යහ පාලනයක අරුමය?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    යහ පාලනයක අරුමය?

    මහින්දගේ පාලන කාලය තුල මර්වින් සිල්වා පිස්සු නටපු හැටි රටේ ජනතාව පිළිකුලෙන් බලාගෙන හිටිය. මහින්ද පරදින්න එක ප්‍රදාන හේතුවක් මෙර්වින් සිල්වා ඇතුළු සමහර දේශපාලකයන්ගේ හැසිරීම. රටේ ජනතාව ඒ පාලනය ප්‍රතික්‍ෂ්ප කරලා "යහ පාලනය" වෙනුවෙන් පෙනී සිටිය. විදායක ජනපති දුරය slfp එකට තිබිල මෙහෙම පිස්සු නටනවානම් රටේ සම්පුර්ණය බලය unp ආණ්ඩුවකට අවොත් කොහොමට තියේවිද? පාලිත තෙවරප්පෙරුම, පලිත් රංගේ බණ්ඩාර, one ෂොට් තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන් වේවි.

    copyright: lakbima newspaper

    එක්සත් ජාතික පක්ෂය මඟින් අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩිදැමීයැයි පවසා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාරට අගලවත්ත නගරයේදී පහර දුන්නේය.එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායමක් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද(19) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.




     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!

    හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
    එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
    කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
    යහපාලනය....
     
    • Like
    Reactions: funkyguy89

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මේ සිරිසේන?????????????? සිරිසේන????????????? කෝ??????????:lol::lol::lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    raniltath pihiyen aninna giya ekane...mathakane aluthgama siddiyedi mu katha karapu widiya
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් පුහුලට අත තියන්නෙ මහ මැතිවැණයෙන් පස්සෙ ජෙවිපි ලබ්බටත් තියයි:lol:
    ඔකට තම්යි යහාපලනය කියන්නෙ
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    යූඇන්පී චන්ඩි නැවතත් අවදි වෙති

    එක්සත් ජාතික පක්ෂයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා බුලත්සිංහල ආසන සංවිධායක පාලිත තෙවරප්පෙරුම අගලවත්ත නගරයේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ආකාරය හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දනගස්වන ආකාරය මෙම වීඩියෝවෙන් නිරූපණය වේ.

    පාලිත තෙවරප්පෙරුම යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු නො හික්මුණු පුද්ගලයෙකි. මතුගම එක්සත් ජාතික පාක්ෂිකයෝ 2010 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට පත් කළේ නිති විරෝධී ගිනි අවි සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියදී ය. ඔහුට දුන් ඡන්ද එවකට පැවති මර්දනකාරී පාලනයට විරෝධය පළ කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සැලකිය හැකි ය. එවකට ඔහු මහින්ද සමරසිංහ වැනි ආණ්ඩුවේ බලවතුන් සමග ගැටෙමින් සිටියේ ය.

    ඒ කාලයේත් ඔහු නොහික්මුණු චන්ඩියෙකි. ගෙවුණු පස් වසර තුළ ද ඔහු වෙනස් වී නැති බව මෙම සිද්ධියෙන් පෙනේ.

    පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ පවා රාජ්‍ය බලයට යට වී මීයකු සේ සිටි ඔහු තමන්ගේ පක්ෂයට ලැබුණු රාජ්‍ය බලයත් සමග උමතු වී ඇති බවක් පෙනේ.

    ඔහු තරම් නො හික්මුණු වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කලුතර දිස්ත්‍රික්කයේ තවත් නැත.

    ඔහු එඩිතර පුද්ගලයකු බව සැබෑ ය. ගිය අවුරුද්දේ මුස්ලිම් ජනතාවට එරෙහි ජාතිවාදී කෝලාහලවලදී ඔහු නිර්භීත ලෙස පීඩාවට පත් මිනිසුන්ගේ රැකවරණය වෙනුවෙන්‍ අරගල කළේ ය. එහෙත්, ඔහුගේ නො හික්මුණුභාවය නිසා ඔහු හැසිරෙන්නේ ශිෂ්ට සමාජයකට ගැලපෙන ආකාරයෙන් නො වේ. ඔහු වැනි හිත හොඳ, මෝඩ චන්ඩි යහපත් මහජන නියෝජිතයන් බවට පත් කළ හැකි නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයට නැද්ද?

    ඔහු එක්තරා ආකාරයකට එක්සත් ජාතික පක්ෂයේ ගතානුගතික ප්‍රවණතාවක් නියෝජනය කරන්නෙකි. ඒ වනාහි එක්සත් ජාතික පක්ෂයේ පැරණි උරුමයක් වූ මැරවරකමයි.

    අපි 2015දී බලයට පත් කළේ වෙනස් එක්සත් ජාතික පක්ෂයක් ද? පාලිත තෙවරප්පෙරුම වැනි නො හික්මුණු පුද්ගලයන් පුනරුත්ථාපනය කර සමාජගත කරන්නට එක්සත් ජාතික පක්ෂයට හැකි වේ ද?

    -w3lanka-
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    raniltath pihiyen aninna giya ekane...mathakane aluthgama siddiyedi mu katha karapu widiya

    :yes::yes::yes:
    ඉතින් රනිල් ඔය වගේ කට්ටියට විරුද්දව තීරණයක් ගන්නේ නැතිනම් රනිල් ගෙන් මිනිස්සු බලාපොරොත්තු වන යහ පාලනයක් තියෙනවද? ඒ වෙලාවේම දඩුවමක් දුන්න නම් ඔය ප්‍රසන නැහැ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා නම් මහා කාලකන්නි වැඩ. මෙච්චර වෙනසක් පතාගෙන් මිනිස්සු වැඩකරනවා. මු වගේ උන්ව ඊලග චන්දෙන් එලවන්න තියෙන්නේ. කිසිම වැදගත් කමක් නැති මැරයෝ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!

    හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
    එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
    කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
    යහපාලනය....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉගුරු දීල මිරිස් ගත්ත වගේද මන්ද?

    කොහොමත් එතං වැඩි හරියක් unp කරයිඕ නේ මචං. මහින්දගේ ආණ්ඩුවේ ලොකු ලොකු ඇමතිකම් දැරුවේ. පිදුම වෙන්න් දෙයක් නැහැ. ඒ කලේ උන් මැරවැඩ කළා. දැන් unp කාරයෝ කරනවා. ඒ අස්සේ සුජීව සේනසිංහ වගේ වැදගත් උනුත් ඉන්නව
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    05.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කොහොමත් එතං වැඩි හරියක් unp කරයිඕ නේ මචං. මහින්දගේ ආණ්ඩුවේ ලොකු ලොකු ඇමතිකම් දැරුවේ. පිදුම වෙන්න් දෙයක් නැහැ. ඒ කලේ උන් මැරවැඩ කළා. දැන් unp කාරයෝ කරනවා. ඒ අස්සේ සුජීව සේනසිංහ වගේ වැදගත් උනුත් ඉන්නව

    එක ඇත්ත. ආණ්ඩුව විපක්ෂ දෙකේම මැර බලය පාවිච්චි කරන පජාත දේශපාලුවෝ ඉන්නවා. ඔවුන්ට විර්රුදව විනය/ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතයි. මේ වගේ දෙයක් උනාම, පක්ෂ සාමාජිකත්වය කෙටි කාලයකට අහරි තහනම් කල යුතයි. මහින ඕව නොකර මැරයන් ආරක්ෂා කල නිසා තමයි ඔහොම උනේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැනට පවතින ක්‍රමය අප කිසි සේත් බලාපොරොත්තු නොවුනෙමි.අප හංසයාට කතිරය ගැසීමෙන් බලාපොරොත්තු වූයේ මෙය නොවේ.වඩා යහපත් රටක්, ප්‍රජාත්‍රන්තවාදය නීතිය ස්වාධීන අධිකරණ පද්දතියක් ස්වාධීන පොලිස් අල්ලස් කොමිසම් පිහිටුවාලීමෙන් රටේ යහපාලනය බලාපොරොත්තු උනෙමි... නිතර රූපවාහිනියේ මධ්‍යය සංදර්ශන පමණක් දක්නට ලැබේ. අරෙහෙන් ඇල්ලුවා... මෙහෙන් ඇල්ලුවා.. මෙහෙන් යුධ අවි.. ඔරලෝසු.. සුපිරි මෝටර් රථ.... ඒත් අද වෙන තුරු එකඳු වැරදි කරුවෙකු අතඩංගුවට පත්ව නැත.සියල්ල ඉහළින් ලැබෙන නියෝග යටතේ යට ගැසෙන බවක් දැනේ...

    වංචකාරී රාජ්‍යය ආයතිනික සභහපතිවරුන් මෙම ආණ්ඩුව සමගද අලුත් ටයි කෝට් හැඳ රිසිසේ වැඩ කරති... අප නව ආණ්ඩුවෙන් බලාපොරොත්තුවූයේ මෙය නොවේ... මෙම ක්‍රමය තව දුරටත් ඉදිරියට ගමන් ගන්නේ නම් අපට නව ආණ්ඩුවට කීමට කීමට ඇත්තේ "අබ සරණයි" යනුවෙනි..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    They will get rejected by the people, if they are not adhered to the 100 days plan, sure.
    Keep calm and watch.

    මිනිස්සු reject කරනකම් බලන් ඉන්න හොද නැහැ. ආණ්ඩුව මේගොල්ලෝ රකිනව නම් සමහර මිනිස්සු කල්පනා කරනවා, කමක් නැහැ මේපාරත් චන්දෙ දෙනවා කියල, ආණ්ඩුවට හොද නම් අපිට නරක මොකද කියල.