යහපාලන රජයේ Agriculture Sector Modernization Project: කොළ පිපිඤ්ඤාවලින් මාස 10ට ඩොලර් මිලියන 10.3ක් උපයයි

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    ඩොලර් බිලියන ගනන් කාබාසිනියා කරලා වැඩකට නැති කුලුණු, plane එන්නේ නැති වල් අලි ගහන කැලා මද airport, චීනුන්ගේ උවමනාවට හදපු වරායවල් හදපු රාජපක්ෂලාට කෘෂිකර්මය විනාසම කරලා චීන ගූ පොර නැවක් ඔලුවේ හලාගත්ත මෝඩ ගෝටට කඩේ ගිය ගොබ්බයෙකුට ඩොලර්ම හම්බකරලා දෙන හැටි ගොවියන්ට කියලාදෙන (දැනටම ඩොලර් උපයන) අවුරුදු 7ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියකට ඩොලර් මිලියන් 169ක් යනවා කියල උපරිමේටම රිදිලා. :lol:

    Ok what are the other sectors
    https://asmp.lk/

    Look under 'PMU' ans sub-components.

    Some videos:
    https://www.youtube.com/c/AParkSriLanka/videos
    ------ Post added on Nov 11, 2022 at 8:52 AM
     
    • Like
    Reactions: sakuntha1996

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    ඩොලර් බිලියන ගනන් කාබාසිනියා කරලා වැඩකට නැති කුලුණු, plane එන්නේ නැති වල් අලි ගහන කැලා මද airport, චීනුන්ගේ උවමනාවට හදපු වරායවල් හදපු රාජපක්ෂලාට කෘෂිකර්මය විනාසම කරලා චීන ගූ පොර නැවක් ඔලුවේ හලාගත්ත මෝඩ ගෝටට කඩේ ගිය ගොබ්බයෙකුට ඩොලර්ම හම්බකරලා දෙන හැටි ගොවියන්ට කියලාදෙන (දැනටම ඩොලර් උපයන) අවුරුදු 7ක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියකට ඩොලර් මිලියන් 169ක් යනවා කියල උපරිමේටම රිදිලා. :lol:


    https://asmp.lk/

    Look under 'PMU' ans sub-components.

    Some videos:
    https://www.youtube.com/c/AParkSriLanka/videos
    ------ Post added on Nov 11, 2022 at 8:52 AM
    Thanks...pissuda ban ubata meka unp eken karapu project ekak kiyala danneth uba me daddi...OP dala thibbela eka highlight kale 160k invest karala 10k hambuna eka news ekak wenna bari nisa 😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    Thanks...pissuda ban ubata meka unp eken karapu project ekak kiyala danneth uba me daddi...OP dala thibbela eka highlight kale 160k invest karala 10k hambuna eka news ekak wenna bari nisa 😂
    Sorry eka damme umbata nemeyi :lol:

    ඇඹුල් කෙසෙල් හෙට රට යයි​



    image_87b4a18b66.jpg


    (අංජුල මහික වීරරත්න)

    ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඩුබායි ‍වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ‍ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසීය.


    image_306b9760b0.jpg


    - https://www.lankadeepa.lk/news/ඇඹුල්-කෙසෙල්-හෙට-රට-යයි/101-624137
    ------ Post added on Nov 25, 2022 at 3:54 PM


    ------ Post added on Dec 5, 2022 at 9:33 AM

    කෘෂි ව්‍යාපෘතියට දෙන ආධාර දීර්ඝ කරයි​



    image_316d93ef83.jpg


    (අංජුල මහික වීරරත්න)

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ආධාර තවත් මාස 18ක් දක්වා දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත.

    මෙරටට ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser, කෘෂි විද්‍යාඥ Karishma Wash සහ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක ඇතුළු නියෝජිත පිරිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු කළේය.

    මෙම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් දැනට විශාල කාර්යභාරයක් ඉටුවන නිසා එම ව්‍යාපෘතිය තවදුරටත් රටට ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව මෙම වර්ෂයේ මැයි මස සිට තවත් මාස 18ක් ඉදිරියට මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිසක් එකඟතාවය පළ කළේය.

    මෙහිදී අදහස් පළ කළ ලෝක බැංකු නියෝජිත පිරිසේ කණ්ඩායම් නායක John Kayser මහතා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමට තම සහයෝගය උපරිමයෙන් ලබාදෙන බව කීය.

    - https://www.lankadeepa.lk/news/කෘෂි-ව්‍යාපෘතියට-දෙන-ආධාර-දීර්ඝ-කරයි/
    ------ Post added on Mar 21, 2023 at 7:23 PM

    ASMP මල් වගාවෙන් විදෙස් විනිමය කෝටි 38ක් උපයලා​




    image_91a0cd14fb.jpg

    කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලු‍ම ගෙවුණු දශකයේ දී අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, ලෝක ව්‍යාප්ත පරිභෝජනය සහ මල් වගා නිෂ්පාදනවලට ඇති ඉල්ලු‍ම ඉහළ යාමත් සමඟ විවිධත්වය වෙනුවෙන් වන පාරිභෝගික ඉල්ලු‍ම ද ඉහළ ගිය නිසාවෙන් නිෂ්පාදන සහ අපනයන ඉල්ලු‍ම වැඩි විය.
    මේ කර්මාන්තයට සම්බන්ධ වූ සාම්ප්‍රදායික නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ රටවල් වූයේ නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයයි. ශ්‍රී ලංකාව උද්භිද ප්‍රභේදයකට රාශියකට නිවහනක් වන අතර පුළුල් පරාසයක විශේෂිත මල් පැළ වර්ග රාශියකට නිජ බිම වේ.
    මේ හේතු නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන සහ ඉහළ ආදායම් උත්පාදන කෘෂි ව්‍යාපාරයක් ලෙස විසිතුරු මල් සහ පැළ වගාව සැලකිය හැකිය. විශේෂයෙන්ම කාන්තාවන් අතර ප්‍රචලිත මෙම කර්මාන්තය ඔවුනට ප්‍රධාන ආදායම් උපයන මාර්ගයක් ලෙස පරිවර්තයන වෙමින් පවති. අපනයනය සඳහා වන මල් සහ මල් පැළ වර්ග වගාව කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1980/81 කාලයේ දී ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මල් වගාව කෘෂි ව්‍යාපාරයක් ලෙස සහ ප්‍රධාන පෙළේ අපනයනය සේම විදේශ විනිමය උපයන මාර්ගයක් වීමට තවමත් අපොහොසත් වී ඇත. ඊට හේතුව වන්නේ මේ කර්මාන්තය ගොවි පොකුරු සංවිධාන, වගාකරුවන්, විදේශීය ආයෝජකයන් සහ මල් වගා නිෂ්පාදන සමග ඍජුව ඒකාබද්ධ සම්බන්ධයක් නොමැති නිසා ඒසේ සම්බන්ධ වී ඇත්තේ ඔවුන් අතරින් සීමිත පිරිසකි. එපමණක් ද නොව, මල් වගා ව්‍යාපාරය හසුරු වනු ලබන්නේ මහා පරිමාණයේ අපනයනකරුවන් කිහිප දෙනකු සහ මධ්‍යම මට්ටමේ වගාකරුවන් කිහිප දෙනකු වන අතර ඔවුහූ මෙම ව්‍යාපාරයට කුඩා කර්මාන්තකරුවන් ඇතුළු වීම සීමා කරමින් සිටිති.
    ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2010) අනුව රටේ රැකියා විරහිත කාන්තාවන්ට ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස මල් වගා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. වර්තමානයේ රටේ මල් කර්මාන්තය හෙක්ටයාර 500 දක්වා ආවරණය වී ඇති අතර බස්නාහිර පළාතේ ඉඩම් වැඩි ප්‍රමාණයක මිනිසුන් පදිංචිය සඳහා වෙන් කර ඇති හෙයින් ශාක පත්‍ර සඳහා හෙක්ටයාර 472ක් ද, කරාබු නැටි වගාව සඳහා හෙක්ටයාර 10ක් ද, රෝස මල් වගාව හෙක්ටයාර 3ක් ද, ජර්බෙරා සඳහා හෙක්ටයාර 2ක් ද, ඇන්තූරියම් සඳහා හෙක්ටයාර් 10ක් ද, ඕකිඞ් මල් වගාව සඳහා හෙක්ටයාර 3ක් ද දැනට වෙන් කර ඇත.
    විසිතුරු මල් වගා කර්මාන්තයේ දැනට සේවක සේවිකාවන් 5,000 කට වැඩි පිරිසක් නියැලි සිටිති. (මූලාශ්‍රය-පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය) එසේ වුවද, ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික සහ භූගෝලීය කලාප නිවර්තන සහ සෞම්‍ය දේශගුණික තත්ත්වයේ වෙනස් වීම, පුහුණු ශ්‍රමිකයන් සහ රෝපණ මාධ්‍ය ලබා ගැනීමේ ඇති නොහැකියාව සේම කැපූ මල් සහ පත්‍ර නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිසා ශ්‍රී ලංකාව මෙම කර්මාන්තයේ දී සංවර්ධිත රටවල් සමග කරට කර තරග කළ හැකි රටක් ලෙස කීර්තියක් උසුලයි. මේ හේතු නිසා මෙම කර්මාන්තයේ දියුණුව සඳහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) විසින් පොකුරු ව්‍යාපෘති ප්‍රවේශය සේම මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපෘති හරහා කර්මාන්තය දියුණු කිරීමේ වැදගත්කම හඳුනා ගෙන ඇත. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණු වන්නේ, තාක්‍ෂණික දැනුම හුවමාරුව හරහා නිෂ්පාදනවල ගුණාත්මකභාවය සේම ප්‍රමිතීන් අපනයනයට සුදුසු මට්ටමකට නංවාලමින් දැනට පවතින මල් වගා කර්මාන්තය රට පුරා ව්‍යාප්ත කිරීමය.
    ඊට සමගාමීව, මල් නිෂ්පාදන වර්ග සහ අගය එකතු කිරීම් ආකාරයෙන් විවිධාංගීකරණය කිරීම, එමගින් පවතින අපනයන ඉල්ලු‍ම සපුරාලීම, රැකියා විරහිත ශ්‍රම බලකායට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තව දුරටත් තිරසාර වීමට මෙරට දේශීය ස්වයං රැකියාලාභී ගොවීන්ට මූල්‍යමය වශයෙන් සහාය වීම සහ මල් වගා කර්මාන්තයේ සැකසුම්කරුවන්, එකතුකරන්නන් සේම වගාකරුවන් ඇතුළු සෑම සංරචකයකටම ප්‍රතිලාභ සැලසෙන පරිදි මල් වගා කර්මාතයේ අගය දාමවල තිරසාර බව සහතික කිරීම ආදිය ද ප්‍රධාන අරමුණු අතර වේ. පොකුරු ව්‍යාපෘති වැඩ සටහන නිවර්තන කලාපයේ සිට සෞම්‍ය වෘක්ෂ ලතා දක්වා වූ මල් වගා නිෂ්පාදන සහිත ලොව හොඳම ගුණාත්මක මල් වගා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළි ගැනේ.


    image_b110eae8d1.jpg
    image_69bbed8c85.jpg

    image_3541bc80d2.jpg

    image_59c26524b5.jpg

    image_acfc35b1fa.jpg

    image_66f462be25.jpg

    image_84f9549edb.jpg

    ------ Post added on Aug 12, 2023 at 9:30 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113
    මේ නිසා ASMP පොකුරු ව්‍යාපෘති වැඩසටහන් හරහා මල් වගා කර්මාන්තයේ පරිමාව, ගුණාත්මකභාවය සේම විවිධාංගීකරණ වූ මල් නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට හැකියාවක් ලැබී තිබේ. විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීම ඔස්සේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම සඳහා දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් බවට මල් සහ මල් පැළ වගාව පත් කිරීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල ආරක්ෂිත ගෘහ හරහා කෘෂිකර්මාන්තයේ තාක්‍ෂණය පරිවර්තනය කරමින් මල් වගා සංගම් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) යටතේ ක්‍රියාත්මක වන පොකුරු ව්‍යාපෘතිවලට හැකියාවක් ලැබී ඇත.
    මෙම ව්‍යාපෘති හරහා මල් සහ මල් පැළ වගාකරුවන් වෙත මුල්‍ය ආධාර සැපයුම්කරුවන්, වගාකරුවන්, ප්‍රාථමික මල් සැකසුම් සහ අලෙවිකරණකරුවන් ලබා දී තිබේ. තවද කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙහි පටක රෝපණ පොකුරු ව්‍යාපෘති වැඩ සටහන හරහා ද මල් වගාකරුවන්ට ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය (ශාක) සැපයීමට කෘෂිකර්ම නවීකරණ ව්‍යාප්තියට හැකියාවක් ලැබිණ. ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති වැඩ සටහන හරහා මෙම කර්මාන්තයට හඳුන්වා දෙනු ලැබුවේ අරාක්ෂිත ගෘහ, දැල් නිවාස දේශගුණ පාලන උපකරණ සහ පූර්ණ ස්වයංක්‍රීය ඉසින වාරි පද්ධතියයි. විශේෂයෙන්ම ”‍මීදුම් ඒකක”‍ (Mist Unit) හඳුන්වාදීම හරහා ගොවීන්ට ඵලදායි ලෙස සහ ගුණාත්මක බවින් වැඩි දියුණු කරන ලද නමුත් ජලය ඉතාමත් සීමිත ආකාරයෙන් භාවිත වන මල් වගා කිරීමට මෙමගින් හැකියාවක් ලැබිණ. සනීපාරක්ෂාව, ගුණාත්මකභාවය සහ ගබඩා අවශ්‍යතා සඳහා මූලික පහසුකම් සේම විසිතුරු මල්-පත්‍ර සේදීම, වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම, අගය එකතු කිරීම සහ කැපූ මල් සේම පත්‍ර ඇසුරුම් කිරීම වැනි මූලික ප්‍රාථමික සැකසුම් කිරීමට ඉඩ සැලසෙන සැකසුම් මධ්‍යස්ථානයක් ද මෙම ව්‍යාපෘතිය හරහා දිවුලපිටියේ ඉදිකිරීමට පියවර ගැනිණ. එක් ගොවියකු වෙනුවෙන් පොකුරු වැඩ සටහන යටතේ සමස්ත ව්‍යාපෘති ආයෝජනයෙන් සියයට 50ක් දැල් නිවාස සහ ආරක්‍ෂිත ගෘහ ඉදිකිරීම සඳහ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙනු ලැබිණ. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල මල් වගාකරුවන්, ගොවීන් එකසිය විසි දෙනකු වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
    ASMP ව්‍යාපෘතිය යටතේ ලස්සන ෆ්ලොරා පෞද්ගලික සමාගම, බුලු‍ම්ස් ඇග්‍රී කල්චර් පෞද්ගලික සමාගම සහ කුමාරි පැළ තවාන යන මහා පරිමාණ විශාල ව්‍යාපෘති තුනට මුල්‍ය ආධාර ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධානතම නිෂ්පාදන වන්නේ රෝස මල්, ක්‍රිසන්තමම්, ජර්බෙරාස්, කැපූ පත්‍ර සහ විසිතුරු පැළ වර්ග වේ. ඔවුහූ දේශීය සේම අපනයන වෙළෙඳපොළේ ද සැලකිය යුතු කොටසකට හිමිකම් කියති. වර්තමානයේ විසිතුරු මල් සැරසිලි සහ පත්‍ර ආශ්‍රිත අලංකාර නිර්මාණ සඳහා විශාල ඉල්ලු‍මක් පවතී.
    මෙම ව්‍යාපෘතීන් හරහා කෘෂිකර්ම නිවිකරන ව්‍යාපෘතියට දේශීය වෙළදපොළට කැපී පෙනෙන දායකත්වයක් සැපයීමට හැකියාව ලැබුණු අතරම අපනයනය ඉලක්ක කර ගත් මල් නිෂ්පාදන ද මේ හරහා ඉහළ නැංවීමට හැකියාවක් ලැබිණ. අලු‍තින් නිෂ්පාදනය කරන ලද ඉහළ ඉල්ලු‍මක් ඇති ශාක සහ මල් ප්‍රභේද විදේශීය වෙළඳ පොළට හඳුන්වාදීම සහ දේශගුණ පාලන පද්ධති සහිත නවීන හරිතාගාරවල වගා කිරීම දේශීය වශයෙන් ආරම්භ කිරීම මේ වන විට සාර්ථකව සිදු කරනු ලැබ ඇත.
    තව ද මෙම විශාල ව්‍යාපෘති හරහා ඒ අනුව කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියයේ මුල්‍ය අනුග්‍රහය සහ ඍජු දායකත්වය යටතේ ලැබුණු දායකත්වය හේතුවෙන් පොහොර සැපයුම් පද්ධති සහ ස්වයංක්‍රීයකරණ පද්ධති හරහා එම ව්‍යාපාර සාර්ථක ලෙස නව තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලින්වලට පරිවර්තනය වී ඇත.

    තව ද මෙම ව්‍යාපෘතීන් හරහා රසායනික යෙදීම් අවම කරමින් නවීන උපකරණ භාවිතයෙන් පාංශු විෂබීජ හරණය කිරීම තවත් කැපී පෙනෙන තාක්ෂණික පරිවර්තනයක් වේ. ශීතාගාර පහසුකම් සහ හරිතාගාරවල ආලෝකය සඳහා සූර්ය බලය භාවිත කිරීමෙන් වැසි ජලය රැස් කිරීම සහ කාබනික නිෂ්පාදන භාවිතය අඩු කිරීම හරහා පරිසර හිතකාමී නවෝත්පාදන මෙම ව්‍යාපෘති මගින් ඇති විය. අධි ශීතකරණ ට්‍රක් රථ, ශීතාගාර සහ සුදුසු නවීන ඇසුරුම් භාවිතය මගින් වගාකරුවන්ගේ සහ ගොවීන්ගේ සිට අවසාන ගමනාන්තය දක්වා පසු අස්වනු පාඩු අවම කිරීමට හැකියාවක් ලැබිණ.
    නෙදර්ලන්ත අභිජනනය කරන්නන්ගේ විශේෂඥභාවය යටතේ දේශීය වගාකරුවන් විසින් හොඳ තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීම සහ කෘත්‍රිම ආලෝකකරණය මඟින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීමට හැකි වී ඇත. මෙම ආයෝජනවල මූලික අවධානය වැඩි වශයෙන් යොමු වූයේ රටට විදේශ විනිමය උපද වන විදේශ වෙළඳපොළ සඳහා නිෂ්පාදන සැපයීමයි. මෙම ව්‍යාපෘතීන් හරහා ඍජු රැකියා අවස්ථා 153 උත්පාදනය කිරීමටත් ඍජු ප්‍රතිලාභීන් 295 ක් බිහි කිරීමටත් වාර්ෂිකව රුපියල් මිලියන 3852 ක විදේශ විනිමයක් මේ රටට ගෙන ඒමටත් හැකියාව ලැබිණ.

    - https://www.lankadeepa.lk/business/ASMP-මල්-වගාවෙන්-විදෙස්-විනිමය-කෝටි-38ක්-උපයලා/9-618156
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113

    කෘෂි නවීකරණ වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි​

    August, 11, 2023


    කෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්
    කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
    කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳා ගැනීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, වැවිලි, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශ ඒකාබද්ධ කර පෞද්ගලික අංශය ද නියෝජනය වන පරිදි මෙම කාර්ය සාධක බලකාය ස්ථාපිත කරන බව ද සඳහන් කළේය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම” පිළිබඳ ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
    කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා අවශ්‍ය නම් පාර්ලිමේන්තු කමිටුවක් පත්කර ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.
    කෘෂිකර්මාන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය එක් අමාත්‍යාංශයකට හෝ ආයතනය කිහිපයකට පමණක් සීමා නොවන බවත් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද නිසි සම්බන්ධීකරණයකින් යුතුව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළයුතු බවත් සඳහන් කළේය.
    එමෙන්ම පැරණි ක්‍රමවේදවලින් බැහැරව වඩා සාර්ථක ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින් අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
    මෙතෙක් සිදු වූයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන නිකරුනේ වැය වීම පමණක් බවත් ඉන් රටට නිසි ප්‍රතිලාභයක් හිමිව නොමැති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නිසි කළමනාකරණයකින් යුතුව ඉදිරි කෘෂි සැලසුම් ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.
    වී සහ අනෙකුත් බෝගවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් කෘෂි සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමට උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් නවයෙහි පවතින සම්පත් ඒ සඳහා භාවිතයට ගැනීමටත්, එම සැලසුම් ක්‍රියාවට නැංවිමේ දී අදාළ අමාත්‍යාංශ, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල විශේෂඥ දැනුම ලබා ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.
    ඒ ඒ කන්නවලට ගැළපෙන වී වර්ග වගා කිරීම, අදාළ බෝග සඳහා විශේෂඥතාව ඇති ආයතනවලින් දැනුම ලබා ගැනීම, ගුණාත්මක බීජ වර්ග සපයා ගැනීම වැනි කටයුතු පිළිබඳ අවධානය යොමු කළයුතු බවත් රටපුරා පවතින ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සුළු පරිමාණ ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුනනේය.
    එසේම නවීන කෘෂි උපකරණ නිෂ්පාදනය කරන තායිලන්තය වැනි රටවල සහාය ලබා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද නිලධාරින්ට දැනුම් දුන්නේය.
    කෘෂි සංවර්ධන වැඩසටහන සඳහා පුද්ගලික අංශයේ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගැනීමෙන් වඩා ඉහළ ප්‍රතිලාභ සැලසෙනවා මෙන්ම එමගින් තිරසාර කෘෂිකර්මාන්තයක් රට තුළ ගොඩනැගීය හැකි බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ඉලක්ක සපුරාගත හැකි අන්දමින් මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවත්, විධිමත් ජල කළමනාකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කමත් පැහැදිළි කළේය.
    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් එක් එක් ප්‍රදේශයන්ට
    ආවේණික බෝග වගාවන් ග්‍රාමිය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ නව තාක්ෂණය පිළිබඳ ගොවිජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
    මෙම සාකච්ඡාවට එක් වූ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් විසින් මෙහිදී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබිණි.
    ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු රේඛීය අමාත්‍යාංශ රැසක ලේකම්වරු සහ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    - http://biz.adaderana.lk/කෘෂි-නවීකරණ-වැඩසටහන-වේගව/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,819
    29,044
    113

    අනුරාධපුර ගොවියා ආදායම වාර්තාව අලුත් කරයි​


    කතෘ මණ්ඩලය 2023 දෙසැම්බර් මස 18 බැලුවෝ - 815
    facebook sharing button

    twitter sharing button

    print sharing button

    reddit sharing button



    image_8d039e62d2.jpg

    (අංජුල මහික වීරරත්න)
    අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.
    මින් පෙර මිරිස් වගාවෙන් වැඩිම අස්වැන්නක් හා ආදායමක් ලද ගොවීන් දෙදෙනෙක් තිරප්පනේ හා යාපනයෙන් වාර්තා වූ අතර ඔවුන් රුපියල් ලක්ෂ 50ක් හා 60ක් වශයෙන් ආදායම් උපයා තිබූ බව අමාත්‍යාංශය පවසයි.
    පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා මේ වනවිට රුපියල් මිලියන 10 ඉක්මවූ ආදායමක් ලබා ඇති අතර ඔහුට දැනට මිරිස් සඳහා ඇති වෙළෙද පොළ මිල ගණන් අනුව අඩුම තරමින් රුපියල් මිලියන 13කවත් ආදායමක් ඉපයීමට හැකියාව තිබෙන බවත් ලබන ජනවාරි මස 14 තෙක් ඔහුට තම මිරිස් වගාවේ අස්වනු නෙලීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.
    කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මිරිස් වගාවේ නව තාක්ෂණය භාවිතා කරමින් බන්දුල මහතා පුලියන්කුළම ප්‍රදේශයේ අක්කර භාගයක මිරිස් වගාව ආරම්භ කර තිබේ.


    image_1e035f9c66.jpg



    - https://www.lankadeepa.lk/latest_news/අනුරාධපුර-ගොවියා-ආදායම-වාර්තාව-අලුත්-කරයි/1-644775


    ------ Post added on Feb 2, 2024 at 6:06 PM


    ------ Post added on Aug 13, 2025 at 10:35 AM