මම එකගයි මේ අදහස් වලට.![]()
ඔය පොල් පටවන එකට විසදුම හිතනතරම් ලේසි නෑ. දැං බලන්න අර්ධ සුඛෝපභෝගී ඒව දිහා. High back සීට් දාල curtains දාල සාමාන්‍ය ගාස්තුව වගේ 1.5 ක් අයකරලනෙ දුවන්නෙ. හරිනම් සීට් ගානට විතරයි නග්ගගන්න පුළුවන්. එහෙම යන බස් කීයක් තියනවද? සාමාන්‍ය එකෙයි අර්ධ එකෙයි වෙනසකට තියෙන්නෙ ගාන විතරයි. ගමන යන්නෙත් කොට කොටා. ඔවයෙ තියන පහසුකම් තියන සාමාන්‍ය බස් ඕනැ තරම් තියනව.
AC බස් ගැන කතා කරල වැඩක් නෑ. හොද සුදු shirt එකක් ඇදගෙන ගිහින් බලන්නකො බහිනකොට මොනතරම් කුණු ගෑවිලා තියනවද කියල. මමනං හිතන විදිහට මේවට වැරදිකාරයො බස් මගීන්ම තමයි. වැරැද්දක් දැක්ක තැන කර බාගෙන කටපියාගෙන ඉන්නෙ නැතිව කතා කරන්න ඕනෙ. මොකද අපි දුක් මහන්සිවෙලා හම්බ කරගත්තු සල්ලි ටික දීලනෙ ඔය බස් වල යන්නෙ.
අන්තිමට කියන්න තියෙන්නෙ වගකිවයුතු තැන්වල දූෂිත නිලධාරීන් ඉන්නකං මොනතරම් නීති රීති හැදුවත් වැඩක් නෑ.