යහපාලන දැල හීනිද
යහපාලන දැල හීනිද ?
මේ රටේ පාලන බලය හෙබ වූ හොරු රැලක් එලවීමට මුලින්ම ඉදිරිපත් උනේ මේ රටේ මිනිස්සුය . ඒ මිනිස්සුන්ගේ ජන අරගලයට නායකත්වය සැපයීමට ඉදිරිපත් වූ යහපාලන නායකයින් ජනතාවට ලබා දුන් මූලික පොරොන්දු දවසින් දවස මග හරිමින් සිටී ඒ වෙනුවට වෙනත් ඔවුන්ගේම වැඩ පිලිවෙලවල් සහ උපක්‍රම පෙරට දමා මූලික පොරොන්දු ලෙස පොරොන්දු වූ ජනතා දේපල ජනතාවගේ බලයම යොදමින් අයුතු ලෙස පරිහරණය කල , ජනතා බලය ජනතාවට එරෙහිවම යෙදූ මහින්ද පවුලේ හොරු සහ අනෙක් හොරු අධිකරණය ඉදිරියට ගේනවා යැයිද ඔවුන්ට එරෙහිව නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කරනවා යැයි කීවද මේ වන විටත් ඒ ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇත .
එහෙත් අද වන විට මහින්දා නන්ද අළුත් ගමගේ , සජින් වාස් සහ පියන්ත් බංදු වික්‍රමගේ වැනි හාල් මැස්සෝ අහුවෙන තරමට යහපාලන දැල හීනි වී තිබේ .
අවිජාවාරම් කල මහින්ද පවුලේ අය , රතුපස්වල වතුර ඉල්ලූ මිනිස්සු මැරූ මහින්ද පවුලේ අය , මහා මාර්ග සහ වෙනත් මෙගා ව්‍යාපෘති වලින් සියයට දහයක කොමිස් ගත්ත මහින්ද පවුලේ අය ,රත්‍රං කිලෝ සිය ගණන් විකුණූ මහින්ද පවුලේ තෝරු මෝරු මේ වන විටත් නිදැල්ලේය. තෝරු මෝරුන්ට එලනවා යැයි කියූ යහපාලන දැන මේ වන විට හාල් මැස්සන්ට සෑහෙන පරිදි කුඩා වී හැකිලී තිබේ තව ටික කලකින් ඒ හාල්මැස්සන්ද නිවරදි සාක්ෂි නොමැතිව නිදහස් කෙරෙනු ඇත. ඉන් පසුව තෝරු මෝරුන්ට තබා හාල්මැස්සන්වත් අල්ලන්න දැලක් නොමැති වනු ඇත. මෙලෙස හකුලා ගන්නා දැල යහපාලනයේ තෝරු මෝරු අල්ලන්න තවත් කට්ටියක් අතටගනු ඇත.
තවත් ඉවසුවා ඇත. මහත්තුරුනේ උබලා හැමදාම දැල් දමා ඇත්තේ මේ රටේ පුරවැසියාටය . මේ දැල නුඹලා හැමෝටම එරෙහිව පුරවැසියා අතට ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත.
අජිත් දසනායක
http://lankaevoice.com/?p=4891