේ සති අන්ත රාවය පුවත්පතේ පළ කර තිබේ‍. ඔහු කියා තිබෙන්නේ, ඉටි කොළයක්, මදුරු කොයිල් 2ක් අරගෙන ඊළග දවසේ, එම රෝහලට යන්නට තමන් සූදානම් වන බව ය.
මට පෙනෙන්නේ, ලොකු පොත් කියවා වැඩිකමට දැන් ඔහු ගේ ඔලුව අංජබජල් වී තිබෙන ආකාරයකි.
පසුගිය ආණ්ඩුව කාලේ ඔහු කීවේ තමන් ගේ පුතාට 'අමෙරිකාවේ ජනාධිපති වීමේ' හැකියාව පවතින බව ය.
ලංකාවේ, තුට්ටු දෙකේ රෝහලක, අගු පිලක, ඉටි කොළයක් එළා ‍ගෙන අද මෙලෙස බේත් ගන්නට සූදානම් වන්නේ, අමෙරිකාවේ අනාගත ජනාධිපතිවරයකු ගේ, තාත්තා ය.
-කුමාර ලියනගේ from blog
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රට පාලනය කරන පුද්ගලයා සුව්ශේෂි පුද්ගලයෙකි. ඔහුට රට ගැන රට වැසියා ගැන ඔවුන්ගේ ජිවිත තෘප්තිමත් කරන ආකාරය ගැන තීරණ ගත යුත්තෙ ඔහුය. එහිදි ඔහු කුස්සියේ ලූණු ශුද්ධ කරමින් දූෂණ නතර කිරීමට ඉදිකිරීම් නතර කරමින් කරන විහිලු ජනතාවට අප්පිරියා වන කාලය ඇතක නොවේ
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    yahapalanaya kiyanne mekata wennathi....hitan....my3 la thama kanna patan gaththa witharai me ratath sinhala jathiyath...munta chande dunna unwa ellanna one..my3 ta chande dunna un hitiye my3 janadipathi wela sathi 2-3 yanakan witharai dan a ekek wath na...me okktama pennanne sarama palle thiyena eka thama...hitan.....
     

    Niish

    Member
    Feb 10, 2015
    22
    9
    0
    මෛත්‍රීපාලගෙ සමහර ගොන් ආතල් තියෙනව රටක ජනාධිපති තනතුර පවා හෑල්ලු වෙන. ජනාධිපති ඉන්න ඔන තමන්ගෙ තත්වය,පෞරුෂය රැකගෙන රටක අභිමානය ආරක්ශා වෙන විදියට. මහජනතාව කවදාවත් ජනධිපතිගෙ අත්‍යවශ්‍ය වියදම් අඩු කිරීමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කිරිම රටක. මහින්දව එලවන්න හේතුව උනේ අසීමිත ලෙස හොරකම් කිරීම, හොරුන් රැකීම, නීතිය තම පවුලේ අභිමතයට ක්‍රියාත්මක කිරීම, විරුද්ධ මත දරන්නන් සාහසිකව මර්දනය කිරීම, සාමකාමී විරෝධතාවකදී පවා සන්නද්ධ සේවාවන් ලවා වෙඩි තැබීම් වගෙ දරුණු ඒකාධිපති වියරුවකට පත්වීමයි.මහින්ද එපා වීම කොච්චරද කියනවනම් මිනිස්සු මහින්ද නොවන ඕනෑම කෙනෙක්ට ඡන්දේ දුන්නා. ආයෙ කවදාවත් මහින්ද මේ රටේ නායකය වෙන්නෙ නෑ. වෙන්න ඔනාත් නෑ.
     

    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    මට තේරෙන විදිහට නව ජනාධිපති තුමා Full Normal වෙන්න ගිහින් නා ගන්නවා
     

    Similar threads