මම පෞද්ගලිකව විරුද්ධ දේවල්
- රාජ්‍ය - පුද්ගලික ප්‍රවාහනය ඒකාබද්ධ කරන එක.කල යුත්තේ රාජ්‍ය ප්‍රවාහනය ශක්තිමත් කරන එක .
- ඉන්දියන් වෙළදපොලක් ලංකාවේ හදන එක.( මේවා නම් ඇතුලින් ගහපු ගිවිසුම්)
- චීනයේ කොලනියක් කරනවා කියලා කැගහපු එවුන් දැන් විදේශිකයන්ට අපේ රටේ ඉඩම් ගන්න නීති රීති ලිහිල් කරපු එකට.
- ද්විත්ව පුරවැසිභාවය.( විශේෂයෙන්ම සරණාගතයින් ලෙස ගියපු දෙමල ජාතිකයන්ට සහ රට පාවා දීලා ගියපු අයට)
- දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි කරනවට ..දැනටමත් ගෙවන මුදලට සරිලන සේවාවක් ලැබෙන්නේ නෑ
- වාහන බදු සාධාරණ නොවීම..පරිසර හිතකාමී ඉලෙක්ට්‍රිකල් වාහන බදු වැඩි කරලා ඉන්දියන් ඇල්ටෝ බදු ලොකු වෙනසක් නොවීම.(වාහන භාවිතය පාලනය කරන්න නම් එහෙම කලේ ඇයි ..ලංකාවේ පාරේ වැඩියෙන්ම තියෙන්නේ ඇල්ටෝ ..ත්‍රිවිල් ..)
- වාහන සදහා තියෙන අනිත් ගාතු වැඩි කිරීම් අසාධාරණ වීම ..කොටිපතියටත් , අමාරුවෙන් වහනයක් තියාගෙන ඉන්න මධ්‍යම පන්තිකයටත් එකම ක්‍රමය වහනය කුමක් වුවත් )
මාත් චන්දය දුන්නේ UNP එකට ..මොකද මහින්දගේ සහ හෙන්චයින්ගේ දේවල් ඉවසන්න බැරි නිසා..එත් මෙහෙම රට නැති කරලා වැඩ කරන එක අනුමත කරන්න බැ ..පුද්ගලික අංශය සම්බන්ධ කරගන්න ඕනි ..එත් හැම එකටම නෙවෙයි ..අපේ රටේ පුද්ගලික අංශය කියන්නේ සාපේක්ෂව වෙන රටවල වගේ මිනිස්සු ගැන හිතන පාර්ශවයක් නෙවෙයි ...එක නිසා වෙන රටවල වැඩසටහන් හැම එකක්ම අපිට හරියන්නේ නෑ .අපේ රට සිංගප්පුරුවක් කරන්න බැ අපේ රටේ දුප්පත් බව නැති කරනකන්...මිනිසුන්ගේ අදහස් වෙනස් කරනකන් .....
..ජන්දෙට කලින් වාහන සහ වෙනත් දේවල් ගැන ගොඩාක් බලාපොරොත්තු දීලා ලොකු අලෙවිකරණ සැලැස්මක් දියත් කරලා මිනිසුන්ගේ හීන ප්‍රයෝජනයට අරගෙන බලයට අවා ...අද වෙලා තියෙන දේ ගැන සිරාවටම දුකයි බන් ....ඒ මදිවට අයවැයට කලින් මුන් ඇඩ් දැම්ම OPEN සහ CLOSED කියලා ..වෙනස්ව හිතන්න කියලා ...මට තියෙන එකම කලකිරීම රටේ රාජ්‍ය සම්පත අකාර්යක්ෂම කරලා ,නැති කරලා මුළු රටම පුද්ගලික අංශයේ ග්‍රහණයට ලක් කරන මේ වගේ ආණ්ඩුවක් ගැන මම අද දුක් වෙනවා ...මහින්ද සහ හොරු ටික මිනිසුන්ගේ සල්ලි හොරා කෑවා ..උන් පෝසත් උනා ..එත් කවදාවත් රට මෙහෙම විකුණගෙන කාවේ නෑ ...ගිය රජයෙන් මට ලැබුන දෙයක් නෑ..අඩුමගානේ මගේ සුදුසුකම් වලට මම තේරුණ ජොබ් එක දෙන්න බැරි උනා ..එත් මට වඩා අඩු එවුන්ට දේශපාලකයාගේ ලියුමට ජොබ් එක ලැබුනා ....එහෙම රජයක් තිබුනේ ....එත් ඒ රජය පුද්ගලික අංශයට නැමෙන්න ගියේ නෑ ..උන්ට ඕනි විධිහට රට නැටෙවුවේ නෑ.......රනිල් බලයට ගෙනාපු ගොඩක් සංවිධාන වලට පටු හැංගුන අරමුණු තිබුනා ..ඒවා තමයි මේ එලියට එන්නේ ..