බස් මගීන්ට කල්තියා බස් රථ ගමන් ගන්නා වේලාවන් පිිළිබද තොරතුරු දැන ගැනීමට හැකි ජංගම දුරකතන යෙදවුමක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද හඳුන්වා දුන්නා.
‘‘මයි බස් ඩොට් එස් එල්’’ නම් මෙම ජංගම දුරකතන යෙදවුම හරහා මගී ජනතාවට බස් රථ ගමන් පිළිබද සියලූ තොරතුරු දැන ගත හැකියි.
එමෙන්ම මෙම දුරකතන යෙදවුම හරහා ලංගම සහ පෞද්ගලික බස් රථ ගමන් වාරයන් පිළිබද තොරතුරු දැනගත හැකි වනවා. ඇතැම් පෞද්ගලික බස් රථ මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා සිදුවන අනතුරු ද වළක්වා ගැනීම සඳහාත් මගී ජනතාවගේ කාලය කළමනාකරණය සඳහාත් මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දි තිබෙනවා.
ඒ අනුවයි මෙම ජංගම දුරකතන යෙදවුම සැකසීමට පියවර ගැනුනේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ කළමනාකරණ සහකාරවරයෙකු මෙන්ම උපාධිධාරියෙකු වන නුවන් සෙනෙවිරත්න විසිින් මෙම ජංගම දුරකතන යෙදවුම නිර්මාණය කර තිබෙනවා.
මෙම කොමිෂන් සභාවේ කිසිදු මුදලක් වැය නොකරම මෙම ජංගම දුරකතන යෙදවුම නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
ඇතැම් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට බස් රථය පැමිණෙන්නේද? නැද්ද යන්නත්, තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ වනවිටත් පවතින ස්ථානයත් මෙම ජංගම දුරකතන යෙදවුම හරහා ලබා ගත හැකියි.
App: Google play store link
source: http://nethnews.lk/article/78499