යහපාලන පරස්පරය...

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    යහපාලන පරස්පරය...




    යහපාලන පරස්පරය...




    කතුවැකිය

    24 October 2016

    අප මේ ජීවත් වන යුගයේ සමාජ ප්‍රතිවිරෝධවලට ඇත්තේ ගැඹුරු මානයක් ය. අප සාමාන්‍යයෙන් දන්නේ ප්‍රතිවිරෝධ හඳුනා ගැනීම, ඒවා ක්‍රියාත්මක වන තලයන් හඳුනා ගැනීම සහ ඒවායේ ප්‍රාථමික, ද්විතීයික බව හඳුනා ගැනීමය. නමුත් අද කාලයේ ජීවත් වන අපට හමු වන්නේ ප්‍රතිවිරෝධ එහි ගමන් මඟේ අවසාන ගිමන්හලට පැමිණීමට පසු ඇති වන විවිධ මුහුණුවර ය. මේ නිසා අද දවසේ අපට හමු වන්නේ ප්‍රතිවිරෝධ නොව පරස්පර ය.
    උදාහරණයක් වශයෙන් යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා පසුගිය දා කළ ප්‍රකාශය මඟින් ගම්‍ය වන්නේ ආණ්ඩුව තුළ ඇති ප්‍රතිවිරෝධයක් නොව පරස්පරයක් ය. මහින්ද රාජපක්ෂ රෙජීමය සිවිල් සමාජය ද ඇතුළත් බලපෑම් කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් විසින් පරාජය කරනු ලැබුවේ ඔවුන් හොරකම් කළ නිසා ය. සරලව කිව්වොත් ඔවුන් ඇවිස්සුවේ මිනිසාගේ මූලික ආවේගයක් වූ ඊර්ෂ්‍යාවය.
    පන්තිය, කුලය සහ ගෝත්‍රය අනුව ගත් කල සිංහල සිවිල් සමාජය ජනවාරි 11 වනදාට පසුව දෙකට බෙදී ගියේය. ඉන් එක කණ්ඩායමක් වැලිඅමුණ ද සහිතව අගමැති දෙසට ගමන් කළේය. අනෙක් කණ්ඩායම ශිරාල් සමඟ ජනාධිපති පැත්තට ගමන් කළේය.



    සිවිල් සමාජය දෙකට බෙදී දෙපැත්තට ගමන් කිරීම සිදු වූ නිසා 94 ට වෙනස්ව අද දවසේ ආණ්ඩුවේ ප්‍රතිවිරෝධ මතු වනවා වෙනුවට පරස්පරයක් මතු වී ඇත. ජනාධිපති කාර්යාලය පැත්තෙන් ඇසෙන පණිවුඩය වන්නේ පාලනය කරගෙන යාමේ දී අගමැතිවරයා අසමමිතිකව එය කරන බව ය. අනෙක් අතට අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වන්නේ ජයග්‍රහණයේ වැඩි පංගුව තමන්ට අයත් බව ය. ඒ නිසා පාලන බලයේ වැඩි පංගුව අගමැතිවරයාගේ රාජකීය විදුහලේ මිත්‍රයන්ට හිමි වී ඇත. ප්‍රතිවිරෝධවලට විසඳුම් දිය හැකි වුවත් පරස්පරතාවලට පිළිතුරු නැත.
    අගමැතිවරයාත් ඔහු සමඟ ගමන් කරන රනිල්මය සිවිල් සමාජයත් කල්පනා කරන්නේ ලංකාවේ සියලුම දේශපාලන අර්බුදවලට අදාළ විසඳුම් කට්ටල 2020 වර්ෂයේ රනිල්ගේ ජයග්‍රහණයෙන් පසු රටට ලබා දිය හැකි බව ය. මේ අදහස මධ්‍යම පාන්තිකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට යථාර්ථවාදී ය. 2020 වර්ෂයේ දී රනිල් මේ රටේ ජනාධිපති වුවහොත් තමන්ට හිරගෙදර යාමට සිදු වන බව ශිරාල් දනියි. සමාජ ප්‍රතිවිරෝධවලට පුද්ගල පරස්පරතා හමුවන්නේ මෙම මංසන්ධියේ ය.
    ජනාධිපතිවරයා විසින් පොලීසියත් FCID යත්, අල්ලස් කොමිසම් සභාවත් කිසියම් විධිමත් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වන බව කියන විට එහි ඇත්තක් තිබේ. අප කලින් ද විවිධ අවස්ථාවල ප්‍රකාශ කළ පරිදි අප මේ ජීවත් වන යුගයේ හොරකම්කිරීම කිසිදු ආකාරයක පාපයක් නොවේ. හොරකම නැතිව මේ සමාජ - ක්‍රමයට ඔක්සිජන් ලැබෙන්නේ ද නැත. අගමැතිතුමාගේ සංවේදී රේඩාර් තිරයට හසු නොවූවත් හොඳට හම්බ කරන්නේ ඇමැතිවරුන් පස් දෙනෙක් පමණි. UNPයේ ඉතුරු කොටස් ද මේ ගැන ඉන්නේ දැඩි අසහනයකිනි. අගමැතිතුමා හැර ඉතිරි UNP කාරයන්ට අවශ්‍ය වන්නේ බෙදාගෙන කෑමටය. නමුත් බදාගෙන කන්නේ පස් දෙනෙක්ය. මේ මුදල් 2020 ඉලක්ක කර ඇතිවාට සැකයක් ද නැත. නමුත් ඉතිරි සියලු දෙනා ඉන්නේ කුසගින්නේය.



    අගමැතිවරයා තමන්ගේ සූක්ෂ්ම වැඩපිළිවෙළ අන් අය නොදන්නවා යැයි සිතන්නේ නම් එය අඥාන කමකි. ඔහුගේ ක්‍රමවත් වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් 2018 පමණ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩෙන අතර දැනට බුද්ධි අංශ මඟින් මතවාදී ව දෙකට වෙන් කර ඇති ජවිපෙ අනුර පාර්ශ්වය සහ ලාල්කාන්ත පාර්ශ්වය යන දෙකෙන් අනුර පාර්ශ්වය ජය ගනු ඇත. මේ සියල්ල මෙසේ සිදු වීමට ඉතුරු සියලු පාර්ශ්වයන් (දෙමළ, මුස්ලිම් පක්ෂ සහ සිවිල් සමාජය) නිශ්ක්‍රියව සිටිය යුතුය. නමුත් මේ වන විට රනිල්ගේ Road Map එක පොඩි අයට පවා වැටහී ඇති නිසා එයට පරස්පර හමු වී ඇත. ජනාධිපතිවරයාට ද මේ ගැන
    තමාගේම ඉවක් ඇති අතර ඔහු විසින් විටින් විට කරන මාධ්‍ය ප්‍රකාශ මඟින් අර්ථවත් වන්නේ රනිල් හිතන තරම් ළාමක ලෙස ඉතිරි පාර්ශ්ව නිශ්ක්‍රිය නොවන බවයි.
    ආණ්ඩුව තුළ අපට මේ හමු වී ඇති පරස්පර විසින් ජාතික ගැටලුව දේශපාලන සාමයකින් විසඳීමට ඇති අවසාන අවස්ථාවත් ඛාදනය කරනු ලැබ ඇත.
    2020 ගැන සිහින නොදැක මේ යහපාලන ආණ්ඩුව මහජනයාට දුන් පොරොන්දු සමානාත්මතා මූලධර්මයක් මත ක්‍රියා කර විසඳන්නේ නම් පරස්පරඅපට හමු වන්නේ නැත. චානක රත්වත්තේට සලකන ආකාරය සහ අර්ජුන් ඇලෝසියස්ට සලකන ආකාරය අසමානය. විමල් වීරවංශට සහ ජොන්ස්ටන්ට හෝ මහින්දානන්දට සලකන්නේ අසමානවය. ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකමුතුව ඊළඟ ඡන්දයට මුහුණ දීම නම් අගමැතිවරයා කරන්නේ එම එකමුතුව සංවිධානය කරන ඉත්තන් Blast කිරීමය. යහපාලන ආණ්ඩුවේ පරස්පර යනු මේ ගැටලු මිස වෙන බහුබූත නොවේ.



    සිවිල් සමාජය දැනට ක්‍රියා කරන ආකාරයෙන් පෙනෙන්නේ ඉහත පරස්පර නොසලකා ඔවුන් ඉදිරියට යාමට තීන්දු කර ඇති බවයි. එසේ කළ හැකි බවට විවාදයක් නැත. 94 ට පසු චන්ද්‍රිකා ජනාධිපති යුගයේ දී දිනක් එවකට ඉතා ක්‍රියාකාරී සිවිල් බුද්ධිමතකු වූ ආචාර්ය ජයදේව උයන්ගොඩ සුපුරුදු පරිදි පදනම් ආයතනයේ තම නිලය වන සභාපති පුටුව වෙත ගමන් කරන විට ඔහු දුටුවේ තම පුටුවේ තාරා ඩි මෙල්ගේ සැමියා වාඩිගෙන සිටින බවයි. උයන්ගොඩගේ පුටුවේ තාරාගේ සැමියා වාඩි වූයේ කෙසේදැයි අදටත් කිසිවකු දන්නේ නැත. දේශපාලනය කරන්නට සිවිල් සමාජයට ලැබී ඇති මේ අවස්ථාව කෙසේ අවසන් වේදැයි අපි නොදනිමු. 2020 තරගයට අද අප නොදන්නා අශ්වයන් ද එකතු වනු ඇත්තේ ඉන් පසුවය.